Skip to main content

අලි ජාවාරම නතර කිරීමට යා යුතු අධිකරණය, අලි සංවිධාන සහ අලි විශාරදයෝ....!

අලි ජාවාරම නතර කිරීමට යා යුතු අධිකරණය, අලි සංවිධාන සහ අලි විශාරදයෝ....!
දීර්ඝ කාලයක් තිස්සේ පැවති අලි ජාවාරමට පසුගිය වසර කිහිපයේ සිට කණ කොකා හැඩීමට පටන් ගත්තේය. ඒ අත්තනගල්ල, ඇඹිලිපිටිය, හොරණ, කොළඹ, නුගේගොඩ, කැස්බෑව, මාතර, වැනි මහේස්ත්‍රාත් අධිකරණවල අපරාධ නඩු පැවරීම් සිදු වීමෙනි. නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ අයට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම එකී නීති විරෝධී ක්‍රියාවන් වැළැක්වීමට ඇති හොඳම සහ සඵල මාර්ගය වේ. මහේස්ත්‍රාත් අධිකරණවල අපරාධ නඩු පැවරීම අපරාධකරුවන්ට එල්ල කරන්නේ මහත් පීඩාවකි. මහේස්ත්‍රාත් අධිකරණය යනු අපරාධ වැළැක්වීමට ඇති ප්‍රධානම අධිකරණයයි. අපරාධ අධිකරණයක නඩුවක් පැවතීම අපරාධ කරුවන්ට අත් කරන පීඩාව හේතුවෙන් නැවත එවැනි අපරාධ සිදු නොකිරීමේ අදහසක් ඔවුන් තුළ ඇති කරයි. පසුගිය වසර කිහිපයේ අලි ජාවාරම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ මහේස්ත්‍රාත් අධිකරණවල අපරාධ නඩු පැවරීම් සිදුවීම හේතුවෙන් වනයෙන් අලි පැටවුන් අල්ලා ගැනීම, නීති විරෝධීව අලි ලියාපවිංචි කිරීම සම්පූර්ණයෙන්ම නතර විය. නීතිවිරෝධීව සන්තකයේ තබාගෙන සිටි අලි, ඇතුන් සහ පැටවුන් රජයේ බාරයට ගන්නා ලද්දේ මහේස්ත්‍රාත් අධිකරණ නියෝග මගින් ය. ඇතැම් අලි සංවිධාන අභියාචනාධිකරණයේ "රිට්" නඩු පවරා අලි ජාවාරම් මැඩපැවැත් වීමට කටයුතු කරද්දී ඇතැම් අලි සංවිධාන අලුත් මාවතක් ඔස්සේ අලි ජාවාරම් මැඩපැවැත් වීමට මහේස්ත්‍රාත් අධිකරණ ඔස්සේ නීතිය ක්‍රියාත්මක කර ගැනීමට උපාය මාර්ග සෙවීය. පැහැදිලිවම අලි ජාවාරම පසු ගිය වසර කිහිපයේ සිට නතර වූයේ මහේස්ත්‍රාත් අධිකරණයේ මෙකී අලි ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ හෙයිනි. අලි ජාවාරම්කරුවන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩු පැවරීමේ හැකියාව ඇති බව සහ එය වඩා ප්‍රායෝගික බව අලි සංවිධාන හෝ අලි විශාරදයන් වැටහීමක සිටින්නේ නම් එය වඩාත් නිවැරදි වන්නේ රජයේ නිලධාරීන් සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටු නොකරන විටද එකී නිලධාරීන්ට එරෙහිවත් මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩු පැවරීමට නීතිමය ප්‍රතිපාදන ඇති බව වටහා ගැනීමෙනි. මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැක්කේ පොලීසියට, වනජීවි නිලධාරීන්ට, මහජන සෞඛ්‍ය පරීක්ෂකට, ආහාර සහ ඖෂධ පරීක්ෂකට, පාරිභෝගික අධිකාරියට පමණක් බවට වැරදි වැටහීමක් සමාජයේ පවති. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 ,වගන්තිය යටතේ ඕනෑම පුරවැසියෙකුටද නීතීඥවරයෙකු මාර්ගයෙන් අපරාධ නඩුවක් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරිය හැකිය. රජයේ නිලධාරීන් වන වනජීවී නිලධාරීන්, වනජීවී අමාත්‍යාංශ ලේකම්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ද නීති විරෝධීව කටයුතු කරන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ රිට් හෝ මූලික අයිතිවාසිකම් නඩු පවරනවාට වඩා දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 වගන්තිය යටතේ පුද්ගලික අපරාධ නඩුවක් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා දඩුවම් ලබා දීම වඩා ප්‍රතිඵල දායකය. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකතන 0712063394, 0786016161 (2021.08.07)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...