Skip to main content

නොමිලේ පවත්වන වෛද්‍ය තිලක පද්මා සුබසිංහ
අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන
(2වන කණ්ඩායම සදහා සහභාගීවීමට දැන් ඉල්ලුම් කළ හැකිය)



නෙතික බලවන්ත සමාජයක් සංවර්ධිත සහ සුරක්ෂිත රටකට මාර්ගය පෙන්වයි.  නීතිය නොදැනීම සමාවට කරුණක් නොවන (Ignorantia Juris Non Excusat) හෙයින් නීතිය දැන ගැනීමට ඇති අයිතිය සියලු පුරවැසියන්ට හිමි අයිතියකි.

2019 මැයි 25වන සෙනසුරාදා ආරම්භ වේ.

පැය 80ක (මාස 4 ) රු.43000/-ක් වටිනා මෙම සිංහල මාධ්‍ය නීති අධ්‍යයන වැඩසටහන මුදල් අය කිරීමකින් තොරව පැවැත් වේ.

සහභාගීවිය හැක්කේ කාටද?

භික්ෂූන් වහන්සේලාට,ගුරුවරුන්ට, රජයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට,විශ්‍රාමිකයන්ට පොලීසියේ හා හමුදාවල සේවයේ නියුතු අයට, උසස් පෙළ විභාගයට පෙනී සිටි අයට, විශ්ව විද්‍යාල සිසුන් ට, ව්‍යවසායකයන් ඇතුළු නීතිය පිළිබද උනන්දු අයට ඉල්ලුම් කළ හැකිය.

නීති අධ්‍යයන වැඩසටහන - අන්තර්ගතය
(වෙනස් විය හැකිය)

නීතියේ පසුබිම සහ නීතියේ ආධිපත්‍යය
නීතිය සහ ආගම
විධායකය - ව්‍යවස්ථාදායකය - අධිකරණය
නීති මූලාශ්‍ර
දණ්ඩ නීති සංග්‍රහය - පුරාවස්තු ආඥා පනත (1940/09)
අපරාධ නඩු විධාන සංග්‍රහය
සිවිල් නඩු විධාන සංග්‍රහය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ඉඩම් සහ දේපළ නීතිය සහ ඔප්පු
බුද්ධිමය දේපළ
ව්‍යාපාර සම්බන්ධ නීතිය
රථවාහන සම්බන්ධ නීතිය
කම්කරු නීතිය
සාක්ෂි නීතිය සහ විශේෂඥ සාක්ෂි
දිවුරුම් ප්‍රකාශ
විවාහය සහ දික්කසාද නීතිය
මූලික අයිතිවාසිකම් සහ භාෂා අයිතිවාසිකම්
පාරිභෝගික අයිතිය සහ තොරතුරු දැනගැනීම සම්බන්ධ නීතිය
අන්තිම කැමති පත්‍ර
මහජන පීඩා - 66 වගන්තිය යටතේ නඩු
පොලීසිය - අතඩංගුවට ගැනීම - බන්ධනාගාර - ඇප
අභියාචනා - ප්‍රතිශෝධන - අභියාචනා අවසර ඉල්ලීම්
මැතිවරණ සහ ඡන්ද බලය සහ ජනමතවිචාරණය
කාලාවරොධය - වංචා වැළක්වීම
වනජීවී සහ වෘක්ෂලතා නීතිය
ශ්‍රේෂ්ඨාධිකරණ රීති - උපරිමාධිකරණවල නඩු පැවරීම
පනත් සම්මත කිරීම සහ ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝග
කිරීම ඇතුලු ජීවිතයට වැදගත්වන නීතියේ භාවිතය සහ යෙදීම්

කාලය

මාස 4 (පැය 80)
(සෙනසුරාදා පෙ.ව. 9.30 - ප.ව. 2.30)

ස්ථානය

අංක 09, කොළඹ පාර,
හඳපාන්ගොඩ අධ්‍යයන ශාලාවේ දී
(හඳපාන්ගොඩ තැපැල් කාර්යාලය ඉදිරිපිට)
පාදුක්ක, ඉංගිරිය, හොරණ සහ හයිලෙවල් පාරේ මීපේ යන නගරවල සිට හඳපාන්ගොඩ ට පැමිණිය හැක.

මෙම නීති අධ්‍යයන වැඩසටහනට සහභාගීවීම සදහා නම, ලිපිනය, වර්තමාන තත්ත්වය, දුරකතන අංකය සඳහන් අයදුම් පතක් ලියාපදිංචි තැපෑලෙන් 2019.05.14 දිනට පෙර පහත ලිපිනයට යොමු කරන්න.

නීති අධ්‍යයන වැඩසටහන් සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන, අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ.(10524)

විමසීම - අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col)නීතිඥ
දුරකථන 0342256066, 0342256067, 0712063394
විද්‍යුත් තැපැල් arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...