Skip to main content

නොමිලේ පවත්වන වෛද්‍ය තිලක පද්මා සුබසිංහ
අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන
(2වන කණ්ඩායම සදහා සහභාගීවීමට දැන් ඉල්ලුම් කළ හැකිය)



නෙතික බලවන්ත සමාජයක් සංවර්ධිත සහ සුරක්ෂිත රටකට මාර්ගය පෙන්වයි.  නීතිය නොදැනීම සමාවට කරුණක් නොවන (Ignorantia Juris Non Excusat) හෙයින් නීතිය දැන ගැනීමට ඇති අයිතිය සියලු පුරවැසියන්ට හිමි අයිතියකි.

2019 මැයි 25වන සෙනසුරාදා ආරම්භ වේ.

පැය 80ක (මාස 4 ) රු.43000/-ක් වටිනා මෙම සිංහල මාධ්‍ය නීති අධ්‍යයන වැඩසටහන මුදල් අය කිරීමකින් තොරව පැවැත් වේ.

සහභාගීවිය හැක්කේ කාටද?

භික්ෂූන් වහන්සේලාට,ගුරුවරුන්ට, රජයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට,විශ්‍රාමිකයන්ට පොලීසියේ හා හමුදාවල සේවයේ නියුතු අයට, උසස් පෙළ විභාගයට පෙනී සිටි අයට, විශ්ව විද්‍යාල සිසුන් ට, ව්‍යවසායකයන් ඇතුළු නීතිය පිළිබද උනන්දු අයට ඉල්ලුම් කළ හැකිය.

නීති අධ්‍යයන වැඩසටහන - අන්තර්ගතය
(වෙනස් විය හැකිය)

නීතියේ පසුබිම සහ නීතියේ ආධිපත්‍යය
නීතිය සහ ආගම
විධායකය - ව්‍යවස්ථාදායකය - අධිකරණය
නීති මූලාශ්‍ර
දණ්ඩ නීති සංග්‍රහය - පුරාවස්තු ආඥා පනත (1940/09)
අපරාධ නඩු විධාන සංග්‍රහය
සිවිල් නඩු විධාන සංග්‍රහය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ඉඩම් සහ දේපළ නීතිය සහ ඔප්පු
බුද්ධිමය දේපළ
ව්‍යාපාර සම්බන්ධ නීතිය
රථවාහන සම්බන්ධ නීතිය
කම්කරු නීතිය
සාක්ෂි නීතිය සහ විශේෂඥ සාක්ෂි
දිවුරුම් ප්‍රකාශ
විවාහය සහ දික්කසාද නීතිය
මූලික අයිතිවාසිකම් සහ භාෂා අයිතිවාසිකම්
පාරිභෝගික අයිතිය සහ තොරතුරු දැනගැනීම සම්බන්ධ නීතිය
අන්තිම කැමති පත්‍ර
මහජන පීඩා - 66 වගන්තිය යටතේ නඩු
පොලීසිය - අතඩංගුවට ගැනීම - බන්ධනාගාර - ඇප
අභියාචනා - ප්‍රතිශෝධන - අභියාචනා අවසර ඉල්ලීම්
මැතිවරණ සහ ඡන්ද බලය සහ ජනමතවිචාරණය
කාලාවරොධය - වංචා වැළක්වීම
වනජීවී සහ වෘක්ෂලතා නීතිය
ශ්‍රේෂ්ඨාධිකරණ රීති - උපරිමාධිකරණවල නඩු පැවරීම
පනත් සම්මත කිරීම සහ ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝග
කිරීම ඇතුලු ජීවිතයට වැදගත්වන නීතියේ භාවිතය සහ යෙදීම්

කාලය

මාස 4 (පැය 80)
(සෙනසුරාදා පෙ.ව. 9.30 - ප.ව. 2.30)

ස්ථානය

අංක 09, කොළඹ පාර,
හඳපාන්ගොඩ අධ්‍යයන ශාලාවේ දී
(හඳපාන්ගොඩ තැපැල් කාර්යාලය ඉදිරිපිට)
පාදුක්ක, ඉංගිරිය, හොරණ සහ හයිලෙවල් පාරේ මීපේ යන නගරවල සිට හඳපාන්ගොඩ ට පැමිණිය හැක.

මෙම නීති අධ්‍යයන වැඩසටහනට සහභාගීවීම සදහා නම, ලිපිනය, වර්තමාන තත්ත්වය, දුරකතන අංකය සඳහන් අයදුම් පතක් ලියාපදිංචි තැපෑලෙන් 2019.05.14 දිනට පෙර පහත ලිපිනයට යොමු කරන්න.

නීති අධ්‍යයන වැඩසටහන් සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන, අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ.(10524)

විමසීම - අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col)නීතිඥ
දුරකථන 0342256066, 0342256067, 0712063394
විද්‍යුත් තැපැල් arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය