Skip to main content

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට ඇති හැකියාව සීමාකිරීම සම්බන්ධයෙන් 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය 2015දී කථානායකවරයා උල්ලංඝනය කිරීම වත්මන් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල සළකා බලයිද?
1වන වරට 19ය 2002දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර 2002 සැප්තැම්බර් මස 11 වන දින ගැසට් පත‍්‍රයේ පළ කර ඇත.
2002 වර්ෂයේ ගෙන එනු ලැබූ එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී.
වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එකී 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5 වන වගන්තිය අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ඉක්බිතිව 70 (අ) ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිට සීමා කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත් එය නීතියක් වන්නේ ජනමත විචාරණයක් මගින් ජනතාව විසින්ද අනුමැතිය දීමෙන් පසුව බව අගවිනිසුරු ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7 දෙනකු විසින් තීරණය කර තිබූ අතර ඒ හේතුවෙන් එකී 19යේ ඉදිරි කටයුතු එතනින් නතර විය.
2වන වරටත් 19ය 2015දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම...
අග‍්‍රාමාත්‍යතුමා සහ ප‍්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි 2015 මාර්තු මස 13 වන දින ගැසට් පත‍්‍රයේ 11 වන කොටස අතිරේකය (2015.03.16 දින නිකුත් කරන ලද) 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 19 වගන්තිය මගින් පාර්ලිමේන්තුව විසිරවීමට අදාළ ජනාධිපතිවරයා සීමා කරන විධිවිධානද දැක්වේ.
2015 දී ගෙනා 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට පෙර එනම් 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 7 දෙනකු විසින්, එදා (2002) ගෙනා 19යේදී ගෙනා 19 සම්බන්ධයෙන් තීරණය කළ පරිදි පාර්ලිමේන්තුව විසිරුවීමෙන් ජනාධිපති වළක්වන විධිවිධානය නීතියක් බවට පත් කිරීමට ජනතාවගේ මතය විමසන ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍යතාවය පූර්ණය කළ යුතු වුවත්, මේ වනතෙක් එසේ කටයුතු කර නැති නමුත් 2002දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7දෙනෙකු ලබා දුන් ඒකමතික තීරණයට පටහැනිව ජනමතවිචාරණයකට නොගොස් 2015 දී ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කුමන්ත්‍රණකාරී ලෙස නීතියක් ලෙස බලහත්කාරයෙන් පවත්වාගෙන යයි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 නොවැම්බර් මස 09 වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළව නිකුත් කළ
ගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවකින් නලීන් පෙරේරා (අ.වි) බුවනෙක අලූවිහාර (වි), සිසිර ආබෲ(වි) ප‍්‍රියන්ත ජයවර්ධන (වි), විජිත මලල්ගොඩ(වි), ප‍්‍රසන්න ජයවර්ධන (වි) සහ මෘදු ප‍්‍රනාන්දු (වි) විසින් ලබා දුන් තීන්දුවේදී පවා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට ඇති හැකියාව සීමාකිරීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බවට, සම්බන්ධයෙන් 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය සළකා බලා නැතිබව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තවමත් පනත් කෙටුම්පතක් පමණක් බවට සමාජයේ කතිකාවක් ඇති කරන ලේඛකයන්ගේ සහ විද්වතුන්ගේ අදහසයි.
එවන් තත්ත්වයක් තුළ (2002 දී ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව කථානායකවරයා සහතිකය යෙදූ) 19යට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් මැතිවරණ කොමිසම විසින් 2020 ජුනි 20 පාර්ලිමේන්තුව මැතිවරණය පැවැත්වීමට තීරණය කිරීමට එරෙහිව ගොනු වී ඇත.
එකී පෙත්සම්වල පසුබිම
2020 මාර්තු 02 දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි අතර අප්‍රේල් 25 දින මහමැතිවරණය පැවැත්වීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නාමයෝජනාද බාරගෙන තිබුණි.
(නීති විරෝධී 19ය යටතේ පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් විරෝධය දක්වා මෙම ලියුම්කරු විසින් ජනාධිපතිවරයාට සිය විරෝධය දක්වා ඇත)
පසුව ඇති වූ විශේෂ තත්වය මත මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය 2020 ජූනි 20 දින පැවැත්වීමට ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කළ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ සිට මාස තුනක් නොඉක්මවීමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බවට වූ අවශ්‍යතාවය ඒ අනුව සපුරාලිය නොහැකි තත්වය උද්ගතවී ඇති පදනමින් මෙම පෙත්සම් ගොනු කර ඇත.
මෙම පෙත්සම් සළකා බැලීම සදහා අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පංච පුද්ගල විනිසුර මඩුල්ලක් මේ වන විටත් පත්කර ඇති අතර මැයි 18 සහ 19 දිනවල ඒ සදහා නියම කර ඇත.
පංච පුද්ගල විනිසුරු සංයුතිය සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 පාර්ලිමේන්තුව විසිරුවීම අදාල නඩුවෙ විනිසුරු 7දෙනාගේ සංයුතියේ වැදගත්කම.
මැතිවරණ කොමිසම විසින් 2020 ජුනි 20 පාර්ලිමේන්තුව මැතිවරණය පැවැත්වීමට තීරණය කිරීමට එරෙහිව ගොනු වී ඇති පෙත්සම් විභාගය සදහා අග විනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ,සිසිර ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන,  විජිත් මලල්ගොඩ විනිසුරුවරු සමන්විතවන අතර, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 පාර්ලිමේන්තුව විසිරුවීම අදාල නඩුවෙ විනිසුරු 7දෙනාගේ සංයුතියට නලීන් පෙරේරා (අ.වි) බුවනෙක අලූවිහාර (වි), සිසිර ආබෲ(වි) ප‍්‍රියන්ත ජයවර්ධන (වි), විජිත මලල්ගොඩ(වි), ප‍්‍රසන්න ජයවර්ධන (වි) සහ මෘදු ප‍්‍රනාන්දු (වි) ඇතුලත් විය.
මෙම විනිසුරු සංයුතීන් දෙස සැළකිල්ලෙන් බැලීමේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 පාර්ලිමේන්තුව විසිරුවීම අදාල නඩුවේ ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා අද අගවිනිසුරුවරයා වීමත්, එදා තමන්ගේ නීති තර්ක පිළිනොගත් විනිසුරුවරු 4දෙනෙකු සමග 2020 මැයි 18 සහ 19 දිනවල, මැතිවරණ කොමිසම විසින් 2020 ජුනි 20 පාර්ලිමේන්තුව මැතිවරණය පැවැත්වීමට තීරණය කිරීමට එරෙහිව ගොනු වී ඇති පෙත්සම් සළකා බැලීම සදහා පංච පුද්ගල විනිසුරු සංයුතිය සකස් වීමත් සුවිශේෂ වෙයි.
නීතියේ ස්වභාවය සහ ධූරවල ස්වභාවය මෙය වුවත්, 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය උල්ලංඝනය කරමින් 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 සහ 80 ව්‍යවස්ථාවලට පටහැනිව සහතිකය යෙදීම සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය මෙම පංච පුද්ගල විනිසුරු නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසදන්නේද? එසේ විසදෙන්නේනම් මෙම නඩුවේ  විනිශ්චය සහ විශේෂයෙන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මේ සම්බන්ධයෙන් දක්වන විනිශ්චය ජනතාවට ඉතා වැදගත් වන බවත් මෙම ලියුම්කරුගේ අදහසයි.
පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ විනිශ්චය ජනතාවට ඉතා වැදගත් වන බව.
මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය 2020 ජූනි 20 දින පැවැත්වීමට එරෙහි නඩුවල විනිශ්චය කවර ස්වාභාවයක් ගත්තද, එය ඉතා වැදගත් වන්නේ ඉහත කාරණා මත පමණක් නොවේ..
පංච පුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් පිළිගෙන ක්‍රියා කරමින් ජූනි 20 පවත්වන මැතිවරණය අවලංගු කළහොත් එනයින්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මාර්තු 02 දිනැතිව පාර්ලිමේන්තුව විසුරුවන ලද ගැසට්ටුවත් අවලංගු වෙනවද? යන්න නීතිමය ලෙස දැනගැනීම ජනතාවට ඉතා වැදගත් වේ.
මන්ද යත් වසර 4 1/2ක් ගෙවීයන තෙක් පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය 2918.12.13 දින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 දී පාර්ලිමේන්තුව විසිරුවීම අදාල නඩුවේ විනිශ්චය කර ඇති හෙයින් (2002 දී ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව කථානායකවරයා සහතිකය යෙදීම සළකා නොබලා) එකී විනිශ්චයෙන් වර්තමාන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවීම වෙනස්වන්නේ කෙසේද? යන්නත් පිළිබද ලැබෙන අර්ථනිරූපණයත් වැදගත් වේ.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය 2020 ජූනි 20 දින පැවැත්වීමට එරෙහි නඩුවලද විනිශ්චයේදී,
1. 2002 දී ගෙනා 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7දෙනාගේ ඒකමතික තීරණය,
2. 2015 දී ගෙනා 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 3 දෙනාගෙ තීරණය
3. 2018 දී මෛත්‍රීපාල ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරවීම අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු 7 දෙනාගේ තීන්දුව සහ ඉදිරිපත් කරන වෙනත් නීති සැළකිල්ලට ලක් කරමින් සිය විනිශ්චය ලබා දෙනු ඇත.
ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට ඇති හැකියාව සීමාකිරීම සම්බන්ධයෙන් 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය සහ එහි දැක්වෙන ජනමත විචාරණයේ අවශ්‍යතාව සහ එකී ජනමත විචාරණය මේ දක්වා නොපැවැත්වීම සම්බන්ධයෙන්  අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල සළකා බලයිද? යන්න කීමට තවම අවස්ථාව නොවුණත් එකී විනිශ්චය අධ්‍යනය කිරීමෙන් පසු එකී විනිශ්චයේ බලපෑම සම්බන්ධයෙන් කතිකාවක් ඇති කළ හැකිය.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය