Skip to main content

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සිංහල සහ ඉංග්‍රීසි භාෂා වෙනස නොසළකා ජනතාවගේ පරමාධිපත්‍යය අහිමි කරවීමට වගකිව යුත්තේ කවුද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සිංහල සහ ඉංග්‍රීසි භාෂා වෙනස නොසළකා ජනතාවගේ පරමාධිපත්‍යය අහිමි කරවීමට වගකිව යුත්තේ කවුද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සිංහල සහ ඉංග්‍රීසි භාෂා වෙනස නොසළකා ජනතාවගේ පරමාධිපත්‍යය අහිමි කරවීමට වගකිව යුත්තේ කවුද? ඇතැම් අයගේ ඉංග්‍රීසි භාෂා භාවිතයට සිනහවෙන අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සිංහල සහ ඉංග්‍රීසි භාෂා වෙනස නොසළකා ජනතාවගේ පරමාධිපත්‍යය අහිමි කරවීමට වගකිව යුත්තේ කවුද යන්න සෙවීමටද උනන්දු විය යුතුය. මෙම ලිපියෙන් ඒ ගැන විචාරයක් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව සතු බවත්, එය අත්හළ නොහැකි බවත් ය. එසේම පරමාධිපත්‍යය යන්නට විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ බලය සහ මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් බව එහි දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 වන ව්‍යවස්ථාවේ නීති පැනවීමේ භාෂාව දක්වා ඇති අතර එම ව්‍යවස්ථාව සංශෝධනය වීමට පෙර සහ පසුවද ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් ඇතිව නීති පැනවීම සිඳුකළ යුතු බව දක්වා ඇත. ඒ අනුව නීති පැනවීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් පළ කරන්නේ පරිවර්තනයකි.(Translation) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාව අනුව සිංහල භාෂා පාඨයෙන් පනවන නීතිය භාෂා අතර අනනුකූලත්වයක් ඇතිවුවහොත් බලාත්මක වන බව දක්වා ඇත. ඒ අනුව සිංහල භාෂා පාඨයට ගැලපෙන ලෙස ඉංග්‍රීසි භාෂා පරිවර්තනය පැවතිය යුතුය. එසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වී නැති බව එම ඡේදය අධ්‍යයනය කිරීමේදි පැහැදිලි වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය (සිංහල භාෂා පාඨය) 83.ආ. (සිංහල භාෂා පාඨය) 30 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ නැතහාත් 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම හෝ සදහා වූ නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ ද අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධූර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයට අදාලව පවතින ඉංග්‍රීසි පරිවර්තනය 83.(b)  (ඉංග්‍රීසි පරිවර්තනය පාඨය) a Bill for the amendment or for the repeal and replacement of or which is inconsistent with the provisions of paragraph (2) of Article 30 or of paragraph (2) of Article 62 which would extend the term of office of the President or the duration of Parliament, as the case may be, to over six years, (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 අනුව්‍යවස්ථාව ජනාධිපති ධූර කාලය ද 62.2 අනුව්‍යවස්ථාව පාර්ලිමේන්තුව පවත්නා කාලයද දක්වා ඇත) සිංහල භාෂා පාඨයට අනුව "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 අනුව්‍යවස්ථාව (ජනාධිපති ධූර කාලය) හෝ 62.2 අනුව්‍යවස්ථාව (පාර්ලිමේන්තුව පවත්නා කාලය) සංශෝධනය කිරීමට" යන්න අදහස් වන නමුත් ඉංග්‍රීසි පරිවර්තනයේ එය එසේ අදහස් නොකරයි. ඉංග්‍රීසි පරිවර්තනයේ අදහස් වන්නේ "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 අනුව්‍යවස්ථාව (ජනාධිපති ධූර කාලය) හෝ 62.2 අනුව්‍යවස්ථාව (පාර්ලිමේන්තුව පවත්නා කාලය) වසර 6කට වඩා වැඩිකරන සංශෝධන"  ලෙස සීමා කිරීමක් ඇතිවය. (which) ඉංග්‍රීසි පරිවර්තනයේ "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 අනුව්‍යවස්ථාව (ජනාධිපති ධූර කාලය) හෝ 62.2 අනුව්‍යවස්ථාව (පාර්ලිමේන්තුව පවත්නා කාලය) වසර 6කට වඩා අඩු කරන සංශෝධන"  ලෙස අදහස් වන්නේ නැත. (which යන වචනය හේතුවෙන්) සිංහල භාෂා පාඨයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 අනුව්‍යවස්ථාව (ජනාධිපති ධූර කාලය) හෝ 62.2 අනුව්‍යවස්ථාව (පාර්ලිමේන්තුව පවත්නා කාලය) 6ට වඩා අඩු කිරීම හෝ වැඩි කිරීම යන පුළුල් අර්ථයක් ගෙන දෙයි. එනම් ඉංග්‍රීසි භාෂා පරිවර්තනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාව අනුව නිවැරදිව පරිවර්තනය වී නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 අනුව්‍යවස්ථාව (ජනාධිපති ධූර කාලය) හෝ 62.2 අනුව්‍යවස්ථාව (පාර්ලිමේන්තුව පවත්නා කාලය) සංශෝධනය කිරීමට 2015 වර්ෂයේ ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේදී ඉංග්‍රීසි භාෂා පරිවර්තනය ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට ලක්කර තිබීම හේතුවෙන් සිංහල භාෂා පාඨයේ පවතින වෙනස්කම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තිරණයේ දක්වා නැත. විද්වතුන් ලෙස හඳුන්වන අය ඉංග්‍රීසි භාෂාවෙන් ඇති නීති වලට පළමුව අවධානය යොමු කිරීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාවේ නීති පැනවීමේ භාෂාව සම්බන්ධයෙන් විධිවිධාන කෙරෙහි අවධානය යොමු නොකිරීමත් මෙහි ඇති ගැටලුසහගත තත්ත්වයයි. එසේ වුවත් එහි ඇති අනීතික බව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝණය සැළකිල්ලට ගත යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය නොවීම සහ එකී ඉංග්‍රීසි භාෂා පාඨය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 අනුව්‍යවස්ථාව (ජනාධිපති ධූර කාලය) හෝ 62.2 අනුව්‍යවස්ථාව (පාර්ලිමේන්තුව පවත්නා කාලය) සංශෝධනය කිරීම යන්න වසර 6ට වඩා වැඩිකරන සංශෝධන ලෙස සීමා කිරීම හේතුවෙන් ජනතාවගේ පරමාධිපත්‍යයට අහිතකරව බලපෑම් කර ඇත. එනම් වසර 6ට වඩා අඩුකරන සංශෝධන සම්බන්ධයෙන් ජනතාවගේ පරමාධිපත්‍යය අත්හැරීම සිඳුකරවා ඇත. ඉංග්‍රීසි භාෂා පරිවර්තනය මගින් ජනමතවිචාරණය අහිමි කරවා ඇත. එමගින් සිදුකර ඇත්තේ 30.2 අනුව්‍යවස්ථාව (ජනාධිපති ධූර කාලය) හෝ 62.2 අනුව්‍යවස්ථාව (පාර්ලිමේන්තුව පවත්නා කාලය) සංශෝධනය (6ට අඩු හෝ 6ට වැඩි) කිරීමට ජනමතවිචාරණයක අවශ්‍යතාවය ඉංග්‍රීසි පරිවර්තනය මගින් අහිමි කර 6ට වැඩි කරන සංශෝධන ලෙස සීමා කිරීමය. ඉංග්‍රීසි භාෂා පරිවර්තනය අනුව වසර 6ට වඩා අඩු කරන සංශෝධනය ජනමතවිචාරණයකින් බැහැර කිරීම හේතුවෙන් ජනාධිපති ධූර කාලය හෝ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 1 හෝ මාස 6ක් හෝ මාස 3ක් හෝ 0 ලෙස සිදුකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පවා වලංගුබවට පත් වේ. මෙය විකෘති තත්ත්වයකි. සිදුනොවිය යුතු තත්ත්වයකි. 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළකරන ලද 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි භාෂා පරිවර්තනයේ 83 වන ව්‍යවස්ථාවේ b ඡේදයේ ඇති දෝෂ පෙන්නුම් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සිංහල සහ ඉංග්‍රීසි භාෂා වෙනස නොසළකා ජනතාවගේ පරමාධිපත්‍යය අහිමි කරවීමට වගකිව යුත්තේ කවුද යන්න විමසීමට පෙර ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාව අනුව නිවැරදි  පරිවර්තනයක් නොවන බව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය නොවීම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමත් අවශ්‍ය වේ. එවිට ඒ වැරැද්ද කළ අය කවුද යන්න පහසුවෙන් දැන ගත හැකිය. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතීඥ, සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394   (2025.07.11) )

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...