Skip to main content

"බුද්ධ ශාසනය" සහ පෙරදිග ශිෂ්ටාචරය අභිබවා "බුද්ධ දර්ශනය" සමග එංගලන්තයේ සහ අපරදිග ආධිපත්‍යය පතුරවන "නාගානන්ද" ව්‍යවස්ථාව.......

"බුද්ධ ශාසනය" සහ පෙරදිග ශිෂ්ටාචරය අභිබවා  "බුද්ධ දර්ශනය" සමග එංගලන්තයේ සහ අපරදිග ආධිපත්‍යය පතුරවන "නාගානන්ද" ව්‍යවස්ථාව.......


වර්තමානයේ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසියට පරිවර්තනය නොවී පවතින ස්ථාන 2කි. ඒ "බුද්ධ ශාසනය"  ඇතුලත් 9 වන ව්‍යවස්ථාවේ කොටස සහ 7වන ව්‍යවස්ථාවේ සහ 3වන උපලේඛනය මගින් නිරූපිත ජාතික ගීයේ පදමාලාවයි.

(ජාතික ගීයේ පදමාලාවේ දෙමළ පරිවර්තනය දෙමළ භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1978 සිටම ඇතුලත් කර තිබීමෙන් ජාතික ගීය සිංහල -දෙමළ භාෂා දෙකෙන්ම ගායනා කිරීම සම්බන්ධව ගැටලු වර්තමානයේ මතු වී ඇත.)

"බුද්ධ ශාසනය" කියන වචන ඉංග්‍රීසියෙන් පරිවර්තනය නොවී ඒ ආකාරයෙන්ම ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින හෙයින එම වචන අර්ථනිරූපණය කිරීමට එංගලන්තයට හෝ එංගලන්ත නීති වාර්තා වලින් හැකියාවක් නැත. එය අර්ථනිරූපණය කළ යුත්තේ අටුවා, ටිකා සහ පෙරදිග ධර්ම ග්‍රන්ථ මගින් සහ පෙරදිග චින්තකයන්ගේ අදහස් විමසීමෙනි.

"බුද්ධ ශාසනය" සම්බන්ධව ගැටලුවක් ඇති වන විට එම වචන අර්ථනිරූපණය කිරීමට පෙරදිග ශිෂ්ටාචරය විමසා බැලිය යුතුය.

නාගානන්ද ව්‍යවස්ථාවෙන්  කරන්නේ එම වචන දෙක එනම්  "බුද්ධ ශාසනය" වචන ඉවත්කර ඉංග්‍රීසියට පරිවර්තනය කළ හැකි "බුද්ධ දර්ශනය" යන වචන ඇතුල් කිරීමයි. එවිට ලංකාව සම්බන්ධව, බුදු දහම සම්බන්ධයෙන් තීරණ ගැනීමට සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍යයට/ බටහිරට පුලුවන. මන්ද "බුද්ධ දර්ශනය" යන වචනය ඉංග්‍රීසියට පරිවර්තය කළ හැකි හෙයිනි.

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසියෙන් පරිවර්තනය වී ඇති සෑම වචනයකම නීතිමය අර්ථනිරූපණය එංගලන්ත නීති වාර්තා (All England Law Report) සහ ඉංග්‍රීසි නීතිය සහ බටහිර ව්‍යවස්ථා නීති විශාරදයන්ගේ මත පදන්ම් වී ගනු ලබන බව නීතිය පිළිබද මූලික අවබෝධය ඇති අය දනී.

"බුද්ධ ශාසනය" යන ඉංග්‍රීසියට පරිවර්තනය කළ නොහැකි පෙරදිග පෙරදිග වචන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමටත්, එමගින් පෙරදිග ශිෂ්ටාචරයට තර්ජනයක් කිරීමටත්  ඉඩ දිය යුතු නොවේ..

"බුද්ධ ශාසනය"යන්න ඉංග්‍රීසියෙන් පරිවර්තනය නොවී ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින හෙයින් එංගලන්ත නීති වාර්තා මගින් එය අර්ථනිරූපණය කළ නොහැකිය.

"නාගානන්ද" ව්‍යවස්ථාවෙන් සූදානම් වන්නේ බුද්ධ ශාසනය යන්න  ඉවත්කර එංගලන්ත නීති වාර්තා වලින් සහ බටහිරට අවශ්‍ය ආකාරයට අර්ථනිරූපණය කළ හැකි "බුද්ධ දර්ශනය" ඇතුල් කිරීමයි.

මෙසේ කිරීමෙන් සිදුවන්නේ බුදු දහම සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමට එංගලන්තයට අවස්ථාව ලබා දීමයි. එනම් බුදු දහමේ පෙරදිග චින්තනය වෙනුවට අපරදිග චින්තනය ඇතුලු වී බුද්ධ ශාසනය පරිහාණියට පත් වීමයි. පෙරදිග චින්තනයේ සහ පෙරදිග ශිෂ්ටාචරයේ ආරක්ෂාව ලබන්නෝ මෙයට ඉඩදිය යුතු නැත.
(නීතිඥ අරුණ ලක්සිරි උණවටුන)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...