ජනාධිපතිව බංකරයෙන් මුදා ගත හැකි ආකාරය....
"ජනතාව සහ ජනරජයේ ජනාධිපතිවරයා"ලෙස අලුත් පරිච්ඡේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ජනතාව සහ ජනාධිපතිවරයා අතර සම්බන්ධතාවය ශක්තිමත් කරන ආකාරය මෙම ලිපියෙන් පෙන්වා දී ඇත.
ජනාධිපතිවරයා ජනතාව විසින් ඡන්දයෙන් තෝරා ගත්තද ජනාධිපතිවරයා ප්‍රශ්න කළ හැක්කේ මූලික අයිතිවාසිකම් නඩු වලින් පමණි.
මෙය ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ පාලනයට සහ ජනාධිපති සහ ජනතාව අතර ඇති සම්බන්ධතාවට හිතකර නැත.
මේ දුර්වලතාවය හේතුවෙන් වතුර බොර කර බොර දියේ මාලු බෑමට පාර්ලිමේන්තුව සහ අන්තවාදීන් උත්සාහ කරන අතර, පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා පාලනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට අවස්ථාවක් කරගෙන ඇත.
ජනාධිපතිවරයා ජනතාව විසින් සෘජුවම තෝරාපත් කර ගන්නා හෙයින්, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවටයටත් කිරීම නො විය යුතු අතර ජනාධිපතිවරයා ජනතාවට යටත් කිරීම සිඳුවිය යුතුය.
මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට "ජනතාව සහ ජනරජයේ ජනාධිපතිවරයා"ලෙස අලුත් පරිච්ඡේදයක් (VII අ) ඇතුළත් කර ජනතාව සහ ජනාධිපතිවරයා අතර ඇති සම්බන්ධතාවය සහ බැඳීම ශක්තිමත් කළ හැකිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අලුත් පරිච්ඡේදයට (VII අ) ඇතුළත් විය යුතු කෙටුම්පත පහත දක්වා ඇත.
1. ශ්‍රී ලංකා ජනරජයේ
ජනාධිපතිවරයා සිය කාර්ය කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටු කිරීම සමබන්ධයෙන් ජනතාවටද වගකිව යුත්තේය.
2. ජනාධිපතිවරයා වෙත පුරවැසියෙකු යවන යෝජනාවක්, ඉල්ලීමක් සම්බන්ධයෙන් පිළිතුර, විසඳුම දින 30ක් ඇතුළත යොමු කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතුය.
3. ඉහත අංක 2 යටතේ ජනාධිපතිවරයා යොමු කරන පිළිතුර, විසඳුම මගින් අතෘප්තියට පත් වන්නේ නම් ඒ තැනැත්තා හෝ නීතිඥවරයා මගින් "විධායක ජනතා අධිකරණයට" ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකි අතර එකී ඉල්ලීමේ ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයා වගඋත්තරකරු කළ යුත්තේය.
4. මේ පරිච්ඡේදයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන වෘත්තීය හෝ අධ්‍යාපන හෝ නීති හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිපුණතාවය දක්වන වයස අවුරුදු 60 නොඉක්මවූ
05දෙනෙකුගෙන් යුත් "විධායක ජනතා අධිකරණ" දිස්ත්‍රික්කයකට 1 බැගින් පාර්ලිමේන්තුව විසින් පිහිටුවිය යුත්තේය.
5."විධායක ජනතා අධිකරණය" ලබා දෙන තීරණ සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම ලබා දිය යුත්තේය.
6. "විධායක ජනතා අධිකරණය" ලබා දෙන තීරණයකින් අතෘප්තියට පත්වන තැනැත්තන්ට දින 28ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා කළ හැක්කේය.
7. "විධායක ජනතා අධිකරණය" ලබා දෙන තීරණවලට එරෙහිව එන අභියාචනා සළකා බැලීමට පාර්ලිමේන්තුව විසින් නීති මගින් විධිවිධාන සැළැස්විය යුත්තේය.
8. අවථාවෝචිත පරිදි "විධායක ජනතා අධිකරණය" හෝ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීරණ අවසානාත්මක වේ.
දැනට ජනාධිපතිවරයා සමඟ ජනතාවට නෛතිකව සම්බන්ධතා පැවැත්විය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීමෙන් පමණි. ගම්බද ජනතාවට කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීම ප්‍රායෝගිකව දුෂ්කර වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීම පහසු කටයුත්තක්ද නොවේ.
ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම්
නඩු පවරන්නේ නීතිපතිවරයාට එරෙහිවය. ඒ ආකාරයටම මෙම ලියුම්කරු මෙම ලිපියෙන් මතුකරන නෛතික ක්‍රියාවලියත් නීතිපතිට එරෙහිව නඩු පවරන ආකාරයට කළ හැකිය.
මෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමෙන් ජනාධිපතිවරයාට එරෙහිව වර්තමානයේ පවතින මහජන විරෝධය ජනතා හිතවාදීව පාලනය කළ හැකි අතර ගාලුමුවදොර විරෝධයට පදනම සපයා ඇත්තේද ජනාධිපතිවරයා ජනතාව සමග පවතින දුරස්ථ සම්බන්ධයම වේ.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
B Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394) (2022.06.03)
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය
අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි 21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

Comments
Post a Comment