Skip to main content

ඇතැමුන් විසින් 20 සම්බන්ධයෙන් දිවයින ඉරිදා සංග්‍රහය පාඨකයන්ගෙන් සගවන රහස් එළිදරව් කිරීම නීතිඥවරුන්ගේ යුතුකමයි...!

ඇතැමුන් විසින් 20 සම්බන්ධයෙන් දිවයින ඉරිදා සංග්‍රහය පාඨකයන්ගෙන් සගවන රහස් එළිදරව් කිරීම නීතිඥවරුන්ගේ යුතුකමයි...! (මෙම ලිපිය දිවයින ඉරිදා සංග්‍රහය වෙත යොමු කර ඇත) 19 එපා…. මෙහෙම විස්සකුත් එපා...ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජනතාව ඉල්ලූ ව්‍යවස්ථා සංශෝධනය මොකක්ද? මැයෙන් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව 2020.09.27 දිවයින ඉරිදා සංග්‍රහයට ලියා ඇති ලිපියට පිළිතුරු.... නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.09.28) මෙම ලිපිය මගින් දක්වන කරුණු දැක්වීම '19 එපා…. මෙහෙම විස්සකුත් එපා...ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජනතාව ඉල්ලූ ව්‍යවස්ථා සංශෝධනය මොකක්ද? මැයෙන් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව 2020.09.27 දිවයින ඉරිදා සංග්‍රහයට ලියා ඇති ලිපියෙන් ශ්‍රී පවන් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල 2015 වර්ෂයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය (Determination) මගින් 2002 වර්ෂයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පූර්ණ විනිසුරු මඩුල්ලක් ලබා දී ඇති තීරණය අනුගමනය නොකිරීමට අදාල දෝෂ සහිත බව (Per Incuriam) සහ යථා තත්ත්වයට පත් කිරීම (Restituto in Integrum) විනිශ්චිත කරුණ (Res Judicata) යන නීති සිද්ධාන්ත සාකච්ඡාවට ලක් නොකිරීම නිසා දිවයින පාඨකයන්ට සිදුවන වැරදි අවබෝධය නිවැරදි කිරීමට සහ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කියා ඇති දේ පිළිබද නීතියේ මූලධර්ම ඇසුරෙන් සිතීමට ජනතාව දැනුවත් කිරීම වෙනුවෙනි. එම ලිපිය පහත වෙබ් සබැදියෙන් කියවිය හැකිය, https://divaina.com/sunday/index.php/deshapalana2/15203-2020-09-18-11-34-57 නීතියේ මූලික මූලධර්ම හදුනාගැනීම සහ ඒ ඇසුරෙන් පාඨකයා ඇමතීම දිවයින පුවත්පතේ ජාතික වගකීමකි. ජාතික බලවේග වේවා, ජාතිකත්ව බලවේග වේවා ඒ සියල්ලන්ට එය එකලෙස පොදුය. නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවුණත් නීතිය දැනගැනීමට ඇති මාර්ග ඉංග්‍රීසි භාෂාවෙන් වසා ඇති හෙයින් බොහෝ දෙනා නීතියේ රහස් පිළිබද අනවබෝධයෙන් සිටිති. සමාජය ඒ අන්ධකාරයෙන් මුදා ගැනීම නීතිඥවරුන්ගේ සමාජ යුතුකමයි. පුද්ගලික දේශපාලනය හෝ ජාත්‍යන්තර අභිලාෂයන් වෙනුවෙන් නොව සමාජ යුතුකම මගහැර නොයාමේ වෘත්තීය භූමිකාව වෙනුවෙන් නීතිඥවරුන් ක්‍රියා නොකළහොත් ඉන් සමාජයට වන්නේ අවැඩකි. මේ ලිපිය මගින් දක්වන කරුණු දැක්වීම දෝෂ සහිත බව (Per Incuriam) , යථා තත්ත්වයට පත් කිරීම (Restituto in Integrum) සහ විනිශ්චිත කරුණ (Res Judicata) යන නීති සිද්ධාන්ත කෙටියෙන් සාකච්ඡාවට ලක් කරමින් ශ්‍රී පවන් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල 2015 වර්ෂයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාලව ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය (Determination) මගින් 2002 වර්ෂයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාලව ලබා දී ඇති පූර්ණ විනිසුරු මඩුල්ලේ තීරණය අනුගමනය නොකර කටයුතු කිරීමේ අදාල දෝෂ සහිත බව සහ නීති සිද්ධාන්ත කෙටියෙන් සාකච්ඡාවට ලක් කිරීම කරන්නේ දිවයින පාඨකයන්ගේ නෛතික දැනුම වර්ධනය කිරීමට සහ 20 සහ 19ය පිළිබද නීතියේ මූලධර්ම ඇසුරෙන් සිතීමට ජනතාව පෙළඹවීම වෙනුවෙනි..., වර්ෂ 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තිරණය ලබා දීමේදී 2002 වර්ෂයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ විනිසුරු සභාවේ තීරණය අනුගමනය නොකිරීම පර් ඉන්කූරියම් / Per Incuriam / ප්‍රමාද දෝෂයෙන් කර ඇති යන නීති රීතිය මගින් කියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාලව සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගෙන තීරණය ලබා දී ඇත. එකී විභාගය අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7දෙනා ඒකමතිකව තීරණය කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ කාර්යපටිපාටිය දක්වමින් 70වන ව්‍යවස්ථාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාවට සම්බන්ධ හෙයින් එකී 19 වන ව්‍යවස්ථා සං‍ශෝධනය නීතියක් වීමට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුලුව 2/3 ඡන්දයෙන් සහ ජනමතවිචාරණයක් මගින් ජනතාව විසින්ද අනුමැතිය ලබා දිය යුතු බවයි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ කාර්ය පටිපාටිය වර්ෂ 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ විනිසුරු මඩුල්ලක් විනිශ්චය කර ඇත. යම් කාරණයක් පෙර අධිකරණය විසින් විනිශ්චය කිරීම යන්න නීති විද්‍යාවේදී හදුන්වා දෙන්නේ විනිශ්චිත කරුණ (Res Judicata) යනුවෙනි. එකී පූර්ණ විනිසුරු මඩුල්ලේ තීරණය අනුගමනය නොකර 2015 දී 19 වන ආණ්ඩුත්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය සම්බන්ධයෙන් 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දී ඇත. ඒ අනුව 2002 පූර්ණ විනිසුරු මණ්ඩලයේ තීරණය අනුගමනය නොකර 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දීම පර් ඉන්කූරියම් / Per Incuriam / ප්‍රමාද දෝෂයෙන් ලබා දී ඇති තීරණයක් වේ. නීතිය ‍හෝ පෙර අධිකරණ තීරණ විනිසුරුවරුන්ගේ අවධානයට යොමු නොකිරීම විවිධ හේතු නිසා සිදු විය හැකිය. නීතිය හෝ පෙර තීරණය නොදැනීම, අමතකවීම හෝ අර්ථ නිරූපණය කිරීමේදී වැරදීමක් හෝ අඩුපාඩුවක් සිදුවීම අධිකරණයටද සිදු විය හැකි අතර එසේ අධිකරණයක් විසින් කරන ලද වැරදි විධානයක්, නියෝගයක් හේ ආඥාවක් හෝ තීරණයක් නීතියට අනුරූප නොවන විට එය ප්‍රමාද දෝෂයකින් කරන ලද්දක්වන අතර එය නිවැරදි කිරීමට අධිකරණය කිසිසේත් පසුබට වන්නේ නැත. එවැනි විටක එකී පර් ඉන්කූරියම් / Per Incuriam / ප්‍රමාද දෝෂයෙන් කර ඇති පෙර තීරණය අවලංගු කර ශුන්‍ය සහ බලරහිත කිරීමට අධිකරණය කටයුතු කරයි. මෙහිදී ලැබෙන සහනය වන්නේ යථා තත්ත්වයට පත් කිරීමයි (Restituto in Integrum). එනම් වැරදි තීරණය ඉවත් කර එකී වැරදි තීරණය ලබා දීමට පෙර පැවති තත්ත්වයට නිතිය පත් කිරීමයි. ඒ සමගම විධායකය දුර්වල කරන සහ බෙදුම්වාදී බලවේග ශක්තිමත් කිරීමට 2015 දී 19ය ගෙනා බවද සමාජයේ පිරිසක් ගෙනෙන තර්කයකි. 2002 දී විධායකය දුර්වල කරන 19ය ගෙනා අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ විනිශ්චය සභාවක් විනිශ්චය කරන ලද්දේ පාර්ලිමේන්තුවේ 2/3ක් සහ ජනමතවිචාරණයක් මගින් විධායකය සතු බලය අහිමි කිරීම කළ යුතු බවට මාර්ගෝපදේශනයක් ලබා දෙමිනි. එකී 2002 පූර්ණ විනිශ්චය සභාවේ මාර්ගෝපදේශනය අනුගමනය නොකර 2015 දී 19යට ශ්‍රේෂ්ඨාධිකරණය මාර්ගෝපදේශනය ලබා දීම නීති විද්‍යාවේදී හදුන්වන්නේ ප්‍රමාද දෝෂය / Per Incuriam ලෙසයි. මෙම නෛතික දෝෂය රටේ ඒකීය බවට සහ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානයට අනතුරක් සිදුවන්නේද යන්න යන්න විමසිය යුත්තේ 2015 පාර්ලිමේන්තුවට 2වන වරටත් ගෙනා 19යට රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තර වශයෙන් විවිධ පුද්ගලයන්ගෙන් තිබූ ප්‍රභල කැමැත්ත සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු විග්නේෂවරන් රටේ ඒකීයත්වයට එරෙහිව වර්තමානයේ ගෙන යන මතවාදය හේතුවෙනි. එවන් තත්ත්වයක් මත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය ගැන කතා කරන්නෝ 2002 විනිසුරු 7දෙනාගේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ කෙරෙහි අවධානය යොමු නොකිරීම විවාදගතය. දිවයින ඉරිදා සංග්‍රහය මගින් 19යේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය ගැන ලිපි පළ කරමින් සමාජ වගකීම ඉටුකරමින් 2002 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පිළිබද අවධානය යොමු කර තිබියදී යම් කණ්ඩායමක් 19යට සුදුහුණු ගාන්නට යන බවක් වර්තමානයේ පෙනෙන්නට තිබේ. කලවම් මැල්ලුමක් ආහාරයට සුදුසු වුවත් එය පිසීමේදී නියගලා කොළයක් අන්තර්ගත කළේ නම් කලවම් මැල්ලුමම ඉවත් කිරීමට සිදුවේ. එසේ නොකරන්නේ නම් නියගලා විස මුසු වූ කලවම් මැල්ලුම ආහාරයට ගැනීමෙන් විපතක්ම සිදුවේ. 19යේ කොතෙක් සාධනීය ලක්ෂණ පැවතියද එය නීතියක් විය යුත්තේ 2002 ශ්‍රේෂ්ඨාධිකරණය කියා ඇති ආකාරයට ජනමතවිචාරණයකින් මිස වෙනත් කෙටි මාර්ග වලින් නොවේ. 2002 පූර්ණ විනිශ්චය සභාවේ මාර්ගෝපදේශනය අනුගමනය නොකර විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශේධනය විසදීමට ගියහෝත් රටේ ඒකීය බව සහ බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය පවා පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයෙන් ඉවත් වීමටද ඉඩ තිබේ. ජාතිකවාදි බලවේග විසින් බලයට පත් කළ රජය නිවැරැදි මාර්ගයේ රඳවා ගැනීම ජාතික වගකීමක් වන්නේ නීතියේ මූලධර්ම පිළිබද ජනතාවගේ දැනුම වර්ධනය කිරීමෙන් මිස දේශපාලනික ඉලක්ක වෙත රජය යොමු කිරීමෙන්ද? යන ප්‍රශ්නය මේ අවස්ථාවේ පැන නැගී ඇත.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය