Skip to main content

භාෂා පරමාධිපත්‍යය පිළිබද විමසා බලන නීති අධ්‍යයන කතිකාව - ජුලි 18 කොළඹ මහජන පුස්තකාලයේදී...

භාෂා පරමාධිපත්‍යය පිළිබද විමසා බලන නීති අධ්‍යයන කතිකාව


භාෂා පරමාධිපත්‍යය සම්බන්ධ නීතිය විමසා බලන නීති අධ්‍යයන වැඩමුළුව ජුලි 18 කොළඹ මහජන පුස්තකාලයේදී...

විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ භාෂා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම - උපරිමාධිකරණවල දී භාෂා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට නො හැකි වීම - ප්‍රතිඵල සහ විසදුම්
[ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම සදහා පවත්වන නීති අධ්‍යයන වැඩමුළු මාලාවේ
07 වන වැඩමුළුව (සිංහල මාධ්‍ය)]

(1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා - 2000 යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ
අභිබවනය කළ කතානායක තීරණ ඇසුරෙන්)

විශ්ව විද්‍යාල, නීති විද්‍යාල,උසස් අධ්‍යයන ආයතන සිසුන්, නීතිඥයින්, වෘත්තිකයින් ඇතුළු නීතිය පිළිබද උනන්දු ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය.

දිනය - 2019 ජුලි 18 (බ්‍රහස්පතින්දා) සවස 2.30 – 5.30

ස්ථානය - කොළඹ 07,මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේ දී

නීති මූලාශ්‍ර ලබා දේ
ආසන සීමිතයි
0712063394 දුරකථන අංකයෙන් අමතා ආසනයක් වෙන්කර ගන්න
(ගාස්තු අය කිරීමක් නැත)

නීති අධ්‍යයන වැඩමුළුවේ අන්තර්ගතය

1.       ජනතාවගේ පරමාධිපත්‍යය සහ භාෂා පරමාධිපත්‍යය විස්තර කිරීම සහ ඒවා අතර සම්බන්ධය

2.       විධායකය සහ ව්‍යවස්ථාදායකය රාජ්‍ය භාෂාවෙන් කටයුතු කිරීමත් උපරිමාධිකරණ රාජ්‍ය භාෂාවෙන් කටයුතු නොකිරීමේත් නීතිමය තත්ත්වය

3.       රාජ්‍ය භාෂාව - ජාතික භාෂාව - පරිපාලන භාෂාව - නීති පැනවීමේ භාෂාව - අධිකරණ භාෂාව සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති විධිවිධාන

4.       ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ බණ්ඩාරනායකවරුන්ට වැරදුනේ නීතියේ කොතනද?

5.       සිංහල රාජ්‍ය භාෂාව කිරීම උපරිමාධිකරණවලට අදාල නොවූයේ ඇයි?

6.       භාෂාව සහ මූලික අයිතිවාසිකම් අතර සම්බන්ධය

7.       භාෂාව මත වෙනස්කමකට ලක්නොවීමට නීතිය මගින් පිහිටුවා ඇති ආයතන

8.       19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මගින් පොදු ජනතාවගේ භාෂා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ගෙන එනු ලැබූ විධිවිධාන පාර්ලිමේන්තුව විසින් ඉවත් කළ ආකාරය

9.       නීතිය පිළිබද මහජන විශ්වාසය තහවුරු වීමට අවශහ්වන උපරිමාධිකරණ නඩු තීන්දුවලට ප්‍රවේශ වීමට ඇති අයිතිය පොදු ජනතාවට තිබේද?

10.   නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු බවට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන පවතින්නේ නඩු විභාගවන අධිකරණ ශාලාවට පැමිණීමට ජනතාවට ඇති අයිතිය පමණද?

11.   උපරිමාධිකරණ නඩු තීන්දු රාජ්‍ය භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් නොලැබීම ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනයට සහ රටේ සංවර්ධනයට බාධාවක්ද?

12.   නීති මූලාශ්‍ර ලෙස ව්‍යවස්ථා සහ උපරිමාධිකරණ නඩු තීන්දු රාජ්‍ය භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් තිබීම නීතියේ පාලනයට අවශ්‍යද?
විමසීම නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col)
දුරකථන 0712063394
විද්‍යූත් තැපැල් arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...