Skip to main content

තෙල්, ගෑස් සහ විදුලි අර්බුදය පෙරට ගෙන එන ආණ්ඩු විරෝධය සහ නීතියේ පාලනය බිඳ දැමීමේ උගුල

තෙල්, ගෑස් සහ විදුලි අර්බුදය පෙරට ගෙන එන ආණ්ඩු විරෝධය සහ නීතියේ පාලනය බිඳ දැමීමේ උගුල (තෙල්, ගෑස් සහ විදුලි අර්බුදය පෙරට ගෙන එන ආණ්ඩු විරෝධයේ සහ නීතියේ පාලනය බිඳ වැටීමේ අවධානම පිළිබඳ පෙන්වා දීම මෙම ලිපියෙන් අරමුණු කර ඇත)
1. 2002 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් එවකට සිටි පාලන කණ්ඩායම විසින් ගෙනා අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 07ක් විසින් එයට ජනමතවිචාරණයක් නියම කරන ලදී. 2 . එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් 2015 දී නැවත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් කුමන්ත්‍රණකාරී ලෙස 2015 දී 19ය වැරදි ලෙස නීතියක් බවට පත් කර ගන්නා ලදී.(2015 ගෙනා 19ය නීතියක් නොවේ) කියවන්න නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ලියා ඇති "සාලිය පීරිස් ජයගත් නීතීඥ නිලවරණයේ ඇත්ත සඟවන්නේ ඇයි…?" (දිවයින ඉරිදා සංග්‍රහය 2021.03.14) 3. මෙකී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථා වරද නිවැරදි කිරීම වෙනුවට එය යට ගැසීම සඳහා 2020 දී 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලදී. (ඉහත ලිපිය කියවන්න) 4. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයේ හිටපු ඇමතිවරුන් 20ට ඇතුළත්වන බව දක්වා නැති අතර ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 වන ව්‍යවස්ථාව අනුව අධිකරණ ඇමති සහ තවත් ඇමතිවරු කිහිප දෙනෙක් මේ දක්වා 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ඇමතිවරු ලෙස පත් වී නැත. 4. මේ ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැරදි  සිදුකරද්දී සහ නීතීඥ සංගමය නිහඬව සිටිද්දී ඒවා තවදුරටත් එළිදරව්වීම වැළැක්වීම සඳහා නීති අධ්‍යාපනයෙන් සිංහල භාෂාව තහනම් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය මූලිකත්වයෙන් 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට්ටුව මගින් අනු නීති පනවා ගැනීම පවත්වාගෙන ජනතාවගේ අධිකරණ භාෂා බලය අහිමි කරයි. 5. විදෙස් අන්තවාදී නීති රටට ගෙනවිත් රට අවුල් ජාලයක් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාශය සහ නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු විසින් කොරෝනා වෛරස් රෝගයට මුවා වී 2021 ජූනි 08 (2021.05.20 ගැසට් පත්‍රය) පනත් කෙටුම්පතක් ගෙන ආ අතර එක් පුරවැසියෙක් විසින් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කරමින් එම පනත් කෙටුම්පතේ වගන්ති 13න් වගන්ති 7ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ජනමතවිචාරණයක් නියම කර ගනිමින් එකී උත්සාහය පරාජය කරන ලදී. (විදෙස් නීති ගෙන ඒමට ගත් උත්සාහය සහ එයට ජනමතවිචාරණයක් නියම වීමට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කියවීමට 2021 ජූලි 06 පාර්ලිමේන්තු හැන්සාර්ඩ් වාර්තාවේ 1387- 1450 පිටු බලන්න) 6. මේ සම්බන්ධයෙන් නිහඬව සිටි ඇතැම් කණ්ඩායම් මේ දිනවල විවිධ විරෝධතා පවත්වමින් අධිකරණ අමාත්‍යාංශය සහ නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු විසින් ජනතාවගේ නීතියේ නිදහස සහ අධිකරණ භාෂා බලය අහිමි කිරීම් යටපත් කරන ආකාරයක් දක්නට ඇත. 7. තෙල්, ගෑස් සහ විදුලි අර්බුදය පෙරට ගෙන එන ආණ්ඩු විරෝධය සහ නීතියේ පාලනය බිඳ දැමීමේ උගුල සහ මේ ඇති කරන විරෝධතාවල සැබෑ අරමුණ ජනතාවගේ නීතිමය අයිතිවාසිකම් තව දුරටත් යටපත් කිරීමටද යන්න බුද්ධියෙන් විමසිය යුතුය. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0342256066, 0342256067, 0712063394 (2022 මාර්තු - ෆීනික්ස් නීති සාර සංග්‍රහයෙන්)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...