Skip to main content

කෝවිඩ් ආසාදිතයන්ට සහ ආසාදනයෙන් වැළකීමට දේශීය ඖෂධ නිර්දේශ නොකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සහ වෙනත් නීති උල්ලංඝනය කිරීමක්ද? / විද්‍යාත්මකද?

කෝවිඩ් ආසාදිතයන්ට සහ ආසාදනයෙන් වැළකීමට දේශීය ඖෂධ නිර්දේශ නොකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සහ වෙනත් නීති උල්ලංඝනය කිරීමක්ද? / විද්‍යාත්මකද? නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col) 2021.05.07
ලොව හොදම වෛද්‍යවරයා බුදු හාමුදුරුවෝ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනමා ඇති අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම (duty) වේ. රජයේ සේවයේ යෙදී සිටින වෛද්‍යවරු (දේශීය සහ බටහිර) කෝවිඩ් ආසාදිතයින්ට දේශීය ඖෂධ ඇති බවත් ඒ සදහා ප්‍රතිකාර කිරීමට 1897 අංක 03 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත මගින් සෞඛ්‍ය බලධාරීන් පනවන නීති සහ රෙගුලාසි බාධාවක් බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති. රජයේ සේවයේ යෙදී සිටින වෛද්‍යවරු (දේශීය සහ බටහිර) කෝවිඩ් ආසාදිතයින්ට දේශීය ඖෂධ ඇති බව ප්‍රකාශ කළද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය ඇමති සහ නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් තැකීමක් නොකර හිතුවක්කාරීව දේශීය වෛද්‍ය ප්‍රතිකාර දැඩිව ප්‍රතික්ෂේප කරමින් සිටී. වෛද්‍ය වෘත්තීයට අදාල සියලු නීති සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නීතිපතිවරයාද අසමත් වී ඇත. 1961 අංක 31 ආයුර්වේද පනත, දණ්ඩ නීති සංග්‍රහයේ 289, 298 වගන්ති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නීතිපතිවරයා නීතිමය ලෙස අවධානය යොමුකර නැත. ආයුර්වේද පනත අභිබවා 1897 අංක 03 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත ක්‍රියාත්මක කිරීම නිවැරදි නොවේ. එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 289 වන වගන්තිය මගින් ව්‍යවස්ථාපිත යුතුකම ඕනෑවට කඩ කිරීම අපරාධයක් ලෙස සළකා ඇත. එමෙන්ම නොසැළකිලිමත් ක්‍රියාවක් මගින් යම් අයෙකු මරණයට පත් කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ වරදකි. එමෙන්ම බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම (duty) බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ දක්වා ඇත. වගකීම සහ යුතුකම (duty) යනු එකම අදහසක් ගෙන එයි. එනම් දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය කඩ කිරීම සමගම එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව කඩ කිරීමක් බවටද පත් වේ. රෝගයකට ප්‍රතිකාර කිරීමේදී එය බටහිරද දේශීයද යන්න රෝගීන්ට අදාල නොවේ. 1897 අංක 03 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ බලධාරීන් තමන් ඉගෙනගත් වෛද්‍ය ක්‍රමයට දක්වන අසාධාරණ පක්ෂපාතීත්වය ජනතාවට වැදගත් නොවේ. ජනතාවට අවශ්‍ය වන්නේ සුවය ලැබීම සහ රෝග වැළදීමෙන් ආරක්ෂා වීමයි. 1897 අංක 03 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ බලධාරීන් ඉගෙනගත් බටහිර වෛද්‍ය ක්‍රමය පමණක් නිවැරදි බවත්, රටේ නීතිය මගින් පිළිගෙන ඇති සහ සාර්ථක වෙනත් වෛද්‍ය ක්‍රම නිවැරදි නොවන බවටත් දැඩි මතයක සිටී. මෙය නීතියට අනුවත් වෛද්‍ය සදාචාරය අනුවත් නිවැරදි නොවේ. රටේ ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන වෛද්‍යවරුන් කෝවිඩ් ආසාදිතයන්ට සහ ආසාදිතතත්වයෙන් වැළකීමට දේශීය ඖෂධ තිබෙන බව ප්‍රකාශ කර තිබීම බරපතල කාරණාවකි. එමෙන්ම 1897 අංක 03 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ බලධාරීන් කෝවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කරන බව කීවද කෝවිඩ් ආසාදිතයින් සුව වන්නේ ප්‍රතිශක්තිය වර්ධනය වීමෙන් බවද ඒ සමගම ඔවුහු ප්‍රකාශ කරති. එනම් බටහිර වෛද්‍ය ක්‍රමයේදී ආසාදිතයන්ට ඇති එකම විසදුම නිරෝධායනය කිරීම සමග වෙන්කිරීම / හුදකලා කිරීම වේ. ඒ සමග කෝවිඩ් ආසාදිතයන්ට ඇතිවන වෙනත් සංකූලතා සදහා ප්‍රතිකාර කරන අතර ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට පෙර වෙනත් සංකූලතා ප්‍රභල වුවහොත් ආසාදිතයා මරණයට පත් වේ. 1897 අංක 03 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ බලධාරීන්ට කෝවිඩ් ආසාදනයෙන් වැළකීමටද ඇති එකම විකල්පය වන්නේ මුව ආවරණ පැළදීම, දෑත් සේදීම, සංචරණ සීමා කිරීම සහ දුරස්ථබව පවත්වා ගැනීමත් තවමත් අත්හදා බලන එන්නත්කරණයයි. ලොව පුරාම රටවල ජනතාව මේ එන්නත්කරණයට ලක්වන හෙයින් ලාංකිකයන්වද එන්නත්කරණයට ලක් කිරීම මේ දිනවල සිදු වේ. කෝවිඩ් ආසාදිතයන්ට ඇතිවිය හැකි අතුරු ආබාධ පිළිබද කීමට තවම කල් වැඩිය. 2019 දී ව්‍යාප්තිය සිදු වූ කෝවිඩ් වෛරසය ශරීරයට ඇතුල් වූ අයට ඇතිවන ආසන්න සංකූලතා පිළිබද අවබෝධයක් තිබුණද තවම ඇත්තේ වසර 2කටත් අඩු අත්දැකීමක් පමණි. අවම වශයෙන් වසර 10ක් යනතෙක් මෙම වෛරසයේ හැසිරීම ගැන අධ්‍යයනයක් නොකර විද්‍යාත්මක නිගමනයකට පැමිණීම බුද්ධිමත් පියවරක් නොවේ. කෝවිඩ් ආසාදනයෙන් සුව වූ පමණින් ඉදිරි වසර 10 තුළ ඇති විය හැකි අතුරු ආබාධ පිළිබද ඉන් පෙර කියවිය නොහැකිය. යන්ත්‍රයක් ඉක්මණින් දුවවා පරීක්ෂා කරන ආකාරයට මිනිස් ශරීරයක පරීක්ෂණ වේගවත් කළ නොහැකිය. එමෙන්ම එන්නත මගින් ඇති කරන අතුරු ආබාධ සම්බන්ධයෙන් ද තත්ත්වය එසේමය. අවසානයේ මග හිටියොත් තා නසී...ගෙදර ගියොත් අඹු නසී යන තත්ත්වයක් පැන නැගී ඇත. ඒ සියලු තත්ත්ව තිබියදී 1897 අංක 03 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ බලධාරීන් සහ නීතිපතිවරයා වගකීමෙන් ක්‍රියා කිරීම අවශ්‍යම වේ. රජයේ වෛද්‍යවරුන් කෝවිඩ් ආසාදිතයන්ට සහ ආසාදනයෙන් වැළකීමට ප්‍රතිකාර ඇති බවත් ඒ සදහා 1897 අංක 03 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ බලධාරීන් අවසර නොදෙන බවත් ප්‍රකාශ කිරීම සමාජ ඛේදවාචකයකි. තමන්ගේ යුතුකම හෝ වගකීම ඉටු නොකිරීම සෑම වෘත්තියකම දක්නට ලැබේ. වෘත්තීකයන් සමාජ යුක්තිය නොව පෞද්ගලික අරමුණු වෙනුවෙන් තමන්ගේ බලය යෙදවීම සමාජයේ බිද වැටීම පෙන්වයි. අවසානයේ කිව හැක්කේ 1897 අංක 03 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත මුල් කර ගනිමින් 1961 අංක 31 ආයුර්වේද පනත නොතකා, දණ්ඩ නීති සංග්‍රහයේ 289, 298 වගන්තිවල වැරදි සිදුකරමින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවට පටහැනිව කෝවිඩ් පාලනය කරන්නට යාම නිවැරදි නොවන බවත්, විද්‍යාත්මකද නොවන බවයි.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය