Skip to main content

ඉංග්‍රීසියෙන් නීති පැනවීමට නොහැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන යලි තහවුරු කරන නඩු තීන්දු සිංහලෙන් ඉල්ලන පුරවැසි අත්සන් ලක්ෂය.....!

ඉංග්‍රීසියෙන් නීති පැනවීමට නොහැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන යලි තහවුරු කරන නඩු තීන්දු සිංහලෙන් ඉල්ලන පුරවැසි අත්සන් ලක්ෂය.....!


ශ්‍රී ලංකාවේ නීති පැනවීමේ භාෂාව සිංහල සහ දෙමළ වේ. ඉංග්‍රීසි භාෂාවෙන් පැනවිය හැක්කේ සිංහලෙන් පනවන නීතියේ පරිවර්තයක් පමණි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ අධිකරණවල නීති තර්ක ඉදිරිපත් කරන්නේ ප්‍රමුඛස්ථානයේ ඇති සිංහල පනත/නීතිය මත නොව පරිවර්තනයක් ලෙස මුද්‍රණය කර ඇති ඉංග්‍රීසි පනතේ/ නීතිය දෙස බලාගෙනය. ප්‍රාථමික නීතිය පසෙකලා ද්විතීක නීතිය අනුව නීති තර්ක ඉදිරිපත් කරන්නේ කවර නීති ප්‍රතිපාදනයක් අනුවද යන්න පැහැදිලි නැතත් ඉංග්‍රීසියෙන් ඇති පරිවර්තනය දෙස බලා යුක්තිය පසිදලීම ශ්‍රී ලංකාවේ සිදු වේ. මෙය නිවැරැදි නීතිය පසිදලීම නොවුණත් සිදුවන්නේ එයයි.
එනම් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉංග්‍රීසි භාෂාවෙන් ලංකාවේ නීති පැනවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ ඉඩක් ලබා දී නැත.
එසේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු තීන්දු ලබා දී (එම අධිකරණ දෙකේ සෑම නඩු තීන්දුවක්ම නීති වේ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ නීති පැනවීමට අදාල විධිවිධානවලට පටහැනි වන්නේද? යන්න නීතියට අනුව විමසා බැලිය යුතුය. මන්ද නීති පැනවීමට අදාලව භාෂාව සම්බන්ධයෙන්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විධිවිධාන සළසා තිබියදී එයට වෙනස්වන ආකාරයට වෙනත් භාෂාවකින් වෙනත් ආයතනයක්/ අධිකරණයක් නීති පනවන්නේ නම් එය පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි තත්ත්වයකි. 

"වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරුව" යන්න ජනතාව තවදුරටත් ඉවසා සිටිය යුතු නැත. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය වේවා කවර ආයතනයක් වේවා ජනතාවගේ භාෂා පරමාධිපත්‍යයට බලපාන ආකාරයේ ක්‍රියාවක් කරන්නේ නම් එය නිවැරදි කිරීමට වහා ඉදිරිපත් විය යුතුය.

සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ඉල්ලීමට/ නීති පනවන ලෙස ඉල්ලීමට පුරවැසියන්ගේ අත්සන් ලක්ෂය එක්තු කිරීම මේ වනවිට සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මක වන්නේ ඒ අනුවය.

ඇතැම් අය ඉහළ අධිකරණ තීරණ දෙමළ භාෂාවෙන්ද ලබා දිය යුතු බව ඒ අතර කියනුද අසන්නට සහ දකින්නට ලැබේ.ඔවුන් එය කියන්නේ අවංක අදහසකින්ද විය හැකිය. නමුත් ඒ අය මේ දක්වා ලංකාවේ බහුතර ජනතාව වන සිංහල ජනතාව ඉංග්‍රීසි භාෂාවෙන් ඉහළ අධිකරණ තීරණ ලැබීම නිසා අත්විදින පීඩාවන් සහ දුෂ්කරතාවයන් ඉවසා සිටි අයයි.

පාර්ලිමේන්තුව නීති පැනවීමේදි සිංහල පනතට මුල්තැන/ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර එසේ තිබියදී නීති පනවන අනෙක් ආයතන දෙක වන ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු තීන්දු හරහා නීති පැනවීම හේතුවෙන් නීති පැනවීමේ භාෂා අතර අර්බුදකාරී තත්ත්වය මතුකර ඇත. 

ඉංග්‍රීසි භාෂාවෙන් නීති පැනවීමට වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ ඉඩක් නැති නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු තීන්දු හරහා නීති පැනවීම මේ නීති අර්බුදයට සහ ව්‍යවස්ථා ගැටීමට හේතුවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නඩු තීන්දු හරහා නීති පැනවීමේදී සිංහල භාෂාවෙන් නීති පැනවීම සිදු නොකිරීම සිංහල ජනතාවගේ / රටේ බහුතර ජනතාවගේ මානව හිමිකම් අහිමි කිරීමක්ද වේ.

දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් නීති පැනවීම අවශ්‍යයි යන්න හොද තර්කයකි. එය එසේ තර්ක කිරීමට පෙර දෙමළ ජනතාව මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු 
දෙමළ්ස භාෂාවෙන් ඉල්ලා නොසිටීමද බුද්ධියෙන් අවබෝධ කරගත යුතුය. 

දෙමළ ජනතාවට නීතිය දැන ගැනීමට අවශ්‍ය නම් ඔවුන් ඒ සදහා ඉල්ලීම කළ යුතුය. සිංහල භාෂා අයිතිය තහවුරු කර ඇති විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේදී පමණක් දෙමළ භාෂා අයිතිය වෙනුවෙන් පෙනී සිටින ඇතැම් සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නඩු තීන්දු ඔස්සේ ඉංග්‍රීසියෙන් පමණක් නීති පැනවීමේදී දෙමළ ජනතාවට අහිමිවන භාෂා අයිතිය ගැන කතාකරන්නේ නැත.

සිංහල භාෂා අයිතිය අහිමි කිරීමට දෙමළ භාෂා අයිතිය ඉල්ලා සිටිනවා මිස අවංකව දෙමළ ජනතාව නීතියෙන් දැනුවත් කිරීමට උත්සාහ කිරීමට එකී සංවිධාන ක්‍රියා කරන්නේ නැත.

ඉංග්‍රීසි භාෂාව ඇති තැන එයට එරෙහිව දෙමළ භාෂාව ඉල්ලා සිරින්නේ නැත. මන්ද දෙමළ ජනතාව සිංහල විරෝධීවීමට පොළඹවනවා මිස ඉංග්‍රීසියට එරෙහිව ක්‍රියාකරවීමට මේ තැනැත්තෝ කටයුතු කරන්නේ නැත.? මෝටර් රථවල "ශ්‍රී" අකුරට එරෙහි වී කලු තෙල් ගෑවාට ඉංග්‍රීසි අකුරු ආවිට එයට එකග වුණේ මේ මතය.

මේ ප්‍රශ්නය කලු සුද්දන්ගේ සහ බමුණු කුලයේ ප්‍රශනයක් මිස සිංහල දෙමළ ප්‍රශ්නයක්ද? ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු දෙමළ භාෂාවෙන් ලබා ගැනීමට දෙමළ ජනතාවට අවශ්‍යතාවයක් මේ දක්වා පැන නැගී නැති අතර 1815 උඩරට ගිවිසුම පවා දෙමළ භාෂාවෙන් නොතිබුණි. උඩරට ගිවිසුම ඇත්තේ සිංහල සහ ඉංග්‍රීසි භාෂවෙන් පමණි. 

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු නීති ලෙස සළකන හෙයින් "නීතිය නොදැනීම සමාවට කරුණක් නොවන හෙයින්" ඒවා සිංහල භාෂාවෙන් ලබා දීමෙන් රටේ බහුතර ජනතාවට නීතිය දැනගැනීමට හේතුවන අතර අවශ්‍යතාවයක් වෙතොත් ප්‍රංශ, හිංදි, දෙමළ, ඉංග්‍රීසි, ජපන් පරිවර්තන ලබා දීමට හැකිය. 

දියුණු සෑම රටකම ඉහළම අධිකරණ නඩු තීන්දු ලබා දෙන්නේ ඒරටවල බහුතර ජනතාවගේ භාෂාවෙන් වන අතර ලංකාවේ එසේ නොවේ.

නොදියුණු රටවල පාලකයෝ ජනතාවට නීතියට ඇති ප්‍රවේශය ඈත්කරනවා මිස ලගාකරන්නේ නැත.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා ගැනීමට ජනමතය විමසන ලෙස ඉල්ලා සිටින පුරවැසි අත්සන් ලක්ෂය ලංකාවේ බහුතර ජනතාවගේ නීතියේ නිදහසේ ජයග්‍රාහී ඉසව්ව වේ.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 
BSc(Col), PGDC(Col)
(සමායෝජක)
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහන.
2019.08.12

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...