Skip to main content

තෙල්, ගෑස්, විදුලි අර්බුදය පෙරට ගෙන එන ආණ්ඩු විරෝධය, නීතියේ පාලනය බිඳ දැමීමේ උගුල සහ නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු අධිකරණ අමාත්‍යාංශය සමග පවත්වන වැරදි සම්බන්ධතා.

තෙල්, ගෑස්, විදුලි අර්බුදය පෙරට ගෙන එන ආණ්ඩු විරෝධය, නීතියේ පාලනය බිඳ දැමීමේ උගුල සහ නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු අධිකරණ අමාත්‍යාංශය සමග පවත්වන වැරදි සම්බන්ධතා. (නීතීඥ අරුණ ලක්සිරි උණවටුන)
(තෙල්, ගෑස් සහ විදුලි අර්බුදය පෙරට ගෙන එනආණ්ඩු විරෝධයේ සහ නීතියේ පාලනය බිඳ වැටීමේ අවධානම පිළිබඳ පෙන්වා දීම මෙම ලිපියෙන් අරමුණු කර ඇත) 1. 2002 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් එවකට සිටි පාලන කණ්ඩායම විසින් ගෙනා අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 07ක් විසින් එයට ජනමතවිචාරණයක් නියම කරන ලදී. 2 . එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් 2015 දී නැවත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් කුමන්ත්‍රණකාරී ලෙස 2015 දී 19ය වැරදි ලෙස නීතියක් බවට පත් කර ගන්නා ලදී.(2015 ගෙනා 19ය නීතියක් නොවේ) කියවන්න නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ලියා ඇති "සාලිය පීරිස් ජයගත් නීතීඥ නිලවරණයේ ඇත්ත සඟවන්නේ ඇයි…?" (දිවයින ඉරිදා සංග්‍රහය 2021.03.14) 3. මෙකී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථා වරද නිවැරදි කිරීම වෙනුවට එය යටපත් කිරීම වෙනුවෙන් 2020 දී 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලදී. (ඉහත ලිපිය කියවන්න) 4. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයේ හිටපු ඇමතිවරුන් 20ට ඇතුළත්වන බව දක්වා නැති අතර ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 වන ව්‍යවස්ථාව අනුව අධිකරණ ඇමති සහ තවත් ඇමතිවරු කිහිප දෙනෙක් මේ දක්වා 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ඇමතිවරු ලෙස පත් වී නැත. 4. මේ ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැරදි  සිදුකරද්දී සහ නීතීඥ සංගමය නිහඬව සිටිද්දී ඒවා තවදුරටත් එළිදරව්වීම වැළැක්වීම සඳහා නීති අධ්‍යාපනයෙන් සිංහල භාෂාව තහනම් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය මූලිකත්වයෙන් 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට්ටුව මගින් අනු නීති පනවා ගැනීම පවත්වාගෙන ජනතාවගේ අධිකරණ භාෂා බලය අහිමි කරයි. 5. විදෙස් අන්තවාදී නීති රටට ගෙනවිත් රට අවුල් ජාලයක් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාශය සහ නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු විසින් සහයෝගයෙන් කොරෝනා වෛරස් රෝගයට මුවා වී 2021 ජූනි 08 (2021.05.20 ගැසට් පත්‍රය) පනත් කෙටුම්පතක් ගෙන ආ අතර එක් පුරවැසියෙක් විසින් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කරමින් එම පනත් කෙටුම්පතේ වගන්ති 13න් වගන්ති 7ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ජනමතවිචාරණයක් නියම කර ගනිමින් එකී උත්සාහය පරාජය කරන ලදී. (විදෙස් නීති ගෙන ඒමට ගත් උත්සාහය සහ එයට ජනමතවිචාරණයක් නියම වීමට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කියවීමට 2021 ජූලි 06 පාර්ලිමේන්තු හැන්සාර්ඩ් වාර්තාවේ 1387- 1450 පිටු බලන්න) (නීතඥ සංගමයේ කිහිප දෙනෙක් අධිකරණ අමාත්‍යාංශය සමග එක් වී ජනතාවගේ අයිතිවාසිකම් අහිමි කිරීම සම්බන්ධව මේ වන විට මහජන පෙත්සමක්ද ඉදිරිපත් වී ඇත. https://youtu.be/Hg6n8K9mk-M) 6. මේ සම්බන්ධයෙන් නිහඬව සිටි ඇතැම් කණ්ඩායම් මේ දිනවල විවිධ විරෝධතා පවත්වමින් අධිකරණ අමාත්‍යාංශය සහ නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු විසින් ජනතාවගේ නීතියේ නිදහස සහ අධිකරණ භාෂා බලය අහිමි කිරීම් යටපත් කරන ආකාරයක් දක්නට ඇත. 7. තෙල්, ගෑස්, විදුලි අර්බුදය පෙරට ගෙන එන ආණ්ඩු විරෝධය, නීතියේ පාලනය බිඳ දැමීමේ උගුල සහ නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු අධිකරණ අමාත්‍යාංශය සමග පවත්වන වැරදි සම්බන්ධතා.වල සැබෑ අරමුණ ජනතාවගේ නීතිමය අයිතිවාසිකම් තව දුරටත් යටපත් කිරීමටද යන්න බුද්ධියෙන් විමසිය යුතුය. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0342256066, 0342256067, 0712063394 (2022 මාර්තු - ෆීනික්ස් නීති සාර සංග්‍රහයෙන්)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය