ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සිංහල භාෂා පාඨයට අනුව ගැලපෙන ලෙස ඉංග්‍රීසි භාෂා පරිවර්තන පාඨය නිවැරදිකර ගැනීමට ගරු ජනාධිපතිතුමා වෙත කරන ඉල්ලීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සිංහල භාෂා පාඨයට අනුව ගැලපෙන ලෙස ඉංග්‍රීසි භාෂා පරිවර්තන පාඨය නිවැරදිකර ගැනීමට ගරු ජනාධිපතිතුමා වෙත කරන ඉල්ලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සිංහල භාෂා පාඨයට ගැලපෙන ලෙස නිවැරදිව එහි ඉංග්‍රීසි භාෂා පරිවර්තන පාඨය නොපවතින බව වරලත් ඉංජිනේරුවරයෙකු වන හර්ෂ කුමාර් සූරියආරච්චි මහතා විසින් පෙන්වා දී තිබූ අතර මේ දක්වා එකී පරිවර්තන දෝෂය නිවැරදි කිරීමට විධායකය විසින් ක්‍රියාකර නොතිබීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාව අනුව පරිවර්තනයක් ලෙස පළකර ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණක් පරීශීලනය කරන දේශිය සහ ජාත්‍යන්තර විද්වතුන්ට නිවැරදිව නෛතික කරුණු අනාවරණය නොවීම දිගටම සිදුවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සංශෝධනය කිරීමට 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ පළ කර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2වන වගන්තිය මගින්ද ඒකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ සිංහල භාෂා පාඨය සහ ඒහි පරිවර්තන ඉංග්...