Skip to main content

2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවථානුකූලත්වය පිළිබඳව 2021.07.18 (2021.06.18 විය යුතුය) දින ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 403 ශාලාවේදී අංක SC/SD/24/2021 නඩුවේ ඇති වූ නීතිමය විවාදය....,

2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවථානුකූලත්වය පිළිබඳව 2021.07.18 දින (2021.06.18 විය යුතුය) ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 403 ශාලාවේදී අංක SC/SD/24/2021 නඩුවේ ඇති වූ නීතිමය විවාදය....,
විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මෘදු ෆර්නෑන්ඩු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්. නවාස්, පෙත්සම්කරු - අරුණ ලක්සිරි උණවටුන වගඋතරකරු - නීතිපති පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන තමා වෙනුවෙන්ම පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ට සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලෙ සහ ආචාර්ය අවන්ති පෙරේරා පෙනී සිටියේය. 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත අධිකරණ ඇමතිවරයා විසින් 2021.06.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර එයට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 ව්‍යවස්ථාවල ප්‍රතිපාදන යටතේ මෙම පෙත්සම ගොනුකර තිබුණි. පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය මගින් විකල්ප අධිකරණය සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධානය මගින් නම් කරන විකල්ප අධිකරණයට නඩු යොමුකිරීම/මාරු කිරීම සහ ඒ සඳහා නඩු තෝරා ගන්නා ආකාරය පිළිබඳව දක්වා නොතිබීමත්, උඩරට ගිවිසුමෙන් සහ සෝල්බරි ව්‍යවස්ථාවෙන් පසු 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ප්‍රජාතාන්ත්‍රික රටක් බවට පත්වීමෙන් පසු මේ ආකාරයේ නීති පැනවීමට නොහැකි බවත්, "කෝවිඩ් 19 සම්බන්ධිත තත්ත්වය" මැයෙන් අර්ථනිරූපනය කර ඇති 12 වන වගන්තියේ ඇති වෙනත් රටවල නීති සහ දේශයන්වල නීති ශ්‍රී ලංකාවට අදාල කිරීම සම්බන්ධයෙන්, සහ එකී අර්ථනිරූපණය කෙටුම්පතේ වගන්තිවලට වන බලපාන නිසා එකී අර්ථනිරූපණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 4, 9, 23, 24, 170 ව්‍යවස්ථාවලට අනුකූල නොවන බව සහ ශ්‍රී ලංකාවේ නීතිවල ඇති "නීතිය" යනුවෙන් ඇති සෑම ස්ථානයකටම "වෙනත් රටවල නීති සහ දේශයන්වල නීති" අතුලත්වන හෙයින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිවැරදි නොවීම සහ අධිකරණ සංවිධාන පනතේ 46 වන වගන්තියේ ඇති නඩු මාරු කිරීමේ විධිවිධානය ඇති එකම පිළිසරණ වන තත්ත්වයට පත්වී ඇති බවට නැවත පත්වී ඇති බවත්, ඒවා නිවැරදි විය යුතු ආකාරය සම්බන්ධයෙන් 2021.06.17 දින (පෙර දින) පෙත්සම්කාර නීතිඥ අරුණ ලක්සිරි උණවටුන කරුණු දක්වා අවසන් කර තිබූ අතර, නැවත පිළිතුරු දීමට අවස්ථාව ලබා දෙමින් ජ්‍යෙෂ්ට සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලෙ සිය කරුණු දැක්වීම ආරම්භ කර තිබුණි. ඒ අනුව 2021.07.18 (2021.06.18 ලෙස නිවැරදි විය යුතුය) දින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මෘදු ෆර්නෑන්ඩු, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්. නවාස් විනිසුරුවරු පෙ.ව. 10.20 ට පමණ ශ්‍රේෂ්ඨාධිකරණ අංක 403 අධිකරණ ශාලාවේදී විනිශ්චයාසනගත වූ අතර, පෙත්සම්කාර නීතිඥ අරුණ ලක්සිරි උණවටුන නඩු විභාගය ආරම්භ කිරීමට පෙර අධිකරණයේ අවධානය යොමු කරන ලද්දේ පෙර දින ලබා දී ඇති පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කරන යෝජිත සංශෝධන වල සිංහල සහ ඉංග්‍රීසි පිටපත්වල වෙනස්කම් ඇති බව දැනගන්නට ලැබී ඇති බවයි. ඒ අවස්ථාවේ කරණු පැහැදිලි කළ ජ්‍යෙෂ්ට සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලෙ කරණු දක්වා සිටියේ අද දින නිවැරදි පිටපත් ලබා දෙන බවයි. ඉන්පසු ජ්‍යෙෂ්ට සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලෙ ඉංග්‍රීසි භාෂාවෙන් දවල් 12.20 පමණ වනතෙක් කරුණු දක්වනු ලැබූ අතර කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කරන දෙවන වරටත් සංශෝධිත යෝජනා ඉදිරිපත් කරන පිටපත් අධිකරණයට සහ පෙත්සම්කරුට ලබා දෙන ලදී. ඔහුගේ කරුණු දැක්වීමෙන් පසු නැගී සිටි පෙත්සම්කාර නීතිඥ අරුණ ලක්සිරි උණවටුන කරුණු දක්වමින් ඊයේ දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාවට අනුව නඩු කටයුතු සිදුකිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සහාය දැක්වූ බවත්, ඒ අනුව අද දිනද එකී සහාය බලාපොරොත්තුවන බවයි. ඉන් පසු අධිකරණයේ අවසරය මත සිය පිළිතුරු දේශනය කළ පෙත්සම්කාර නීතිඥවරයා පනත් කෙට්ම්පතේ 3 වන වගන්තියේ දක්වා තිබූ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විකල්ප අධිකරණය නම් කිරීමේ විධානය පවා කාරක සභා අවස්ථාවේ සිදුකරන යෝජිත සංශෝධනයෙන් ඉවත් කර ඇති බවත්, "කෝවිඩ් 19 සම්බන්ධිත තත්ත්වය "මැයෙන් අර්ථනිරූපනය කර ඇති 12 වන වගන්තියේ ඇති වෙනත් රටවල නීති සහ දේශයන්වල නීති ශ්‍රී ලංකාවට අදාල කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිවැරදි නොවන බවත්, මෙම පනත් කෙටුම්පත කෝවිඩ් 19 වෛරස් රෝගය ලෙස දක්වා තිබුණත්, එහි අන්තර්ගතයේ සහ උපලේඛනවල අලුත් නීතිමය තත්ත්වයක් ඇතිවන බවත්, නීතිය, ගිවිසුම් සහ ආර්ථිකය ගැන පුලුල්ව දැක්වෙන බවත්, විනෝදාස්වාද සපයන ගිවිසුම් ඇති කිරීම පිළිබඳ දැක්වෙන බවත්, උදහරණයක් ලෙස වාහනයක ඉදිරිපස එකක් ගසා ඇතුලත වෙනත් දේ ගෙනයාමකට සමාන බවත් පෙන්වා දෙන ලදී. පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ සිදුකරන්නට යන යෝජිත සංශෝධනවලින් පවා (දෙවනවරටත් ඉදිරිපත් කළ) තත්ත්වය නිවැරදි වී නැති බවත්, 12 වන වගන්තියේ ඇති වෙනත් රටවල නීති සහ දේශයන්වල නීති ශ්‍රී ලංකාවට අදාල කිරීමේදී, උතුරු කොරියාවේ නීති අදාල කිරීමේදී ගැටලු ඇති වන බවත්, වෙනත් රටවල නීති ඉගෙනීමට ආයතන පිහිටුවීමට අවස්ථාව ලැබෙන බවත්, නීති විරෝධී කටයුතු කරන අයට සිය කටයුතු ශ්‍රී ලංකාවේ නීතිය ඇතුලට ගැනීමට එය අවස්ථාවක් වන බවත්, එහිදී වැරදිවලට සම්බන්ධ ඇතැම් අයට දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ඇසුරෙන් අපරාධ සම්බන්ධයෙන් සහන ලබා ගැනීමට හැකි තත්ත්වයක් පැන නගින බවත්, සිවිල් නඩු විධාන සංග්‍රහයේ 9 වන වගන්තිය යටතේ විදෙස් රටක සිට නඩු පැවරීමට පවා අවස්ථාව හිමිවන බවත් ඒ සදහා කෙටුම්පතේ 11 වගන්තිය, 3 සහ 4වන වගන්ති සහාය දෙන බවත්, මෙම පනත් කෙටුම්පත 2020 වර්ෂය දක්වා පසුපසට බලපෑම් කරන හෙයින් ලංකාවේ නීතියට බලවත් බලපෑමක් සිදුකරන බවත්, ජනතාවට අහිතකර වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කළේය. ඉහත තත්ත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 4, 9, 23, 24, 170 ව්‍යවස්ථා සමග ගැටෙන බවත් දෙවන වරටත් යෝජිත සංශෝධන වලින් පවා එය නිවැරදි වී නැති බවත් පෙත්සම්කාර නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මෘදු ෆර්නෑන්ඩු, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්. නවාස් ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙන්වා දුන්නේය. කොරෝනා 19 තත්ත්වයට මුහුණ දීමට විදෙස් නීති යොදා ගත යුතු නැති බවත්, ශ්‍රී ලංකාව තුළ ඒ සඳහා හැකියාව ඇති අය නීතිපති දෙපාර්තමේන්තුව ඇතුලු ආයතනවල ඉන්නා බවත්, කොරෝනා වෛරසයට මුහුණ දීමට වෙදකම් ක්‍රම ඇති බවත්, අපේ රටට මෙයට මුහුණ දීමට සහ ජයගැනීමට හැකියාව ඇති බවත් අධිකරණයට අවධානයට යොමු කරමින් කරුණු සහ වැඩිදුර කරුණු ලිඛිත දේශන මහින් ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා පෙත්සම්කාර නීතිඥ අරුණ ලක්සිරි උණවටුන සිය වාචික පිලිතුරු දේශනය අවසන් කළේය. දෙපාර්ශවයේ කරුණ වලට සවන්දීමෙන් පසු ලිඛිත දේශන 2021.07.21 (2021.06.21 විය යුතුය) දවල් 12.00ට පෙර ලැබීමට සළස්වන ලෙස නියම කර 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්ටවස්ථානුකූලත්වය සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 ව්‍යවස්ථා අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය අවසන් කිරීම සිදුවිය. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන, අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ.(10524) දුරකථන 0342256066, 0712063394

Comments

  1. මේ ලිපියේ 2021.07.18 සහ 2021.07.21 යනුවෙන් සඳහන් දින දෙක 2021.06.18 සහ 2021.06.21 යනුවෙන් නිවැරැදි විය යුතුය. අද දවල් අරුන ලක්සිරි ට මා මේ බව දුරකතන යෙන් දැනුම් දුන්නා. මෙය typing mistake එකක් විය යුතුයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය