Skip to main content

බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය අහිමි කරමින් "කිරි කළයට ගොම මුසු කරන" වරාය පනතේ 52, 53 සහ 73 වගන්ති සහ ඇමෙරිකන් කොරිඩෝව වෙනුවට පෙරදිග නිරාගමිකපුරයක් තැනීම හෙවත් "ඉඟුරු දී මිරිස් ගැනීමෙන්" "කබළෙන් ලිපට වැටෙන" සිංහලයන්/ ස්වදේශිකයන්....!

බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය අහිමි කරමින් "කිරි කළයට ගොම මුසු කරන" වරාය පනතේ 52, 53 සහ 73 වගන්ති සහ ඇමෙරිකන් කොරිඩෝව වෙනුවට පෙරදිග නිරාගමිකපුරයක් තැනීම හෙවත් "ඉඟුරු දී මිරිස් ගැනීමෙන්" "කබළෙන් ලිපට වැටෙන" සිංහලයන්/ ස්වදේශිකයන්....! ( අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතිඥ, සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන)
ශ්‍රී ලංකාව පෙරදිග රටකි. පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැදින්වූයේ වැව සහ දාගැබ මුල් කරගත් වාරි සංස්කෘතියකින් ස්වදේශීය ජනතාව දිනවීමට එදා රජවරුත්, පාලකයන්ද උත්සාහ ගත් හෙයිනි. ඩී. එස්. සේනානායක, සිරිමා බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන වැනි මෑත අතීතයේ පාලකයෝ කෘෂිකර්මය සහ දේශීය නිෂ්පාදන මුල් කරගත් ආර්ථික සංවර්ධනයක් පිළිබද අවධානය යොමු කළේය. ඒ සදහා ඔවුන් ගොවි ජනපද මෙන්ම මහවැලි ව්‍යාපාරය වැනි කෘෂිකර්මික නගර බිහි කිරීමට උත්සාහ කළේය. එසේ වුවත් මැකෝලි සාමිගේ මගපෙන්වීම යටතේ මෙරට පුරවැසියන්ගේ අධ්‍යාපනය දේශීය නිෂ්පාදන සදහා නොව විදේශීය සේවා සපයන ආයතනවල සේවකයන් වීමට දිශානති කරවූයේය. දේශීය දැනුම පිටමන් කළේය. දේශීය දැනුම විදේශීය දැනුමෙන් මකා දැම්මේය. එහි ප්‍රතිඵලය වූයේ උගතුන් විදේශීය සේවා ආයතන කම්කරුවන් ලෙස පිටරට යාමය. ඉංජිනේරුවන් වේව, වෛද්‍යවරුන් වේවා, විද්‍යාඥයන් වේවා ඔවුන් පිටරට ගියේ එහි ආයතනවල කම්කරුවන් වී සේවය සැපයීමට මිස එම ආයතනවල අයිතිකරුවන් වීමට නොවේ. මෙය තේරුම් ගත් ඇතැම් උගතුන් එහි අසාර්ථක බව දැන නැවත රටට ආවේය. පිටරටකට ගොස් විදේශිකයන්ට සේවය සපයන අයට වරාය නගරය විදේශිකයන්ට දීමට සතුටින් සිටී. ඒ අන් දෙයක් නිසා නොව ඔවුන්ගේ හාම්පුතුන් වරාය නගරයට පැමිණි පසු එයට සේවා මාරුවීමක් ලැබීමට හැකි හෙයිනි. මැදපෙරදිග හෝ බටහිර හෝ රටක සේවය කරන ලාංකිකයන් වරාය නගරයේ බිහිවන කම්කරු රැකියා ලබා ගත්විට නව රැකියා බිහිවන්නේ කෙසේද යන්න පිළිබද සොයා බැලීමක් කර නැත. කෝවිඩ් 19 සෞඛ්‍ය ගැටලුව හමුවේ විදේශීයන්ගේ රැකියා පවා අවදානමේ තිබියදී විදේශීය රැකියා නොලැබී යාමේ අවධානමක් ඇති වී ඇත. එවන් අවස්ථාවක වරාය නගරයේ බිහිවන කම්කරු රැකියාවන්ද දැනටමත් විදෙස්වල රැකියා කරන අය විසින් බෙදා ගැනීම රටට එන විදේශ විනිමයේ වර්ධනයකට හේතු නොවේ. වරාය නගරයේ සරුංගල් ඇරිය නොහැකිය. ඒත් සමගම මතක තබා ගත යුත්තේ රටේ කුඹුරුත් වැවත් සරුංගල් යැවීමට ‍යොදා ගත යුතු නැති බවයි. වරාය නගරය මුල් කර ගනිමින්,නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට සේවා ආර්ථිකයකට මාරු වන විට ස්වදේශීය ජනතාව කබලෙන් ලිපට වැටේ. ඇමෙරිකා කොරිඩෝව වෙනුවට වරාය නගර පැනත පැමිණීම ඉඟුරු දී මිරිස් ගැනීමක් වන්නේ එහෙයිනි. විදේශයන්වල සිට ලාංකිකයන්ගේ මොළ සේදීම වන්නේ ඔවුන්ගේ නියෝජිතයන් විවිධ සංවිධාන තනාගෙන ක්‍රියා කිරීමෙනි. විදේශයන් වල සිටින මෙරට කම්කරුවන්ගේ මෙරට නියෝජිතයන් ක්‍රියා කරන්නේ හාම්පුතුන්ගේ අරමුණු වෙනුවෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී ඇත. එය රැක ගත යුත්තේ නිරාගමිකයන්ගෙන් පමණක් නොවේ. "ආගම" අද වන විට යල් පැන ගිය තත්ත්වයක් බව කියන ප්‍රවණතාවයක් මතු වී ඇත. සියල්ල වෙනස් වන බව සත්‍යයකි. ඒ අනුව "ආගම" සහ "ජාතිය" ද වෙනස් විය යුතු බවට කෙනෙකුට තර්ක කළ හැකිය. අත්තක වාඩිගෙන අත්ත කැපීමත් ඒ සමගම අප සිහි කළ යුතුය. ආගමක් නැති, ජාතියක් නැති සමාජයක හෙට දවස කුමක් වෙයිද? එය වනචාරී සමාජයක් විය නොහැකිය. ඒත් වහල් සමාජයක් විය හැකිය? අතීතයේ මිනිසාව ශිෂ්ට කිරීමට ආගම උදව් වූ බවත්, මිනිසාගේ හර පද්ධතිය දියුණු වී සංස්කෘතික සමාජයක් බිහි වූයේ ආගම සහ ජාතිය නිසා බවත් අදහසක් ඇත. යම් රටක බහුතරය අභිබවා සුලුතරයට නැගී සිටිය හැක්කේ ප්‍රචණ්ඩත්වය මුදා හැරීමෙන් සහ නීති පැනවීමෙන් පමණි. එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි වුවත් බහුතරයේ චින්තනය නීතියකින් වෙනස් කළ හැකිය. ඉහත කරුණු කියන්නට යෙදුනේ ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව මේ වන විට විදිමින් සිටින "ආගම" සහ "ජාතිය" අහිමිවීම පිළිබද අභියෝගය පැහැදිලි කිරීමට ය. මෙම ලිපිය ලියවෙන්නේ බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය අහිමි කරමින් "කිරි කළයට ගොම මුසු කරන වරාය පනතේ 52, 53 සහ 73 වගන්ති සහ ඇමෙරිකන් කොරිඩෝව වෙනුවට පෙරදිග සල්ලාලපුරයක් තැනීම හෙවත් ඉඟුරු දී මිරිස් ගැනීමෙන් කබළෙන් ලිපට වැටෙන සිංහලයන්....! යන මාතෘකාව යටතේ හෙයින් "ආගම" පිළිබදව සාකච්ඡා කර ඇත. 1815 උඩරට ගිවිසුමේ 5 වන වගන්තිය මගින් බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනමන නීතිය බ්‍රිතාන්‍යයන්ද පිළිගත්තේය. එය එදා රටේ බහුතරයගේ අදහසයි. එසේ වුවත් 1948 නිදහස හිමිවන අවස්ථාවේ හදුන්වා දුන් සෝල්බරි ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනමා තිබුණේ නැත. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවේ 6 වන වගන්තිය මගින් නැවත බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනමා තිබූ අතර, 1978 දෙවන ජනරජ ව්‍යවස්ථවේ 9 වන ව්‍යවස්ථා මගින් එය තවත් ශක්තිමත් කර තිබුණි. නිරාගමිකයන් බුද්ධාගමට ප්‍රමුඛත්වය දීමට සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ රජයේ වගකීම දැරීමට තදින්ම විරුද්ධය. නිරාගමිකයන් පිරිස සුලුතරයක් හෙයින් ඔවුන්ගේ අදහස් ක්‍රියාත්මක කර ගත හැක්කේ මෙම ලිපිය ආරම්භයේ පෙන්වා දුන් ප්‍රචණ්ඩත්වය මුදාහැරීමෙන් හෝ නීතිමය යාන්ත්‍රණය මගින් පමණක් ඔවුන් දනී. උප්පැන්නයෙන් "ජාතිය" ඉවත් කිරීමට ඔවුන් නීති පැනවීමට ක්‍රියා කරන්නේ එහෙයිනි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනමා ඇති 9 වන ව්‍යවස්ථාව ඉවත් කර ගැනීමත් නිරාගමිකයන්ගේ අරමුණකි. ඒ සදහා ඔවුන් නීති පනවා ගන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව සෘජුවම සංශෝධනය කිරීමෙන් නොවේ. 9 වන ව්‍යවස්ථාවේ බලය අහිමි වන නීති පනවා ගැනීමෙනි. ඒ සදහා හොදම උදාහරණය 2021 අප්‍රේල් 08 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතයි. ජනතාවගේ අධිකරණ භාෂා බලය අහිමි කිරීමටද මෙවැනිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2021.12.30 දින අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් සිදු කර ගත්තේය. ඒ නීති අධ්‍යාපනය සහ නීති විභාග අධිකරණ භාෂාවෙන් පැවැත්වීම අහිමි කරන නීති පැනවීමෙනි. අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම අහිමි කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 සහ 24 වන ව්‍යවස්ථාවල ක්‍රියාකාරීත්වය බල රහිත කරවීමට අගවිනිසුරු, නීතිපති, අධිකරණ ඇමති ඇතුලු අය උපක්‍රමශීලීව ක්‍රියා කළේය. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත මගින් බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය බරපතල ලෙස බිදවට්ටවා ඇත්තේ එහි 52, 53 සහ 73 වන වගන්ති මගින් අපචාර සහ දුරාචාර කළාපයක් කොළඹ වරාය නගරයේ පිහිටුවීමට නීති පැනවීමෙනි. "එක රටක්-නීති දෙකක්" යන්න කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත පනතේ තේමාවකි. එනම් රටේ එක් කොටසකට සුරාබදු, ඔට්ටු ඇල්ලීම, කැසිනෝ සදහා නීතියක් ඇත. ඒත් රටේ තවත් පැත්තක එනම් කොළඹ වරාය නගරය කළාපයේ ඒ සදහා නීතියක් නැත. එහි නීතිමය අදහස වන්නේ රටේ එක් කොටසක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ බලපෑම ඇති අතර, කොළඹ වරාය නගරය කොටසේ ඒ බලපෑම අහිමිය යන්නය. ආගමික සදාචාරය වෙනුවට ජාත්‍යන්තර දුරාචාර කොළඹ වරය නගර කළාපයේ මුල් බැස ඇති බවයි. මෙය 9වන ව්‍යවස්ථාවේ බලපෑම බෙදා දැමීමකි. බිද දැමීමකි. පෝට් සිටි කලාපයට 9 වන ව්‍යවස්ථාවේ බලපෑම අහිමි කිරීමකි. ඒ අනුව 9වන ව්‍යවස්ථාව සමග කියවන විට කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතේ 52, 53 සහ 73 වගන්ති සදහා ජනමතවිචාරණයක අවශ්‍යතාවය ඇති වේ. ඒ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතේ 52, 53 සහ 73 වගන්ති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සළකා බලන විටය. ඒ අනුව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතේ 52, 53 සහ 73 වගන්ති නීතියක් වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව අනුව ක්‍රියා කිරීමට සිදුවේ. එනම් ජනමතවිචාරණයක අවශ්‍යතාවය ඇති වේ. පසුගියදා නාරාහේන්පිට අභයාරාමයේදී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සහ බැසිල් රාජපක්ෂ මහතාව නෛතිකව සහ දේශපාලනික ලෙස දරුණු ලෙස විවේචනය කළේය. ඔහු එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කළ විවේචන වලින් නීතිමය විවේචන සියල්ලම ගත්තත් ඒවා පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත කළ හැකි විවේචන බව පෙනේ. ඔහු මෙන්ම කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතට පක්ෂ අයත්, නිරාගමිකයන් ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව සහ පෝට් සිටි පනත සම්බන්ධව කතා කිරීමට කැමති නැති බව පැහැදිලිවම පෙනෙන්නට ඇත. ඒ යම් යටි අරමුණක් වෙනුවෙන්ද? සුරාව, කැසිනෝ, ඔට්ටු ඇතුලු වෙනත් බෞද්ධ විරෝධය පැන නගින ව්‍යාපාර කොළඹ වරාය නගර භූමියේ පිහිටුවීමේ නිරාගමික ප්‍රතිපත්ති මත පිහිටාද යන්න පැවසීමට තවම කල් වැඩිය. පෝට් සිටි පනතෙන් බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය අහිමි වන බව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අභයාරාමයේදී කීවේ නැත. ඉදිරියේදී කියාවිද කියා පැහැදිලි ද නැත.ඒ ඔහුගේ අවශ්‍යතාවය පෝට් සිටි පනත 2/3 මිස ජනමතවිචාරණයක් දක්වා නොයාමට බව කිසිවෙකු කීවොත් එයටද නෛතික පදනමක් තිබේ. එමෙන්ම කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත කර ගැනීම එකී පනතට පක්ෂ අයගේ අපේක්ෂාව වන අතර ඔවුන් කිසිවිට ජනමතවිචාරණයකට යාමට අදහස් නොකරයි. එවන් තත්ත්වකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතට සම්බන්ධ කිරීමට ඔවුන් කෙසේවත් කැමති වන්නේ නැත. බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය රකිනවාට වඩා ඔවුන්ගේ අනාගත කම්කරු සිහින ඉටු කර ගැනීමේ සිහින ඇත. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙන්ම ඇතැම් විශාරදයන් සගවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ බලපෑම පිළිබද භික්ෂූන් වහසේලා සහ ජනතාව අවබෝධයක් ලබා ගැනීම සුදුසු ය. තිරසර සංවර්ධනය මෙන්ම පංචශීල ප්‍රතිපත්තිය කොළඹ වරාය නගර කළාපයේ නැති බව පනතේ 52, 53 සහ 73 වගන්ති සැළකීමේදී පැහැදිලි වේ. වැව සහ දා ගැබ සමග බැදුණු රටේ ඉතිහාසය සහ තිරසර සංවර්ධනය අසංවර , අබෞද්ධ සංස්කෘතියක්, බටහිර සංස්කෘතියත් මගින් ආවරණය කිරීමත්, පෙරදිග ධාර්මික, කෘෂිකර්මක සහ ස්ව්‍යංපෝෂිත දිවි පැවැත්ම බටහිර සේවා සංස්කෘතිය සහ කැසිනෝ, ඔට්ටු, සුරාව මගින් අභිබවා යාමත් කොළඹ වරය නගරයේ සිදු වේ. කොළඹ වරාය නගර පනත 9වන ව්‍යවස්ථාව අතහැර ජනමතවිචාරණයකට නොගොස් 2/3 න් පමණක් සම්මත කරවීම සදහා බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය අහිමි කිරීම ගැන විශාරදයන් කතා නොකිරීම රටට සහ බුද්ධ ශාසනයේ පැවැත්මට හිතකර නොවේ. බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය අහිමි කරමින් කිරි කළයට ගොම මුසු කරන වරාය පනතේ 52, 53 සහ 73 වගන්ති සහ ඇමෙරිකන් කොරිඩෝව වෙනුවට පෙරදිග සල්ලාලපුරයක් තැනීම හෙවත් ඉඟුරු දී මිරිස් ගැනීමෙන් කබළෙන් ලිපට වැටෙන සිංහලයන්ගේ/ ස්වදේශිකයන්ගේ අනාගතය අදුරු වීම වැළැක්විය නොහැකිය. කොළඹ වරාය නගර කොමිසමෙන් බුද්ධාගමට ප්‍රමුඛත්වය අහෝසියි. බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්ට දැනුම් දේ... https://m.youtube.com/watch?v=FtY3ChrGtqw

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය