Skip to main content

මුල් අවස්ථා අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල ප්‍රමාදයන් සහ අයුතු ක්‍රියා වැළැක්විය හැක්කේ කෙසේද?

මුල් අවස්ථා අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල ප්‍රමාදයන් සහ අයුතු ක්‍රියා වැළැක්විය හැක්කේ කෙසේද?
මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, මහාධිකරණ, වාණිජ මහාධිකරණ, සුලු හිමිකම් අධිකරණ මුල් අවස්ථා අධිකරණ ලෙස හැදින්වේ. රටේ පවතින නඩු වලින් වැඩිම නඩු සංඛ්‍යාවක් කැදවෙන්නේ මෙම අධිකරණවලය. ජනතාව වැඩි වශයෙන් නීතියේ පිළිසරණ පතා එන්නේත්, වැඩි සේවකයන් සංඛ්‍යාවක් ඉන්නේත් මෙම අධිකරණ වලය. මෙම අධිකරණවල සේවකයන් සමබන්ධ තීරණ ගනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිහිටුවා ඇති අධිකරණ සේවා කොමිෂන් සභාව විසිනි. මෙකී මුල් අවස්ථා අධිකරණ වල සහතික පිටපත් ලබා ගැනීම, ඇප මුදල් තැබීම, ඇප මුදල් ආපසු ගැනීම සම්බන්ධ කටයුතු වලදී නඩු කියන්නන් සහ ඔවුන්ගේ පවුල්වල අය වැඩි වශයෙන් ප්‍රමාදයට, කළකිරීමට, අයුතු මුදල් වැය කිරීමවලට, සම්බන්ධතා නැති අය නොසැලකිල්ලට හසුවන බව නොරහසකි. අකාර්යක්ෂම ආයතන අතර මුල් අවස්ථා අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාල රජයේ වෙනත් සාමාන්‍ය ආයතනයකට දෙවැනි වන්නේ නැත. මුල් අවස්ථා අධිකරණවල රෙජිස්ට්‍රාර් කාර්යාලවල ප්‍රමාදයන් සහ අයථා ක්‍රියාවන් සිදුවන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව සුදුසුකම් සහ හැකියාව ඇති අය රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවයට තෝරා නොගැනීම නිසා වීම එක් හේතුවකි. කාර්යක්ෂමතාවය ඉහළ පුරවැසියන් අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවලට තෝරා ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාවට නොහැකි වීම රටේම සමාජ ප්‍රශ්නයේ කොටසක් විය හැකිය. අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවලට සේවකයන් තෝරාගැනීම් සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවද සහිත වෙනත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව නීති පැනවිය යුතුය. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ පැවති දූෂණ, නාස්තිය, අකාර්යක්ෂමතාවය සහ සම්බන්ධතා වැළැක්වූ ආකාරයට මුල් අවස්ථා අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවත් අකාර්යක්‍ෂමතාවය අවම කළ හැකිය. අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලයට පමණක් තනිව එය කළ නොහැකි බව දිගින් දිගටම පෙන්වා දී ඇත. පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණවල, අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාල ඉහළ මට්ටමකින් කාර්යක්ෂමව, අයුතු ක්‍රියාවන්ගෙන් තොරව පවත්වාගෙන යාම එම අධිකරණ වල සහාය පතා යන අය පිළිගනු ඇත. අධිකරණ සේවා කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන්ද සළකා බැලිය යුතුය. "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාර සංග්‍රහය (2023.02.02) 0342256066, 0342256067, 0712063394

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය