Skip to main content

ඉතිහාසයේ පළමු වතාවට පුවත් පතක පළ වූ ප්‍රවෘත්තියක් හේතුවෙන් නීතීඥවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකින් ඉවත් වෙයි.

ඉතිහාසයේ පළමු වතාවට පුවත් පතක පළ වූ ප්‍රවෘත්තියක් හේතුවෙන් නීතීඥවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකින් ඉවත් වෙයි.
පුවත්පතක පළවූ වැරදි ප්‍රවෘත්තියක් හේතුවෙන් ආයුර්වේද සංශෝධනයට එරෙහි මුල්ම පෙත්සමේ නීතීඥවරයා එම නඩුවෙන් ඉවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බව අලුත්කඩේ අධිකරණ සංකීර්ණයෙන් ආරංචි වෙයි. සිද්ධිය මෙසේය. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිවරයා විසින් 2023 ජූලි 05 වැනි දින පාර්ලිමේන්තුවේ පළමුවර කියවා ඇත. එම පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේය පදනමින් මත්තෙගොඩ ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා ඇත. පළාත් සභා ලැයිස්තුව යටතේ ඇති ආයුර්වේදය අදාල කාරණා සම්බන්ධයෙන් යෝජිත ආයුර්වේද සංශෝධනය පළාත් සභා නොවිමසා ගෙනවිත් ඇති බව ඇතුලු කාරණා එකී පෙත්සම මගින් කියා ඇත. සෙවනගල ප්‍රදේශයේ සහ මුල්ලේරියාව නව නගරයේ ආයුර්වේද වෛද්‍යවරුන් 2කු විසින්ද එවැනිම නඩුවක් පෙරකී නීතීඥවරයා මගින්ම ඉදිරිපත් කර ඇත. 2023 ජූලි 19 වැනි දින එකී 2වන නඩුව සම්බන්ධයෙන් වැරදි කරුණු ඇතුළත් ප්‍රවෘත්තියක් "දිවයින" පුවත්පතේ පළ වී ඇත. එකී වැරදි ප්‍රවෘත්තිය හේතුවෙන් නීතීඥ මහතාට තමන්ගේ නඩුවෙන් ඉවත්වන එහි සේවාදායකයා ඉල්ලා ඇත. එකී ප්‍රවෘත්තිය නිවැරදි කරමින් 2023.07.20 දින "දිවයින" පුවත්පත විසින් නිවැරදි කිරීමක්ද පළකර ඇත. ආයුර්වේද පනත සංශෝධනයට එරෙහිව මුල්ම පෙත්සම ඉදිරිපත් කළ ආයුර්වේද වෛද්‍යවරයාගේ නීතීඥවරයා මෙම තත්ත්වය ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කර, එකී නඩුවෙන් ඉවත්වීමට අවසර ඉල්ලා නීතිපතිවරයාටත්, සේවාදයකයාටත් එහි පිටපත් ලබා දී ඇත. "අලුත්කඩෙන් ඇසෙන පුවත්"

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...