Skip to main content

1978 සිට මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 අනුව්‍යවස්ථාවට අනනුකූල පනත් කෙටුම්පත් කීයක් නීතියක් බවට පත්වී තිබේද?

1978 සිට මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 අනුව්‍යවස්ථාවට අනනුකූල පනත් කෙටුම්පත් කීයක් නීතියක් බවට පත්වී තිබේද?
1. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පළමු ස්වස්ථානික ව්‍යවස්ථාව එනම් පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙයි. 2. එහි 10.1 ව්‍යවස්ථාව මෙසේය. 10. (1) All written laws, including subordinate legislation in force immediately prior to the commencement of the Constitution, shall be published in the Gazette in Sinhala and in Tamil translation as expeditiously as possible under the authority of the Minister in charge of the subject of Justice. 3. ඒ අනුව 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීමට පෙර බලාත්මක වූ සියලු නීති සහ අනුනීති හැකිතාක් ඉක්මණින් සිංහල සහ දෙමළ භාෂාවෙන් ගැසට් පත්‍රයේ පළ කළ යුතු විය. 4. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලැබූ 2වන සංශෝධනය වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.3 ව්‍යවස්ථාවේද ඉහත 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10.1 ව්‍යවස්ථාවේ දක්වා ඇති විධිවිධානය කාලීනව දක්වා ඇත. 5. එය මෙසේය. 23. 4. All laws and subordinate legislation in force immediately prior to the commencement of the Constitution, shall be published in the Gazette in the Sinhala and Tamil Language as expeditiously as possible. 6. ඒ අනුව 1946 සෝල්බරි ව්‍යවස්ථාවට පෙර පනවා ඇති ආඥාපනත්, සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පනවා ඇති පනත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙන් පසු සංශෝධනය කිරීමට යන අවස්ථාවල 23.4 ව්‍යවස්ථාව අනුව ඉංග්‍රීසි භාෂාවෙන් ඇති මව් ආඥාපනත - පනත/ මුල් ආඥාපනත - පනත සිංහල සහ දෙමළ භාෂාවෙන් ගැසට් පත්‍රයේ පළ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අත්‍යවශ්‍ය කාර්යයක් වෙයි. 7. එසේ නොමැතිව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙන් පසු සංශෝධනය කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයැයි දක්වා ඇති සිංහල සහ දෙමළ භාෂාවෙන් ගැසට් පත්‍රයේ පළ කර නැති මව් ආඥාපනතට - පනතර/ මුල් ආඥාපනතට - පනතට කර ඇති සියලුම සංශෝධන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල සංශෝධන වෙයි. 8. ඒ අනුව 1978 සිට මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 අනුව්‍යවස්ථාවට අනනුකූල පනත් කෙටුම්පත් කීයක් නීතියක් බවට පත්වී තිබේද? යන්න ගණනය කිරීම රටේ නීතියේ පාලනය පිළිබඳව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කිරීමේ යුතුකම පිළිබඳ තත්ත්වයකි. අරුණ ලක්සිරි උණවටුන B.Sc (Col), PGDC(Col) නීතීඥ   - සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2023.07.27)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...