ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ආ. ඡේදයේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනසක් තියෙනවා. ඒත් එය රාජ්‍ය භාෂා උල්ලංඝනය වීමක් ලෙස සළකන්න බෑ.. රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් රණවක.
(රාජ්‍ය භාෂා සතිය (2025.07.01-2025.07.07) නිමිත්තෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ මාධ්‍ය නිවේදනය)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ආ. ඡේදයේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනසක් තියෙනවා. ඒත් එය රාජ්‍ය භාෂා උල්ලංඝනය වීමක් ලෙස සළකන්න බෑ..
රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් රණවක.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ආ. ඡේදය සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනස්කම් පිළිබද රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ අවධානය යොමු කිරීමට වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ සමායෝජක නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව 2025 ජූනි 20 වන දින දවල් 12ට රාජගිරියේ ජනජයසිටි ගොඩනැගිල්ලේ 9වන මහළේදී රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් රණවක මහතා සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී.
එම සාකච්ඡාවට නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සමඟ වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ නීති අධ්‍යාපන වැඩසටහනට සහභාගී වූ ජයතිලක, මුණසිංහ,ගුණතිලක පත්මසිරි යන මහත්වරුද සහභාගි විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ආ. ඡේදය සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනස්කම් පිළිබද අවධානය යොමු කළ අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පරිශීලනය කළ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් රණවක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ආ. ඡේදය අදාලව සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනසක් පවතින බවත් බලාත්මක විය යුත්තේ සිංහල පාඨය බවත්, නමුත් මෙම වෙනස රාජ්‍ය භාෂා උල්ලංඝනය වීමක් ලෙස සැළකිය නොහැකි බවත් ප්‍රකාශ කළ අතර, මේ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් කර ඉල්ලීමක් කරන ලෙසත් තමන් එය රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ අනෙක් සාමාජිකයන් සමඟ සාකච්ඡා කර රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වෙනුවෙන් පියවර ගත හැකිනම් ක්‍රියා කරන බවත් දැනුම් දෙනු ලැබීය.
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇත.
මාධ්‍ය අංශය,වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
(2025.06.28)
.................................
2025.07.04
මෙම මාධ්‍ය නිවේදනයේ පිටපත්
1.ජනාධිපති ලේකම් කාර්යාලය
2. අග්‍රාමාත්‍ය කාර්යාලය
3. කතානායක කාර්යාලය
4. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය
5. ශ්‍රී ලංකා නීතීඥ සංගමය
6. නීති කොමිෂන් සභාව
7. නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව
8. අධිකරණ අමාත්‍යාංශය
9. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්
10.අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය
11. නීති ආධාර කොමිෂන් සභාව
12. ශ්‍රී ලංකා නීති විද්‍යාලය
13.නීති පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය
14. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව
15. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
මාධ්‍ය ආයතන
වෙත ලබා දී ඇත.
Comments
Post a Comment