අධිකරණ බලය, විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අපරාධ කිරීමට යොදවීම තරම් අපරාධයක් මිහිපිට තවත් නැත..!
අධිකරණය සහ නීතීඥවරුන් අතර නෛතික ගැටුම ඇවිලුවේ විජේදාස රාජපක්ෂ හිටපු අධිකරණ ඇමති ප්‍රමුඛ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරිමේ පනත ගෙනා කණ්ඩායමයි. ඒ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරිමේ පනත ගෙන එමින් අධිකරණයේ කරුණු දක්වන, නඩු පවරන නීතීඥවරුන් රක්ෂිත බන්ධනාගාර ගත කරවන නීති හඳුන්වා දෙමින් ය.
ස්ව්‍යං ප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැණි නීති iiවන ලෝක යුද්ධය සමයේ ජර්මනියේ හිට්ලර්ගේ නාසි පාර්ලිමේන්තුව සහ විධායකය විසින් යුදෙව්වන් සංහාරය කිරීමට පනවා ගන්න ලදී. එම වර්ග සංහාර නීති පනවන ලද්දේත් ක්‍රියාත්මක කරන ලද්දේත් නිසි ක්‍රියාදාමය අනුගමනය කරමින් ය. එම නීති ජර්මනියේ අධිකරණ මාර්ගයෙන්ද ක්‍රියාත්මක කරගන්නා ලදී. විධිමත් ලෙස පැනවූ නීති අධිකරණයද ක්‍රියාත්මක කළේය.
දකුණු අප්‍රිකාව බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කළ යටත් විජිත සමයේ කලු ජාතික මැන්ඩෙලා වසර 25කට අධික කාලයක් බන්ධනාගාර ගත කරගෙන සිටියේ ඉංග්‍රීසි නීතියට අනුකූලව එරට අධිකරණ ක්‍රියාත්මක මෙමින් පවතිද්දීය.
අධිකරණ බලය විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අපරාධ කරවීමට යොදා ගත් අවස්ථා ලෝක ඉතිහාසයේ අදුරු පරිච්ඡේදයන් ය.
මානව හිමිකම් ආරක්ෂා කිරීම, පුද්ගල නිදහස තහවුරු කිරීම, නීතියේ පාලනය, වගවීම, යහපාලනය, අධිකරණයේ ස්වාධීනත්වය, වෘත්තීය නිදහස සහ වෘත්තීය අයිතිවාසිකම්, සාධාරණ නඩු විභාග, ඇප ලැබීමේ අයිතිය, දඬුවමක් ලෙස ප්‍රායෝගික නොවන ඇප කොන්දේසි නොපැනවීම වර්තමාන ලෝකයේ පිළිගත් සාධාරණත්ව සහ යුක්තිසහගත කාරණාවන් ය.
අධිකරණයක් විසින් දණ්ඩනයක් නියම කළ විට සාමාන්‍යයෙන් අභියාචනා අවස්ථ 2ක්වත් ලබා දීම ශිෂ්ට ලෝකය අපේක්ෂා කරයි. සාමාන්‍යයෙන් ඉහළම අධිකරණය මුල්වරට දණ්ඩන නියම නොකරන අතර එවන් අවස්ථාවකදී පහළ අධිකරණ වෙත අදාල කාරණාව විභාග කිරිමට යොමු කරයි.
දිසා අධිකරණයේ නඩු විභාගයක් පවත්වන අවස්ථාවක අපරාධයක් අනාවරණය වුවහොත් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 835වන වගන්තිය යටතේ එකී අපරාධ කාරණව අදාල මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරයි.
චෝදනා කරන කෙනා සාක්ෂියට කැදවීමට ඉඩ නොදෙන, නියම කරන දඬුවමේ සීමාවක් නැති, වසර 2කට වඩා තැනැත්තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර රඳවා තබා ගත හැකි, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් නියම කළහොත් අභියාචනා අවස්ථාවක් නැති, නීතීඥවරුන්ගේ විනය පාලනය, නීතීඥවරුන්ට එරෙහිව රීති නිකුත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා පහළින් ඇති අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන වලටත් පවරා ඇති 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරිමේ පනත ස්ව්‍යංප්‍රත්‍යක්ෂ ලෙසම හෘදය සාක්ෂියට පටහැනි පනතක් බවට සමාජයේද නීතීඥවරුන් අතරද මතයක් ඇත.
එම පනත ක්‍රියාත්මක වූ අවස්ථාවේ සිටම නීතීඥවරුන් සහ අධිකරණය අතර ගැටුමක් නිර්මාණය කර ඇත.
එම පනත ක්‍රියාත්මක වීමත් සමඟ අධිකරණයේ කරුණු ඉදිරිපත් කරන නීතීඥවරුන් එකී පනත යොදාගනිමින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
විධායක සහ ව්‍යවස්ථාදායක සාමජිකයන්ගේ පෞද්ගලික හෝ අනාගත අරමුණු පවතිනවා මෙන් අධිකරණ විනිසුරුවරුන්ගේද පෞද්ගලික හෝ අනාගත අරමුණු නොපවතින බව කිව නොහැකිය.
අධිකරණ විනිසුරුවරුන්ගේ පෞද්ගලික හෝ අනාගත අරමුණු විනිසුරු ඉදිරියේ කරුණු දක්වන්නා නොදැන සිටීම සමාවට කාරණයක් නොවනබව 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරිමේ පනත ක්‍රියාත්මක වන ආකාරයෙන්ද එකී පනත ක්‍රියාත්මක වෙමින් නීතීඥවරුන් රක්ෂිත බන්ධනාගාරගත වන ආකාරයෙන්ද පැහැදිලි වෙයි.
1968 තරම් ඈත කාලයකදී, එවකට බ්‍රිතාන්‍යයේ පරමාදර්ශයක් සහ සමහර විට අපේ කාලයේ ශ්‍රේෂ්ඨතම විනිශ්චයකරු වූ ඩෙනින් සාමිවරයා අපහාස නීතිය ගැන මෙසේ පැවසීය:
“අපි කිසි විටෙකත් මෙම අධිකරණ බලය අපගේම ගෞරවය ආරක්ෂා කර ගැනීමේ මාධ්‍යයක් ලෙස භාවිතා නොකරන බව මම එකවරම කියමි. එය වඩාත් ස්ථිර පදනම් මත රඳා පැවතිය යුතුය. අපට විරුද්ධව කතා කරන අය මර්දනය කිරීමට අපි එය භාවිතා නොකරමු. අපි විවේචනවලට බිය නොවෙමු, ඒ ගැන අපි අමනාප නොවෙමු.
කරන් තාපර්( ඉංදීය මාධ්‍යවේදී)
As far back as 1968, Lord Denning, then Master of the Rolls in Britain and perhaps the greatest judge of our time, said of the law of contempt:
“Let me say at once that we will never use this jurisdiction as a means to uphold our own dignity. That must rest on surer foundations. Nor will we use it to suppress those who speak against us. We do not fear criticism, nor do we resent it.
Karan Thapar(Indian Journalist)
2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරිමේ පනත ක්‍රියාත්මක වීමට පෙර මෙරට විධිමත්ව අධිකරණයට අපහාස නීති ක්‍රියාත්මක විය. ඒ වෙනුවෙන් සිවිල් නඩු විධාන සංග්‍රහය, අධිකරණ සංවිධාන පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මගින් නීති ඇතුළත් කර ඇත. අධිකරණයට අපහාස කළ තැනැත්තන්ට එරෙහිව නඩු විභාගද විධිමත් ලෙස ක්‍රියාත්මක විය.අධිකරණයට අසත්‍ය ප්‍රකාශ කරන නීතීඥවරයා අධිකරණයට අපහාස කරන බවට තීරණය කර එම නීතීඥවරයාට දඬුවම් කිරීම් කර ඇති බව 1993-1-SLR-243 හී වාර්තා වී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුවද පැහැදිලිය.
2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරිමේ පනත ඇසුරෙන් පැන නැගුනු නෛතික ගැටුමක ප්‍රතිඵලයක් ලෙස
නිවාඩු දිනක (2025.03.31) වුවත් අභියාචනාධිකරණය විවෘත කර නඩු විභාග කර තීන්දු දීමට සැළැස්වීම සිදුවිය.
මෙම කාරණා සැළකීමේදී ඒ අවලස්ස 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරිමේ පනත ගැන තවදුරටත් විද්වත් සමාජ සංවාදයක් ඇති විය යුතුය.
නොඑසේනම් නීතීඥ ප්‍රජාවටම සහ සමාජයට නොව කිහිප දෙනෙකු පමණක් එම පනතෙන් වැරදි ලෙස ප්‍රයෝජන ගනු ඇත.
ප්‍රතිවාදී හෝ තමන් පෞද්ගලිකව අකැමැති නීතීඥවරයා රක්ෂිත බන්ධනාගාරගත කරනවට කැමති ඇතැම් අයට හෝ නීති ක්ෂේත්‍රයේ ඇතැම් සාමාජිකයන්ට මෙම පනත මගින් ඒ සඳහා සහායක් ලැබෙනු ඇති බවද විද්වතුන් අතර කතිකාවක් පවතී.
අධිකරණ බලය විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අපරාධ කිරීමට යොදවීම තරම් අපරාධයක් මිහිපිට තවත් නැති හෙයින් ඒ සඳහා කිසිදු අවස්ථාවක් හෝ ආධාරයක් හෝ අනුබලදීමක් ලබා නොදීමට ජනතාව වගබලා ගත යුතුය.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2025.03.31)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment