Skip to main content

නීති ක්ෂේත්‍රයේ 94%ක් නොදන්නා දේ මෙන්න... (අධ්‍යාපන පර්යේෂණ දත්ත ඇසුරෙන්)

නීති ක්ෂේත්‍රයේ 94%ක් නොදන්නා දේ මෙන්න... (අධ්‍යාපන පර්යේෂණ දත්ත ඇසුරෙන්)
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දී ඉංග්‍රීසියෙන් නීති අධ්‍යාපනය ලබා දීම නොව එසේ ඉංග්‍රීසියෙන් නීති අධ්‍යාපන ලබා දීමේදී නිවැරදිව එකී නීති අධ්‍යාපනය ලබා දීම සිඳුවන්නේද විමසීම වැදගත් නීති කතිකාවකි. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම පහසු කටයුත්තක් නොවේ. එවන් තත්ත්වයක් තුළ  නීතීඥවරයෙක්, විද්‍යාවේදී උපාධිධාරියෙක්, උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙක්, නීති ග්‍රන්ථ කර්තෘවරයෙක් සහ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ලේඛකයෙක්, නීති අධ්‍යාපන වැඩසටන් සම්පත්ධාරියෙකු වන අරුණ ලක්සිරි උණවටුන විසින් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන යටතේ කරන ලද නීතිය සහ සමාජය පිළිබඳ අධ්‍යාපන විමර්ශනය කාලීනව වැදගත් වෙයි. එහි සංඛ්‍යාලේඛන සහ නියැදි පරීක්ෂණ දත්ත ඇසුරෙන් මෙම ලිපිය සකස් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහල භාෂාවෙන් නඩු පැවරීමට ඇති හැකියාව ගැන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දී ඉංග්‍රීසියෙන් නිවැරදිව නීති අධ්‍යාපනය ලබා නොදෙන බව එම විමර්ශනයෙන් පර්යේෂණාත්මකව තහවුරු වෙයි. පළමු ජනරජ ව්‍යවස්ථාව 1972 මැයි 22 පැනවීමත් සමග එහි පළවන ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනරජයක් විය. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීමට අලි සබ්‍රි අධිකරණ ඇමති සමයේ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් පහත සාමාජිකයන් අනු නීති පනවාගෙන ඇත. 1) ගරු ජයන්ත ජයසූරිය  (අගවිනිසුරු, ජනාධිපති නීතීඥ) 2) ගරු ඩී. ද ලිවේරා (නීතිපති) 3) ගරු බී.පී. අලුවිහාරෙ (ජනාධිපති නීතීඥ) 4) ගරු කේ. සිසිර ආබෲ 5) එම්. එම්.පී. කේ.මායාදුන්නේ මහතා (ලේකම්,අධිකරණ අමාත්‍යාංශය) 6) සන්ජේ රාජරත්නම් මහතා (වැඩබලන සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ) 7) ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා (ජනාධිපති නීතීඥ) 8) මහාචාර්ය වී. ටී. තමිල්මාරන් 9) ප්‍රියන්ත නවාන මහතා (ජනාධිපති නීතීඥ) 10) කේ. නවරත්න මහතා 11) කේ. ඉන්ද්‍රතිස්ස මහතා (ජනාධිපති නීතීඥ) 12) තිසත් විජේගුණවර්ධන මහතා (ජනාධිපති නීතීඥ) 13) ධම්මික දසනායක මහතා 14) Ms සාවිත්‍රි විජේසේකර Ms ඉන්දිරා සමරසිංහ (ජනාධිපති නීතීඥ, විදුහල්පති, ලේඛකාධිකාරී (සංස්ථාගත නීති අධ්‍යාපන සභාව මෙම අධ්‍යයන පරයේෂණය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමට නීති ප්‍රතිපාදන තිබේද? නැද්ද? සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ අභියාචනාධිකරණ රීති සිංහල භාෂාවෙන් තිබේද? නැද්ද? යන ප්‍රශ්නය නීති ක්ෂේත්‍රයේ  අයගෙන් විමසා ඇත. නීති ශිෂ්‍යයන්, වෘත්තීකයන්, පොලිස් නිලධාරීන්, අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අය ඇතුලු නීති ක්ෂේත්‍රයේ අයගෙන්  නියැදියක් ගෙන සම්මුඛව, පත්‍රිකා මාර්ගයෙන් සහ දුරකථන මගින් මේ විමසීම/ දත්ත ලබා ගැනීම කර ඇත. එහිදී ලබා දී ඇති පිළිතුරු අනුව පහත නිරීක්ෂණය/ ප්‍රතිඵල ලැබී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමට නීති ප්‍රතිපාදන තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 94% ක් නොදනී. ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ අභියාචනාධිකරණ රීති සිංහල භාෂාවෙන් තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 96% ක් නොදනී. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහල භාෂාවෙන් නඩු පැවරීම සහ පවත්වාගෙන යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ රීති මගින් නීතීඥවරුන්ට සහ පුරවැසියන්ට අයිතිය ලබා දී ඇත.ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ රීති සිංහල භාෂාවෙන් රජයේ ගැසට් පත්‍රයේ පළකර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ i , ii , iii , iv,  xvi පරිච්ඡේද මගින් එකී අයිතිය ලබා දී ඇත. එමෙන්ම සිංහල භාෂාවෙන් නීතීඥවරු සහ පුරවැසියන් පවරන නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සාර්ථකව පවත්වාගෙන යයි. එසේ තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමට නීති ප්‍රතිපාදන තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 94% ක් නොදැනීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ අභියාචනාධිකරණ රීති සිංහල භාෂාවෙන් තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 96% ක් නොදැනීම ප්‍රභල නීති අධ්‍යාපන ගැටළුවකි. ඒ සම්බන්ධයෙන් අදාල බලධාරීන් ඉක්මන් අවධානය යොමු කළ යුතුය. පර්යේෂණයේ / දත්ත ලබා ගැනීමේදී පැවති දුර්වලතා 1. ඇගයීමට තොරතුරු ලබා ගත් නීති ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන වර්ෂය නොවිමසීම සහ අදාල අධ්‍යාපන ස්ථානය/ අදාල විශ්ව විද්‍යාලය නොවිමසීම. 2. ඇගයීමට තොරතුරු ලබා ගත් වෘතිකයන්ගේ වෘත්තීය වසර ගණන නොවිමසීම. 3. දින 4ක් පමණ දත්ත ලබා ගැනීමට කාලය වැය කිරීමට සිදුවීම නිසා ඇත්ත නීතිමය තත්ත්වය දත්ත ලබා ගත් අයට දැන ගැනීමට/ සොයා ගැනීමට අවස්ථාව ලැබීම. 4. සම්මුඛ පරීක්ෂණ, ඇගයීම් පත්‍රිකා සහ දුරකථන මාර්ගයෙන් දත්ත ලබා ගැනීම සිඳුකළ හෙයින් ඒකාකාරීව දත්ත ලබා නොගැනීම. 5. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහල භාෂාවෙන් නඩු පැවරීම ගැන නීති අධ්‍යාපන වැඩසටහනක් යොදා ගෙන තිබියදී මෙම ඇගයීම කිරීම. 6. අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අය අධිකරණ සේවා කොමිසමෙන් යම් බලපෑමක් වෙතැයි කියමින් දත්ත ලබා ගැනීමට සහාය නොදීම. 7. මෙම දත්ත ලබා ගැනීමේදී දත්‍ත ලබා දෙන අය ප්‍රශ්න විමසීම සහ ඒවාට පිළිතුරු ලබා නොදීම හේතුවෙන් පත්‍රිකා ආපසු ලබා දීම. 8. දුරකථනයෙන් දත්ත ලබා ගැනීමට ක්‍රියා කිරීමේදී අඛණ්ඩව දුරකථන ඇමතුම ලබා ගැනීමට තිබූ දුෂ්කරතාවය සහ දත්ත ලබා දෙන අයට තිබූ කාර්ය බහුලත්වය. 9. කණ්ඩායම් වශයෙන් දත්ත ලබා ගැනීමේදී ඔවුන් අතර අදහස් හුවමාරු වීම් පැවතීම. නිගමනය මේ අධ්‍යයන පත්‍රිකාව මගින් එළිදරව් වී ඇති දත්ත සහ සමාජ අදහස අනුව නීති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම සිඳුකළ යුතු බවට සමාජයට වැදගත් පණිවිඩයක් ලබා දෙයි. නීති අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දුන් පමණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතාවට පිරිනමා ඇති අයිතිවාසිකම් නිවැරදිව අධ්‍යාපනය ලබා දීමෙන් බැහැර නොවීම නීති අධ්‍යාපන පුරෝගාමී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ බලධාරීන්ගේ යුතුකම වේ. නීති අධ්‍යාපනය සම්බන්ධයෙන් තීරණ ගන්නා සංස්ථාගත නීති අධ්‍යාපන සභාවට මෙන්ම අධිකරණ ඇමතිවරයාට, අධිකරණ අමාත්‍යාංශයට, අධ්‍යාපන ඇමතිවරයාට, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට, පොලිස් දෙපාර්තමේන්තුවට, නීතිපති දෙපාර්තමේන්තුවට, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවට, විශ්ව විද්‍යාලවල නීති පීඨාධිපතිවරුන්ට, නීති දේශකයන්‍ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, කතානායකවරයාට, විනිසුරුවරු පුහුණු කරන ආයතනයට, නීති කොමිසමට,නීති ආධාර කොමිසමට, ස්වාධීන කොමිෂන් සභාවලට, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට, නීති ශිෂ්‍ය සංගම්වලට සහ විශේෂයෙන් ජනාධිපතිවරයාට මෙහිදී නෛතික බලවන්ත සහ නෛතික සාක්ෂරතාවයෙන් යුත් සමාජයක් බිහිකිරීමේ වැදගත් මෙහෙයක්, වගකීමක් ඉටුකිරීමට ව්‍යවස්ථාපිත යුතුකම පැවරේ. පාසල් විෂය නිර්දේශයට නීතිය විෂය හඳුන්වා දීමට තලතා අතුකෝරළ අධිකරණ ඇමතිනිය සමයේ ගත් තීරණය ඉක්මනින් ක්‍රියාත්මක කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ යුතුකමකි. නීතිය ජනතාවගෙන් ඈත් කිරීමෙන් නෛතික බලවන්ත සහ නෛතික සාක්ෂරතාවයෙන් යුත් සමාජයක් බිහි කිරීමට නොලැබේ. (නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන යටතේ කරන ලද අධ්‍යාපන විමර්ශනයක සංඛ්‍යාලේඛන සහ නියැදි පරීක්ෂණ දත්ත ඇසුරෙනි) (පර්යේෂණ  වාර්තාව සඳහා විමසන්න) ෆීනික්ස් නීති සාර සංග්‍රහය දුරකථන 0342256066, 0342256067, 0712063394. (2023 මාර්තු)

Comments

  1. හොද පර්යේෂණයක්. අදාළ පාර්ශව වලට නොතේරෙන විදියට දිගින් දිගටම අපඛ්‍රංශ භාෂාවකින් යුක්තිය පසිදලන්න අදාල පාර්ශව උත්සාහ ගන්නේ ඇයි...? ඒ උනාට කියන්නේ නම් නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ කියල... කවදද නීතිය පාසල් අධ්‍යාපනයට ඇතුළත් කරන්නේ...?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය