අලි ජාවාරම නතර කිරීමට යා යුතු අධිකරණය, අලි සංවිධාන සහ අලි විශාරදයෝ....!
දීර්ඝ කාලයක් තිස්සේ පැවති අලි ජාවාරමට පසුගිය වසර කිහිපයේ සිට කණ කොකා හැඩීමට පටන් ගත්තේය. ඒ අත්තනගල්ල, ඇඹිලිපිටිය, හොරණ, කොළඹ, නුගේගොඩ, කැස්බෑව, මාතර, වැනි මහේස්ත්‍රාත් අධිකරණවල අපරාධ නඩු පැවරීම් සිදු වීමෙනි.
නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ අයට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම එකී නීති විරෝධී ක්‍රියාවන් වැළැක්වීමට ඇති හොඳම සහ සඵල මාර්ගය වේ.
මහේස්ත්‍රාත් අධිකරණවල අපරාධ නඩු පැවරීම අපරාධකරුවන්ට එල්ල කරන්නේ මහත් පීඩාවකි.
මහේස්ත්‍රාත් අධිකරණය යනු අපරාධ වැළැක්වීමට ඇති ප්‍රධානම අධිකරණයයි.
අපරාධ අධිකරණයක නඩුවක් පැවතීම අපරාධ කරුවන්ට අත් කරන පීඩාව හේතුවෙන් නැවත එවැනි අපරාධ සිදු නොකිරීමේ අදහසක් ඔවුන් තුළ ඇති කරයි.
පසුගිය වසර කිහිපයේ අලි ජාවාරම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ මහේස්ත්‍රාත් අධිකරණවල අපරාධ නඩු පැවරීම් සිදුවීම හේතුවෙන් වනයෙන් අලි පැටවුන් අල්ලා ගැනීම, නීති විරෝධීව අලි ලියාපවිංචි කිරීම සම්පූර්ණයෙන්ම නතර විය.
නීතිවිරෝධීව සන්තකයේ තබාගෙන සිටි අලි, ඇතුන් සහ පැටවුන් රජයේ බාරයට ගන්නා ලද්දේ මහේස්ත්‍රාත් අධිකරණ නියෝග මගින් ය.
ඇතැම් අලි සංවිධාන අභියාචනාධිකරණයේ "රිට්" නඩු පවරා අලි ජාවාරම් මැඩපැවැත් වීමට කටයුතු කරද්දී ඇතැම් අලි සංවිධාන අලුත් මාවතක් ඔස්සේ අලි ජාවාරම් මැඩපැවැත් වීමට මහේස්ත්‍රාත් අධිකරණ ඔස්සේ නීතිය ක්‍රියාත්මක කර ගැනීමට උපාය මාර්ග සෙවීය.
පැහැදිලිවම අලි ජාවාරම පසු ගිය වසර කිහිපයේ සිට නතර වූයේ මහේස්ත්‍රාත් අධිකරණයේ මෙකී අලි ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ හෙයිනි.
අලි ජාවාරම්කරුවන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩු පැවරීමේ හැකියාව ඇති බව සහ එය වඩා ප්‍රායෝගික බව අලි සංවිධාන හෝ අලි විශාරදයන් වැටහීමක සිටින්නේ නම් එය වඩාත් නිවැරදි වන්නේ රජයේ නිලධාරීන් සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටු නොකරන විටද එකී නිලධාරීන්ට එරෙහිවත් මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩු පැවරීමට නීතිමය ප්‍රතිපාදන ඇති බව වටහා ගැනීමෙනි.
මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැක්කේ පොලීසියට, වනජීවි නිලධාරීන්ට, මහජන සෞඛ්‍ය පරීක්ෂකට, ආහාර සහ ඖෂධ පරීක්ෂකට, පාරිභෝගික අධිකාරියට පමණක් බවට වැරදි වැටහීමක් සමාජයේ පවති.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 ,වගන්තිය යටතේ ඕනෑම පුරවැසියෙකුටද නීතීඥවරයෙකු මාර්ගයෙන් අපරාධ නඩුවක් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරිය හැකිය.
රජයේ නිලධාරීන් වන වනජීවී නිලධාරීන්, වනජීවී අමාත්‍යාංශ ලේකම්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ද නීති විරෝධීව කටයුතු කරන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ රිට් හෝ මූලික අයිතිවාසිකම් නඩු පවරනවාට වඩා දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 වගන්තිය යටතේ පුද්ගලික අපරාධ නඩුවක් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා දඩුවම් ලබා දීම වඩා ප්‍රතිඵල දායකය.
මාධ්‍ය අංශය,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.
දුරකතන 0712063394, 0786016161
(2021.08.07)
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය
අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි 21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

Comments
Post a Comment