19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුකර ඇති වැරදි ගැන නීතීඥ සංගමය නිහඬද? 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුකර ඇති වැරදි ගැන නීතීඥ සංගමය නිහඬද? 1. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2002 සැප්තැම්බර් 19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට උත්සාහ කළ අතර, එයට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7ක් විසින් SC/SD/11/2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දී එම සංශෝධනය ජනමතවිචාරණයක් මගින් නීතියක් විය යුතු බවට තීරණය වීමෙන් එකී සංශෝධනය 2002 දී ක්‍රියාත්මක නොවීය. 2. නැවත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් 2015 මාර්තු 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතර අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඇතුලු තවත් ව්‍යවස්ථා කිහිපයක් සංශෝධනය කිරීමට එමගින් අපේක්ෂා කළ අතර, එයට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 3ක් විසින් SC/SD/04/2015 ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව එකී සංශෝධනය ජනමතවිචාරණයක් නොපවත්වා නීතියක් විය. 3. 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුවී ඇති වැරදි නිවැරදි කර ගැ...