Skip to main content

"සූම්" තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණ නඩු මාර්ගගතව විභාග කිරීමේදී "සූම්" ආයතනය සමග ඇති කරගත් එකගතා, කොන්දේසි සහ ගිවිසුම් සහ යටත්වන විදෙස් නීති පිළිබඳ තොරතුරු ඉල්ලා ජනාධිපති ලේකම්ට සහ අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්ට ඉල්ලීමක්...

"සූම්" තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණ නඩු මාර්ගගතව විභාග කිරීමේදී "සූම්" ආයතනය සමග ඇති කරගත් එකගතා, කොන්දේසි සහ ගිවිසුම් සහ යටත්වන විදෙස් නීති පිළිබඳ තොරතුරු ඉල්ලා ජනාධිපති ලේකම්ට සහ අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්ට ඉල්ලීමක්.... (එකී ඉල්ලීම පහත දැක්වේ)
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන දුරකථන 0712063394 දිනය 2021.06.26 ජනාධිපති ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01. "සූම්" තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණ නඩු මාර්ගගතව විභාග කිරීමේදී "සූම්" ආයතනය සමග ඇති කරගත් එකගතා, කොන්දේසි සහ ගිවිසුම් සහ යටත්වන විදෙස් නීති පිළිබඳ තොරතුරු, 2016 අංක 12 දරන තොරතුරු දැගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන යටතේ ලබා දෙන ලෙස ඉල්ලා සිටීම. 1. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා තාක්ෂණික මාර්ග යොදාගනිමින් කටයුතු කිරීම සහ "සූම්" වැනි මාර්ගගත  (ඔන්ලයින්) සම්බන්ධතා ඔස්සේ නඩු විභාග පැවැත්වීමට අවශ්‍ය තත්ත්ව යොදා ගෙන ඇත. 2. ඒ අනුව මාර්ගගත (ඔන්ලයින්) සම්බන්ධතා මගින් අභියාචනාධිකරණ නඩු විභාග පැවැත්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂාකර අනුගමනය කිරීම අවශ්‍ය හෙයින් සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතු හෙයින් මෙරට නඩු විභාග කිරීමේදී මාර්ගගත (ඔන්ලයින්) පහසුකම් ලබා ගැනීමට "සූම්" ආයතනය සමග ඇති කරගත් එකගතා, කොන්දේසි සහ ගිවිසුම් සහ යටත්වන විදෙස් නීති පිළිබඳ තොරතුරු 2016 අංක 12 දරන තොරතුරු දැගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන යටතේ ලබා දෙන ලෙස ඉල්ලා සිටීමි. මෙයට, විශ්වාසී, (අත්සන් කළේ) නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) පිටපත්, 1) ලේකම්, අධිකරණ අමාත්‍යාංශය, කොළඹ 12. 2) රෙජිස්ට්‍රාර්, අභියාචනාධිකරණය, කොළඹ 12. 3) ලේකම්, අධිකරණ සේවා කොමිෂන් සභාව, කොළඹ 12. 4) නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 12.

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...