Skip to main content

නීති විභාග  සිංහල භාෂාවෙන් පවත්වන්නේ නම් ප්‍රමිතියෙන් ඉහළ නීති අධ්‍යාපනයක් ලබා දීම සහතික කිරීමට සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීමද ශ්‍රී ලංකා නීති විද්‍යාලය කළ යුතුය.

නීති විභාග සිංහල භාෂාවෙන් පවත්වන්නේ නම් ප්‍රමිතියෙන් ඉහළ නීති අධ්‍යාපනයක් ලබා දීම සහතික කිරීමට සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීමද ශ්‍රී ලංකා නීති විද්‍යාලය කළ යුතුය...!
1. ශ්‍රී ලංකාවේ අධිකරණ භාෂාව සහ නීති පැනවීමේ භාෂාව සිංහල භාෂාව වන අතර පනත් අතර අනනුකූලත්වයක් ඇති වවහොත් සිංහල භාෂා පාඨය යොදා ගත යුතුය. 2. වෛද්‍ය පීඨයේ ඉංග්‍රීසි  භාෂාවෙන් පමණක් උගන්වන අතර විභාග වෙනත් භාෂාවලින් පවත්වන්නේ නැත. 3. වෛද්‍ය පීඨවල උගන්වන්නේ නැති භාෂාවලින් විභාග පවත්වන්නේ නැත්තේ වෛද්‍ය අධ්‍යාපනයේ සහ වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතීන් ආරක්ෂාවටය. 4. 1972 සිට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රමිතියෙන් ඉහළ නීති අධ්‍යාපනයක් සිංහල භාෂාවෙන් ලබා දුන් අතර  ඒ අනුව නීති විභාගද සිංහල භාෂාවෙන් පැවැත් වීය. 5. නීති විභාග වලට පෙනී සිටීමට හැකි සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නෛතික යුතුකමක් වන අතර, එමගින් නීති අධ්‍යාපනයේ සහ නීති වෘත්තියේ ප්‍රමිතීන් ආරක්ෂා වෙයි. 6. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා නොදී නීති විභාග සිංහල භාෂාවෙන් ලිවීමට අවස්ථාව සළසා දීම එහි අධ්‍යාපන ගාස්තු ලෙස ගන්නා මුදල් අවභාවිත කිරීමට අවස්ථාව සළසා ගැනීමක් සහ ප්‍රමිතියෙන් උසස් නීති අධ්‍යාපනය ලබා දීමක් නොවේ. 7.නීති විභාග පවත්වන භාෂාවෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලය විසින් නීති අධ්‍යාපනය ලබාදීම ප්‍රමිතියෙන් ඉහළ නීති අධ්‍යාපනයක් ලබා දීමක් වන අතර ප්‍රමිතියෙන් යුත් ඉහළ නීති වෘතියකට දායකත්වය සැපයීමකි. "නීතියේ සිංහල නගමුල" ෆීන්ක්ස් නීති සාර සංග්‍රහය 0342256066, 0342256067, 0712063394 (2023.03.05)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය