මුල් අවස්ථා අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල ප්‍රමාදයන් සහ අයුතු ක්‍රියා වැළැක්විය හැක්කේ කෙසේද?
මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, මහාධිකරණ, වාණිජ මහාධිකරණ, සුලු හිමිකම් අධිකරණ මුල් අවස්ථා අධිකරණ ලෙස හැදින්වේ.
රටේ පවතින නඩු වලින් වැඩිම නඩු සංඛ්‍යාවක් කැදවෙන්නේ මෙම අධිකරණවලය. ජනතාව වැඩි වශයෙන් නීතියේ පිළිසරණ පතා එන්නේත්, වැඩි සේවකයන් සංඛ්‍යාවක් ඉන්නේත් මෙම අධිකරණ වලය.
මෙම අධිකරණවල සේවකයන් සමබන්ධ තීරණ ගනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිහිටුවා ඇති අධිකරණ සේවා කොමිෂන් සභාව විසිනි.
මෙකී මුල් අවස්ථා අධිකරණ වල සහතික පිටපත් ලබා ගැනීම, ඇප මුදල් තැබීම, ඇප මුදල් ආපසු ගැනීම සම්බන්ධ කටයුතු වලදී නඩු කියන්නන් සහ ඔවුන්ගේ පවුල්වල අය වැඩි වශයෙන් ප්‍රමාදයට, කළකිරීමට, අයුතු මුදල් වැය කිරීමවලට, සම්බන්ධතා නැති අය නොසැලකිල්ලට හසුවන බව නොරහසකි.
අකාර්යක්ෂම ආයතන අතර මුල් අවස්ථා අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාල රජයේ වෙනත් සාමාන්‍ය ආයතනයකට දෙවැනි වන්නේ නැත.
මුල් අවස්ථා අධිකරණවල රෙජිස්ට්‍රාර් කාර්යාලවල ප්‍රමාදයන් සහ අයථා ක්‍රියාවන් සිදුවන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව සුදුසුකම් සහ හැකියාව ඇති අය රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවයට තෝරා නොගැනීම නිසා වීම එක් හේතුවකි.
කාර්යක්ෂමතාවය ඉහළ පුරවැසියන් අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවලට තෝරා ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාවට නොහැකි වීම රටේම සමාජ ප්‍රශ්නයේ කොටසක් විය හැකිය.
අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවලට සේවකයන් තෝරාගැනීම් සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවද සහිත වෙනත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව නීති පැනවිය යුතුය.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ පැවති දූෂණ, නාස්තිය, අකාර්යක්ෂමතාවය සහ සම්බන්ධතා වැළැක්වූ ආකාරයට මුල් අවස්ථා අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවත් අකාර්යක්‍ෂමතාවය අවම කළ හැකිය.
අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලයට පමණක් තනිව එය කළ නොහැකි බව දිගින් දිගටම පෙන්වා දී ඇත.
පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණවල,
අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාල ඉහළ මට්ටමකින් කාර්යක්ෂමව, අයුතු ක්‍රියාවන්ගෙන් තොරව පවත්වාගෙන යාම එම අධිකරණ වල සහාය පතා යන අය පිළිගනු ඇත.
අධිකරණ සේවා කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන්ද සළකා බැලිය යුතුය.
"නීතියේ සිංහල නුගමුල"
ෆීනික්ස් නීති සාර සංග්‍රහය
(2023.02.02)
0342256066, 0342256067, 0712063394
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

Comments
Post a Comment