Skip to main content

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීමට ජනතාවගේ අත්සන් ලක්ෂයක් එකතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී, විනයවත් සහ සංවර්ධිත සමාජයක් වෙනුවෙනි......!

(නඩු තීන්දු සිංහලෙන් ලබා ගැනීමේ අත්සන් ලක්ෂය සදහ සහාය දැක්වීමට මෙහි සදහන් නගරවල අයෙක් සමග සම්බන්ධ විය හැකියි...)

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීමට ජනතාවගේ අත්සන් ලක්ෂයක් එකතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී, විනයවත් සහ සංවර්ධිත සමාජයක් වෙනුවෙනි......!


ශ්‍රී ලංකාවේ නීතිය සොයාගත හැකි ප්‍රධාන නීති මූලාශ්‍ර 2කි.

1.      පාර්ලිමේන්තුව සම්මත කරන පනත්

2.      ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු

“නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවන හෙයින්” ස්වාධීන රටක නීති පැනවීම ස්වදේශීය ජනතාවට කියවිය හැකි භාෂාවෙන් ලබා දීම ශිෂ්ට ලෝකයේ පිළිගැනීමයි.

පාර්ලිමේන්තුව නීති පැනවීම

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන නීති මූලාශ්‍ර 2ක අතරින් එකක්වන්නේ පාර්ලිමේන්තුව සම්මත කරන පනත්ය. පාර්ලිමේන්තුව රටේ බහුතර ජනතාවගෙන් සගවා නීති පැනවීම සිදු නොකරන අතර පාර්ලිමේන්තුව පනවන නීති එනම් පනත් සිංහල භාෂාවෙන් පනවා එයට ප්‍රමුඛස්ථානයද ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කරන පනත් සිංහල සහ දෙමළ භාෂාවෙන් සහ ඉංග්‍රීසි පරිවර්තනයක් සමග පනවනු ලැබේ. එමෙන්ම සිංහල සහ දෙමළ භාෂා පනත් අතර අනනුකූලතාවයක් ඇති වුවහොත් සිංහල පනත ප්‍රමුඛස්ථානයේ පවතී. ඒ අනුව පාර්ලිමේන්තුව ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම අනුගමනය කරමින් නීතියේ පාලනය ස්ථාපිත කිරීම සදහා නීති පනවනු ලබන්නේය යන්න කිව හැකිය.

පාර්ලිමේන්තුව පනවන ඉංග්‍රීසි භාෂා පනත පරිවර්තනයක් හෙයින් නීතිය හොදින් දන්නා අය පරිවර්තන දෙස බලාගෙන යුක්තිය පසිදලන්නේ නැත. යම් අධිකරණයක නඩු විභාග කරන විට ඉංග්‍රීසි භාෂා පනතේ අනනුකූලතාවයක් ඇති වුවහොත් කවර භාෂා පාඨය බලපවත්වන්නේද? යන පැනය නීතියේ පාලනය ඇති සමාජයක මතු නොවන්නේ පාර්ලිමේන්තුව සම්මත කරන පනතේ පරිවර්තනයක් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති බව නීති විශාරදයින් මැනවින් දන්නා හෙයින් පරිවර්තනයක් දෙස බලාගෙන යුක්තිය පසිදලීම නොකරන හෙයිනි. ඒ අනුව නීතියේ පාලනය පවතින ලාංකීය සමාජයේ නඩු විභාග කිරීමේදී පාර්ලිමේන්තුව පනවන ලද මුල් පනත එනම් ප්‍රමුඛස්ථානයේ ඇති සිංහල පනත අනුව යුක්තිය පසිදලනවා මිස ඉංග්‍රීසි භාෂා‍වෙන් ඇති මුල් පනතේ පරිවර්තනය අනුව යුක්තිය පසිදලීම සිදු නොවිය යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නීති පැනවීම

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන නීති මූලාශ්‍ර 2ක අතරින් අනෙක වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දුය. පාර්ලිමේන්තුව සම්මත කරන නීති මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු නීති වර්ගයකි.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු අනෙක් අධිකරණවන මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, මහාධිකරණ, වාණිජ මහාධිකරණ සහ සිවිල් අභියාචන මහාධිකරණවල නඩු තීන්දු මෙන් නඩුවේ පාර්ශවයන්ට පමණක් බලපාන ලෙස තීන්දු ලබා නොදේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු විශේෂ බලධාරීත්වයක් උසුලයි. එනම් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ සියලුම පුරවැසියන්ට අදාල වන අතර ඒවා පාර්ලිමේන්තුව පනවන නීති මෙන් බලධාරී වේ. එනම් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ සියලු ජනතාවට සහ පහළ අධිකරණ අනුගමනය කළ යුතු නීති ලෙස බැදීමක් ඇති කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නීති පැනවීම ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ භාෂාවෙන් සිදු කරන්නේද?

පාර්ලිමේන්තුව සම්මත කරන නීති මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු නීති වර්ගයක් වන හෙයින් “නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවන හෙයින්” පාර්ලිමේන්තුව පනවන පනතට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබා දෙන නඩු තීන්දුවටත් අදාලය. මන්ද යත් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබා දෙන නඩු තීන්දුව හෙට දවසේ රටේ නීතිය බවට නිරායාසයෙන් පත්වන නිසා ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුම එකී  ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබා දෙන නඩු තීන්දුව කියවා වටහා ගැනීමේ යුතුකම පවති.

පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුගමනය කරමින්  පුරවැසියන්ට කියවා වටහා ගැනීමට හැකි පරිදි සිංහල භාෂා පනත ප්‍රමුඛස්ථානයේ තබා නීති පනවයි. එසේ වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නඩු තීන්දු මගින් නීති පැනවීම මේ අකාරයට සිදු නොකරන අතර රටේ බහුතර ජනතාව භාවිතා කරන සිංහල භාෂාවෙන් නොව සුලුතර ජනතාවට හැකියාව ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දේ.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නීති පැනවීම රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් වීමේ අවශ්‍යතාවය

රටේ බහුතරයක්වන ඉංග්‍රීසි නොදන්නා ජනතාව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පනවන නීතිය පිළිබද අවබෝධය ලැබීමට නොහැකිව සිටී.

මෙහි අහිතකර ප්‍රතිඵල රාශියක් සමාජයක් ලෙස ලාංකීය ජනතාවට විදින්නට සිදුවී ඇති අතර ප්‍රංශය, ජර්මනිය, ජපානය, චීනය, ඉතාලිය සහ බ්‍රිතාන්‍යය වැනි රටවල ජනතාව මෙහිදී පුළුල් නීතියේ නිදහසක් භුක්ති විදිති.
ශ්‍රී ලංකාවේ ජනතාවගේ විනය පිරිහී ඇති බවත්, අල්ලස දූෂණය සහ නාස්තිය සමාජයේ පැතීරී ඇති බවත්, දිනෙන් දින අපරාධ වැඩිවන බවත් දිනපතා මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබේ. අධිකරණවල නඩු තදබදයද, නඩු විසදීම ප්‍රමාද වීමද ලංකාවේ සමාජ ප්‍රශ්නයකි.

නඩු කියන සේවාදායකයා පැත්තක තබා නීතිඥවරයා සහ විනිසුරුවරයා පමණක් නඩු විභාගයට සම්බන්ධවන යුක්තිය පසිඳලන ක්‍රමයක් ලංකාවේ පැවතීම 1815 ඉංග්‍රීසි යටත් විජිතකරණය නිසා සිදුවූවා විය හැකිය.

පාර්ලිමේන්තුව වේවා ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය වේවා නීති පනවන්නේ නම් ඒ නීති කියවා වටහා ගැනීමට අවස්ථාව සළසා දීම ප්‍රජාතන්ත්‍රවාදී, විනයවත් සහ සංවර්ධිත සමාජයක් වෙනුවෙන් බව විධායක ජනාධිපතිවරයා වටහා ගත යුතුය.

මෙම තත්ත්වය ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීම සදහා “ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහන” මගින් මුලු රට පුරා ජනතාව දැනුවත් කරන වැඩපිළිවලක් දියත් කර ඇත.

එමගින් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද? යන කාරණය ජනමතවිචාරණයක් මගින් ජනතාව වෙත යොමු කරන ලෙස ඉල්ලමින් පුරවැසියන් ලක්ෂයක් විසින් කැමැත්ත ලබා දී අත්සන් කරන ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

මේ වන විට මෙම ඉල්ලීමට භික්ෂූන් වහන්සේලා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති නීතිඥවරුන්, නීතිඥවරුන්, වෛද්‍යවරුන්, මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, රජයේ හා පෞද්ගලික අංශයේ විධායක නිලධාරීන් ඇතුළු සේවය කරන අය, විශ්ව විද්‍යාල කතිකාචාර්යවරු සිසුන් ඇතුළු දිවයිනේ විවිධ නගරවල සහ ගම්වල පොදු ජනතාව අති විශාල ප්‍රමාණයක් අත්සන් ලබා දී සහාය පළකර ඇත.

ජනාධිපතිවරයා වෙත යොමු කරන අත්සන් ලක්ෂය සදහා අත්සන් කර සහාය දැක්වීමට අදහස් කරන්නේ නම් ඒ සදහා කටයුතු කළ හැකිය. එමෙන්ම අත්සන් එකතු කිරීමට දායක විය හැකි නම් ඒ සදහාද අවස්ථාව ඇත.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
BSc(Col), PGDC(Col)
(සමායෝජක) – 2019.08.23
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහන.
අංක 09, කොළඹ පාර, හදපාන්ගොඩ. (10524)
දුරකථන 0342256066, 0342256067, 0712063394

මේ සදහා සිය අත්සන යොදා සහාය ලබා දීමට අදහස් කරන්නේනම් සහ අත්සන් ලබා ගැනීම සංවිධානය කිරීමට අදහස් කරන්නේනම්
"වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ
නීති අධ්‍යයන වැඩසටහන" ක්‍රියාකාරී කමිටුව සමග සම්බන්ධ වී කළ හැකිය.
කඩවත - කේ. පී. රත්නායක (දුර: 0763610125)
දෙහිවල - එස්. පී. මුණසිංහ (දුර: 0702187389)
අලුත්ගම - ඩබ්. කේ. ජයතිලක (දුර: 0770699377)
කළුතර, හොරණ - දේශබන්දු ලයනල් වීරසිංහ (දුර: 0771664962)
ඉංගිරිය/හොරණ - ඊ. ඩී. සමන්ති (දුර: 0719645414)
හොරණ/පෝරුවදණ්ඩ - සී. පුෂ්පරණී (දුර: 0342255119)
හොරණ - ජී. ඩබ්. විජිතා රෝහිණී (දුර: 0713274876)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...