Skip to main content

ජනාධිපතිව බංකරයෙන් මුදා ගත හැකි ආකාරය....

ජනාධිපතිව බංකරයෙන් මුදා ගත හැකි ආකාරය....
"ජනතාව සහ ජනරජයේ ජනාධිපතිවරයා"ලෙස අලුත් පරිච්ඡේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ජනතාව සහ ජනාධිපතිවරයා අතර සම්බන්ධතාවය ශක්තිමත් කරන ආකාරය මෙම ලිපියෙන් පෙන්වා දී ඇත. ජනාධිපතිවරයා ජනතාව විසින් ඡන්දයෙන් තෝරා ගත්තද ජනාධිපතිවරයා ප්‍රශ්න කළ හැක්කේ මූලික අයිතිවාසිකම් නඩු වලින් පමණි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ පාලනයට සහ ජනාධිපති සහ ජනතාව අතර ඇති සම්බන්ධතාවට හිතකර නැත. මේ දුර්වලතාවය හේතුවෙන් වතුර බොර කර බොර දියේ මාලු බෑමට පාර්ලිමේන්තුව සහ අන්තවාදීන් උත්සාහ කරන අතර, පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා පාලනය කිරීමට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට අවස්ථාවක් කරගෙන ඇත. ජනාධිපතිවරයා ජනතාව විසින් සෘජුවම තෝරාපත් කර ගන්නා හෙයින්, ජනාධිපතිවරයා  පාර්ලිමේන්තුවටයටත් කිරීම නො විය යුතු අතර ජනාධිපතිවරයා ජනතාවට යටත් කිරීම සිඳුවිය යුතුය. මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට "ජනතාව සහ ජනරජයේ ජනාධිපතිවරයා"ලෙස අලුත් පරිච්ඡේදයක් (VII අ) ඇතුළත් කර ජනතාව සහ ජනාධිපතිවරයා අතර ඇති සම්බන්ධතාවය සහ බැඳීම ශක්තිමත් කළ හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අලුත් පරිච්ඡේදයට (VII අ) ඇතුළත් විය යුතු කෙටුම්පත පහත දක්වා ඇත. 1. ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා සිය කාර්ය කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටු කිරීම සමබන්ධයෙන් ජනතාවටද වගකිව යුත්තේය. 2. ජනාධිපතිවරයා වෙත පුරවැසියෙකු යවන යෝජනාවක්, ඉල්ලීමක් සම්බන්ධයෙන් පිළිතුර, විසඳුම දින 30ක් ඇතුළත යොමු කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතුය. 3. ඉහත අංක 2 යටතේ ජනාධිපතිවරයා යොමු කරන පිළිතුර, විසඳුම මගින් අතෘප්තියට පත් වන්නේ නම් ඒ තැනැත්තා හෝ නීතිඥවරයා මගින් "විධායක ජනතා අධිකරණයට" ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකි අතර එකී ඉල්ලීමේ ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයා වගඋත්තරකරු කළ යුත්තේය. 4. මේ පරිච්ඡේදයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන වෘත්තීය හෝ අධ්‍යාපන හෝ නීති හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිපුණතාවය දක්වන වයස අවුරුදු 60 නොඉක්මවූ 05දෙනෙකුගෙන් යුත්  "විධායක ජනතා අධිකරණ" දිස්ත්‍රික්කයකට 1 බැගින් පාර්ලිමේන්තුව විසින් පිහිටුවිය යුත්තේය. 5."විධායක ජනතා අධිකරණය" ලබා දෙන තීරණ සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම ලබා දිය යුත්තේය. 6. "විධායක ජනතා අධිකරණය" ලබා දෙන තීරණයකින් අතෘප්තියට පත්වන තැනැත්තන්ට දින 28ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය   වෙත අභියාචනා කළ හැක්කේය. 7. "විධායක ජනතා අධිකරණය" ලබා දෙන තීරණවලට එරෙහිව එන අභියාචනා සළකා බැලීමට පාර්ලිමේන්තුව විසින් නීති මගින් විධිවිධාන සැළැස්විය යුත්තේය. 8. අවථාවෝචිත පරිදි "විධායක ජනතා අධිකරණය" හෝ ශ්‍රේෂ්ඨාධිකරණය  ලබා දෙන තීරණ අවසානාත්මක වේ. දැනට ජනාධිපතිවරයා සමඟ ජනතාවට නෛතිකව සම්බන්ධතා පැවැත්විය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීමෙන් පමණි. ගම්බද ජනතාවට කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීම ප්‍රායෝගිකව දුෂ්කර වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීම පහසු කටයුත්තක්ද නොවේ. ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පවරන්නේ නීතිපතිවරයාට එරෙහිවය. ඒ ආකාරයටම මෙම ලියුම්කරු මෙම ලිපියෙන් මතුකරන නෛතික ක්‍රියාවලියත් නීතිපතිට එරෙහිව නඩු පවරන ආකාරයට කළ හැකිය. මෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමෙන් ජනාධිපතිවරයාට එරෙහිව වර්තමානයේ පවතින මහජන විරෝධය ජනතා හිතවාදීව පාලනය කළ හැකි අතර ගාලුමුවදොර විරෝධයට පදනම සපයා ඇත්තේද ජනාධිපතිවරයා ජනතාව සමග පවතින දුරස්ථ සම්බන්ධයම වේ. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394) (2022.06.03)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය