Skip to main content

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)


ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය
දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස|හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය.

රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණිකවිද්‍යාත්මකකෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ.

පිරිනමනු ලබන ත්‍යාග සහ පහසුකම්

1 වන ස්ථානය කුසලානය සහ රු.10,000.00ක් වටිනා පොත්/අධ්‍යාපන උපකරණ කට්ටලයක්
2 වන ස්ථානය කුසලානය සහ රු.7,500.00ක් වටිනා පොත්/අධ්‍යාපන උපකරණ කට්ටලයක්
3 වන ස්ථානය කුසලානය සහ රු.5,000.00ක් වටිනා පොත්/අධ්‍යාපන උපකරණ කට්ටලයක්
4 වන ස්ථානය සිට 20 වන ස්ථානය දක්වා කුසලාන හිමි වේ.

මෙම රචනා/නිබන්ධන තරඟයට ඉදිරිපත්කරන අයට  මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන යටතේ පවත්වන සිංහල මාධ්‍ය නීති අධ්‍යයන වැඩසටහන් දෙනාට 2019 පෙබරවාරි මස 21 දින ජාත්‍යන්තර මව් භාෂා දිනයට සමගාමීව කොළඹදී පවත්වන සිංහල මාධ්‍යය නීති අධ්‍යයන වැඩමුළුවලට/වැඩසටහන්වලට මුදල් ගෙවීමකින් තොරව සහභාගී වීමට සහ එහිදී වටිනා නීති කෘතියක් ඇතුළු නීති මූලාශ්‍ර ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.

රචනා/නිබන්ධන ඉදිරිපත් කළ යුතු ආකාරය සහ තරඟ කොන්දේසි

·         රචනයේ/නිබන්ධයේ මාතෘකාව අකුරු ප්‍රමාණය/විශාලත්වය 16 සහ අන්තර්ගතය අකුරු ප්‍රමාණය/විශාලත්වය 12ද, සහ අකුරු වර්ණය කලු (අවශ්‍ය අවස්ථාවලදී පමණක් වර්ණ අකුරු යොදා ගත හැක) සහ එක් ඡායාරූපයක්/චිත්‍රයක් පමණක් ඇතුළත් සහ වචන 500-1000 අතර විය යුතුය.

·         ඉදිරිපත්කරන රචනය/නිබන්ධනය යුනිකෝඩ් හෝ පීඩීඑෆ් ආකාරයෙන් විද්‍යූත් තැපෑලෙන් හෝ ලියාපදිංචි තැපෑලෙන් 2018 නොවැම්බර් 30ට පෙර  ඉදිරිපත් කළ යුතුය.

·         එක් අයකුට එවිය හැකි රචනා/නිබන්ධන සංඛ්‍යාව 1ක් පමණක් වන අතර කර්තෘ ස්වාධීනව ඉදිරිපත් කළ යුතු අතර රචනය/නිබන්ධනය සදහා මූලාශ්‍ර ලබා ගත් ස්ථානයන් රචනය/නිබන්ධනය අවසානයේ දක්වා තිබිය යුතුය.

·         සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ සම්පූර්ණ හිමිකම/අවසන් තීරණය මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන මගින් සිදු කරන අතර ත්‍යාග පිරිනැමීම සඳහා තෝරා ගැනීමට කිසිදු ආකාරයේ බලපෑම් කිරීම තරඟයෙන් ඉවත් කිරීමට හේතු වේ.

·         පිරිනමනු ලබන ත්‍යාග සහ පහසුකම් හැර වෙනත් කිසිම හිමිකමක් ලබා ගැනීමට හෝ ඉල්ලීමක් කිරීමට හෝ පහසුකම් ලබා ගැනීමට තරඟයට රචනා/නිබන්ධන ඉදිරිපත් කරන තරඟකරුවන්ට නොහැකිය.

·         රචනා/නිබන්ධනවල ආවරණ පිටුවේ අතර සම්පූර්ණ නම, ලිපිනය, උපන් දිනය, පාසල, වර්තමාන තත්ත්වය, දුරකථන අංකය, විද්‍යුත් ලිපිනය (තිබේනම්), ජාතික හැදුනුම්පත් අංකය සදහන් කර යුනිකෝඩ් ආකාරයෙන් සහ පීඩීඑෆ් ස්වරූපයෙන් arunaunawatuna@gmail.com සහ  mawbhashawalk@yahoo.com විද්‍යුත් ලිපිනයට හෝ  නීතීඥ අරුණ ලක්සිරි උණවටුන, අංක 02, බෞද්ධ මධ්‍යස්ථාන පාර, කොළඹ 10 ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් 2018.11.30 දිනට පෙර යොමු කළ යුතුය. (තැපෑලෙන් යොමු කරන්නේ නම් කවරයේ වම් පස ඉහළ රචනා/නිබන්ධන තරඟය කියා දක්වන්න)

·         ඉදිරිපත් කරන රචනා/නිබන්ධන අවස්ථානුකූලව අන්තර්ජාලයේ සහ මුද්‍රිත මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීමට පියවර ගනු ලැබේ.

රචනා/නිබන්ධන ඉදිරිපත් කිරීමට වයස් සීමාවක් නැති අතර ජාතික සහ ජාත්‍යන්තර පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, නීති අධ්‍යයන සිසුන් නීතීඥවරුන් ඇතුළු උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට තරඟයට සහභාගිවිය හැකිය.

රචනා/නිබන්ධන භාර ගන්නා අවසන් දිනය 2018.11.30

ත්‍යාග පිරිනමන දිනය 2019.02.21(ජාත්‍යන්තර මව් භාෂා දින) කොළඹ දී

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන - මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන -
දු. අංක 0712063394 විද්‍යුත් තැපැල් arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය