Skip to main content

ජනාධිපතිට එරෙහිව නඩු පැවරිය හැකි "විශේෂ දිසා අධිකරණය" පිහිටුවීම ජනාධිපති ජනතාවට වගකියන තැනට පත්කිරීමට ඇති එකම මාර්ගයයි...! ( The only way to make the President accountable to the people is to set up a "Special District Court" where cases can be filed against the President ...!)

ජනාධිපතිට එරෙහිව නඩු පැවරිය හැකි "විශේෂ දිසා අධිකරණය" පිහිටුවීම ජනාධිපති ජනතාවට වගකියන තැනට පත්කිරීමට ඇති එකම මාර්ගයයි...! ( The only way to make the President accountable to the people is to set up a "Special District Court" where cases can be filed against the President ...!)
(අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා නොගැනීමට ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම නොව ජනතාව විසින් තෝරා ගන්නා ජනාධිපති ජනතාවට වගකිව යුතු තැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම බව මෙම කෙටි ලිපියෙන් පෙන්වා දී ඇත) විධායක ජනාධිපතිවරයාව ජනතාව විසින් තෝරා පත් කරගත්තද, ජනතාවට ජනාධිපති සමඟ නීත්‍යානුකූලව සම්බන්ධ වීමට ඇත්තේ එකම නීතිමය මාර්ගයකි. ඒ මූලික අයිතිවාසිකම් නඩු පැවරීම පමණි. ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේදී ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපති එයට පිළිතුරු ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිය යුතුය. නඩුව දින්නද, පැරදුනද ජනාධිපතිට එරෙහිව පවරන මූලික අයිතිවාසිකම් නඩුවකදී ජනාධිපතිට නඩු පවරන්නාගේ ඉල්ලීම ඇසීමට සහ පිළිතුරු දීමට නීතිමය බැඳීමක් ඇත. මේ ආකාරයටම ජනතාවගේ වෙනත් ඉල්ලීම්, ගැටළු, යෝජනා සම්බන්ධවත් ජනාධිපතිවරයා ජනතාවට පිළිතුරු, විසදුම් දීමට නීතිමය යාන්ත්‍රණයක් ඇතිකිරීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරයි. වත්මන් ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ "ගම සමඟ පිළිසඳරක්" යන්න ව්‍යවස්ථාවෙන් පිළිගත් නීතිමය යාන්ත්‍රණයක් නොවේ. එය හුදෙක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සිතිවිල්ලකි. විය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපතිවරයා ජනතාවට වගකියන සහ ජනතාවගේ ඉල්ලීම්, ගැටළු, යෝජනා සඳහා ජනතාවට විසඳුම්, පිළිතුරු ඉදිරිපත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීතිමය ක්‍රියා පිළිවෙලක් ඉදිරිපත් කිරීමය. එවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකු එකතු වී ඔවුන්ගේ පුද්ගලික අදහස් අනුව ජනතා ඉල්ලීම්, ගැටළු, යෝජනා සඳහා ජනාධිපතිගේ විසඳුම්, යෝජනා ඉදිරිපත් කරන වත්මන් ක්‍රමය වෙනස් කළ හැකිය. ජනතාවගේ ඉල්ලීම්, ගැටළු, යෝජනා සඳහා ජනාධිපතිවරයාගේ විසඳුම්, පිළිතුරු ඉදිරිපත් කිරීම දින 30ක් ඇතුළත කිරීමට ජනාධිපතිට නියම කළ හැකි අතර, ජනාධිපතිවරයාගේ විසඳුම්, පිළිතුරු වලින් අතෘප්තියට පත්වන තැනැත්තාට එයට එරෙහිව නීතිමය සහන ලබා ගැනීමට යාන්ත්‍රණයක් පවතින අධිකරණ ක්‍රමය හරහා ඇති කළ යුතුය. දැනට පවතින ජනාධිපතිට එරෙහිව පවතින මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ අයිතිය තව දුරටත් පුළුල් කළ යුතු අතර "විශේෂ දිසා අධිකරණය" පිහිටුවා එහි නඩු පැවරීම දක්වා මෙය ව්‍යාප්ත කළ යුතුය. ජනාධිපතිට එරෙහිව නඩු පැවරිය හැකි "විශේෂ දිසා අධිකරණය" පිහිටුවීම ජනාධිපති, ජනතාවට වගකියන තැනට පත්කිරීමට ඇති එකම මාර්ගය වන අතර, ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට හෝ අගමැතිවරයාට ලබා දීමෙන් හෝ මාරු කිරීමෙන් ජනතාවට අත්වන සෙතක් නැත. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394) (2022.06.02)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය