Skip to main content

Posts

Showing posts from May, 2024

අධිකරණ බලයේ හිමිකරුවන් වන ජනතාව සහ පාර්ලිමේන්තුව අතර ගැටුම් ඇතිකරන්නේ විනිසුරු රාජ්‍යයක් වෙනුවෙන්ද?

අන්තර්ජාල නීති වැඩසටහන (2024 ජූනි 27 බ්‍රහස්පතින්දා) අධිකරණ බලයේ හිමිකරුවන් වන ජනතාව සහ පාර්ලිමේන්තුව අතර ගැටුම් ඇතිකරන්නේ විනිසුරු රාජ්‍යයක් වෙනුවෙන්ද? (සාධාරණ නඩු විභාග අහිමිකර ඇති 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනතේ 15 වන වගන්තියද ඇසුරෙන්) ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නීති විද්‍යාලය සහ අධිකරණ ඇමති නියෝජිතයන් ඉන්නා සංස්ථාගත නීති අධ්‍යාපන සභාව සහාය දෙනවාද? නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (අන්තර්ජාල නීති සබැඳිය සඳහා විමසන්න)

මන්ත්‍රී ධූරය අහිමි කළ ඩයනාගේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සිංහලෙන් කියවන්න නැද්ද?

මන්ත්‍රී ධූරය අහිමි කළ ඩයනාගේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සිංහලෙන් කියවන්න නැද්ද? ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් අති බහුතරය සිංහලය. අධිකරණ භාෂාව සිංහල බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 ව්‍යවස්ථාවේ දැක්වේ. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු දෙන්නේ එංගලන්තය 1815 සිට පුරුදු කර ඇති ආකාරයට ඉංග්‍රීසියෙන් පමණි. ලෝකයේ දියුණු රටවල් ජපානය, කොරියාව, රුසියාව, චීනය, ඉතාලිය, ප්‍රංශය අධිකරණ තීන්දු දෙන්නේ ඒ රටවල ජනතාවගේ භාෂාවෙනි. ඒ රටවල ජනතාව නීතිය දැනගන්නවාට ඒ රටවල පාලකයන් කැමතිය. ඩයනාගේ නඩු තීන්දුව SC/APPEAL/11/24 (2024.05.08) සිංහලෙන් ලබා ගතහොත් ජනතාව එය කියවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කියා ඇති නීතිමය කරුණු දැන ගනි. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අන්තවාදීන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහලෙන් දෙනවාට කැමති නැත. එහෙව් රටක් දියුණු වෙන්නේ නැත. මන්ත්‍රීකම අහිමි කළ ඩයනාගේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සිංහලෙන් ලබා ගෙන කියවීමට ජනතාවට හැකි වුවහොත් එය ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක වීමකි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2024.05.08)

26වන නීති අධ්‍යාපන වැඩසටහන - අධිකරණ පුවත් වාර්තාකරණය සහ නීතිය (නීති සටහන් ලබා දෙයි - නොමිලේ පවත්වයි)

26වන නීති අධ්‍යාපන වැඩසටහන නීති සටහන් ලබා දෙයි - නොමිලේ පවත්වයි අධිකරණ පුවත් වාර්තාකරණය සහ නීතිය * විද්‍යුත් / මුද්‍රිත මාධ්‍යවේදියෙකු දැනගත යුතු නීතිය * නිවැරදි ලෙස අධිකරණ පුවත් වාර්තාකරණය. * වැරදි අධිකරණ පුවත් වාර්තාකරණයට එරෙහිව පුරවැසියන්ට ගත හැකි නීතිමය පියවර 2024 ජූලි 30 අඟහරුවාදා කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී.(වායුසමීකරණය කළ) (මාධ්‍යකරණයට පිවිසීමට අපේක්ෂාකරන අයට/ මාධ්‍යවේදීන්ට(මුද්‍රිත/යූටියුබ් - බ්ලොග්) උසස් පෙළ සිසුන්ට / විශ්ව විද්‍යාල සිසුන්ට/ නීතීඥවරුන්ට/ නීති ශිෂ්‍යයන්ට/ නීතිය පිළිබඳ උනන්දු අයට) නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (ආසන සීමිත හෙයින් ආසනයක් කලින් වෙන්කර ගන්න)