Skip to main content

Posts

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සමග දෙරණ නාලිකාව 2021.08.30 දින පැවති derana 360 පැවති සාකච්ඡාවේ දී පහත ප්‍රශ්න 06 විමසුවාද? පිළිතුරු ලැබුණාද?

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සමග දෙරණ නාලිකාව 2021.08.30 දින පැවති derana 360 පැවති සාකච්ඡාවේ දී පහත ප්‍රශ්න 06 විමසුවාද? පිළිතුරු ලැබුණාද? 1) එන්නත් භාවිතයත් සමගම අලුත් ප්‍රභේධ ඇතිවීම වැඩි වුණේ ඇයි? 2) අලුත් ප්‍රභේධ ඇති වෙන්නේ එන්නත නිසාද? නැද්ද? 3) අලුත් ප්‍රභේධ ඇති වෙන්නේ එන්නත නිසා නොවේනම් එන්නත් භාවිතයත් සමග අලුත් ප්‍රභේධ ඇතිවීම වැඩි වුණේ කෙසේද? 4) අලුත් ප්‍රභේධ සඳහා පරණ ප්‍රභේධවලට සොයාගත් එන්නත ක්‍රියාත්මක වෙන්නේ කෙසේද? 5) අලුත් ප්‍රභේධවලට ක්‍රියාකරන අලුත් එන්නත් නිෂ්පාදනය කරන්න කොපමණ කාලයක් යයිද? 6) අලුත් ප්‍රභේධ සඳහා එන්නත්කරණය තව ඉදිරියට කොපමණ සැරයක් කළ යුතුද? එකී සාකච්ඡාව සඳහා යොමු වීමට https://m.youtube.com/watch?v=0DR0UBC02No&t=63s මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකතන 0712063394, 0786016161 (2021.08.31)

සරසවි සිසුන්ට බන්ධනාගාරයේදී කෝවිඩ් වැළදීමට ඉඩ හැරීමෙන් ජීවිතවලට සිදුකළ අන්තරාය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වැරදිවලට අදාලව පොලීසිය නීතිය ක්‍රියාත්මක කරයිද?

සරසවි සිසුන්ට බන්ධනාගාරයේදී කෝවිඩ් වැළදීමට ඉඩ හැරීමෙන් ජීවිතවලට සිදුකළ අන්තරාය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වැරදිවලට අදාලව පොලීසිය නීතිය ක්‍රියාත්මක කරයිද? පෙර පරීක්ෂණ වලින් කෝවිඩ් 19 වෛරස නැති බව තහවුරු වූ සරසවි සිසුන් බන්ධනාගාර ගත කිරීමෙන් පසු කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම ඔවුන්ගේ ජීවිතවලට එරෙහිව සිදු කළ වැරදි / අපරාධ ලෙස සැළකිය හැකිය.. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පැමිණීලි කිරීමෙන් පමණක් මේ වරදට සම්බන්ධ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සිදු නොවේ. දණ්ඩ නීති සංග්‍රහයේ 100, 161,289, 298, 301,490 වගන්ති යටතේ ඇති වැරදි සම්බන්ධයෙන් පරීක්ෂාකර අදාල සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පොලිස්පතිවරයාගේ යුතුකම සහ වගකීම වේ. බන්ධනාගාරගත කිරීමට පෙර සිදුකර ඇති පරීක්ෂණයෙන් කෝවිඩ් 19 වෛරස් නැති බව තහවුරු වූ සරසවි සිසුන් බන්ධනාගාර ගත කිරීමෙන් පසු කෝවිඩ් වෛරසය ආසාදනය වීම සිදු වී ඇති බව මාධ්‍ය මගින් ප්‍රචාරය වී ඇත. මෙය ජනතාවගේ ජීවිත අන්තරායකර තත්ත්වයට පත් කිරීමකි. නීතියේ රැකවරණයද අහිමි කරවීමකි. සරසවි සිසුන් බන්ධනාගාර ගත කිරීමෙන් පසු කෝවිඩ් වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ජීවිතවලට එරෙහිව...

නීති පනවා කෝවිඩ් එන්නත අනිවාර්යය කර විදිනවානම් එන්නත් කාඩ් පතේ පහත කරුණු 10 ඇතුළත් කර ගැනීමට පුරවැසියන්ට අයිතිය ඇත.

නීති පනවා කෝවිඩ් එන්නත අනිවාර්යය කර විදිනවානම් එන්නත් කාඩ් පතේ පහත කරුණු 10 ඇතුළත් කර ගැනීමට පුරවැසියන්ට අයිතිය ඇත. 1) එන්නත ලබා ගන්නා අයගේ නම 2) එන්නත ලබා දුන් දිනය 3) එන්නත ලබා දුන් ස්ථානය 4) ලබා දුන් එන්නතේ නම 5) ලබා දුන් එන්නත් ප්‍රමාණය 6) ඉදිරි එන්නත් විදීමට නියමිත දිනය / දින 7) එන්නත මගින් ආරක්ෂාව සපයන කාල සීමාව 8 ) එන්නත මගින් විය හැකි අතුරු ආබාධ 9) ලෝක සෞඛ්‍ය සංවිධානය සාමාන්‍ය භාවිතය සඳහා අනුමත කළ එන්නතක්ද? හදිසි භාවිතය සඳහා අනුමත කළ එන්නතක්ද? 10) එන්නත ලබා ගත් අය එන්නත විදීමට කැමැත්ත දුන්නේද? නැද්ද? මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකතන 0712063394, 0786016161 (2021.08.19)

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කළ ඉල්ලීම ඉටු නොකිරීම සම්බන්ධයෙන් පුරවැසියන් 1000 කගේ විරෝධතා පෙත්සමක් මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයාට...!

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කළ ඉල්ලීම ඉටු නොකිරීම සම්බන්ධයෙන් පුරවැසියන් 1000 කගේ විරෝධතා පෙත්සමක් මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයාට...! ශ්‍රේෂ්ඨාධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් පාර්ලිමේන්තුවට යොමු කරන පනත් කෙටුම්පත් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස 2021.08.17 දින ගෙවිඳු කුමාරතුංග ( පා.ම) හේෂා විතානගේ ( පා.ම) කුමාර වෙල්ගම ( පා.ම) චමින්ද විජේසිරි ( පා.ම) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියත් එකී ඉල්ලීම ඉටු කරම්න් පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ආරක්ෂා කිරීමට මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා කටයුතු නොකිරීම ජනතාවගේ පරමාධිපත්‍යයට හානි කිරීමකි. එයට විරෝධය දක්වා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා වෙත පුරවැසියන් 1000ක් අත්සන් කළ විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු යොද ඇත. මේ සඳහා අත්සන් කිරීමට කැමති අයට සිය අත්සන යොදා සහාය දැක්විය හැකිය. සමායෝජක, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබ...

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි..., යුක්තිය, සමානත්මතාවය සහ සාධාරණය  සහිත රටක් ගොඩ නගමු...විචාරශීලී ජනතාවට අත දෙමු...කොරෝනා පරදවමු...!

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි..., යුක්තිය, සමානත්මතාවය සහ සාධාරණය  සහිත රටක් ගොඩ නගමු...විචාරශීලී ජනතාවට අත දෙමු...කොරෝනා පරදවමු...! පාලකයන් සිදුකරන දූෂණය, නාස්තිය සහ බලය අවභාවිතය එළිදරව්වීම සහ එයට එරෙහිව ක්‍රියා කරන පිරිස බිහිවීම වැළැක්වීමට විචාරශීලී ජනතාවක් බිහිවීම ශ්‍රී ලංකාවේ නීතියෙන්, අධ්‍යාපනයෙන් සහ පාලනයෙන් වළක්වනු ලබුවත් එයම කොරෝනා ව්‍යසනයේදී පාලකයන්ට පාරාවලල්ලක් වී ඇත.... විචාරශීලී බහුතර ජනතාවක් ඇති රටවල කොරෝනා ව්‍යසනය සහ ඒ ආශ්‍රිතව පැනනගින ගැටලු පාලනය කර ගැනීම පහසු වුවත් ලංකාව වැනි විචාරශීලීත්වය අවම මට්ටමක ජනතාවක් සිටින රටවල එයට ඇත්තේ අඩු අවස්ථාවකි. විචාරශීලීත්වයෙන් යුත් ජනතාව දුෂ්කර කාලයේදී පාලකයන්ට සහාය දක්වන නමුත්  යුක්තිය, සමානත්මතාවය සහ සාධාරණය නොමැති සමාජයක විචාරශීලී ජනතාවක් බිහිනොවන අතර තමන් ගැන සහ තමන්ගේ කණ්ඩාමේ වාසිය ගැන පමණක් සිතන ජනතාවක් බිහි වෙයි. දැන්වත් යුක්තිය, සමානත්මතාවය සහ සාධාරණය ඇති කරන සමාජයක් ගොඩ නගමු...! විචාරශීලී ජනතාවට රටේ තැනක් ඇති බව සහතික කරමු....! කොරෝනා පරදවමු...! මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකත...

කෝවිඩි වෛරස හේතුවෙන් ආසාදිතයන් මිය යාම දණ්ඩ නීති සංග්‍රහයේ 261, 289 සහ 298 වගන්ති යටතේ අපරාධමය වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් පවිත්‍රා වන්නිආරච්චි, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, චන්න ජයසුමන, සිසිර ජයකොඩි, සංජීව මුණසිංහ, අසේල ගුණවර්ධන සහ කුමාරි වීරසේකරට එරෙහිව වෛද්‍ය බී. ඒ. රත්තපාල මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට පැමිණිලි කරයි.

කෝවිඩි වෛරස හේතුවෙන් ආසාදිතයන් මිය යාම දණ්ඩ නීති සංග්‍රහයේ 261, 289 සහ 298 වගන්ති යටතේ අපරාධමය වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් පවිත්‍රා වන්නිආරච්චි, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, චන්න ජයසුමන, සිසිර ජයකොඩි, සංජීව මුණසිංහ, අසේල ගුණවර්ධන සහ කුමාරි වීරසේකරට එරෙහිව වෛද්‍ය බී. ඒ. රත්තපාල මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට පැමිණිලි කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෛද්‍ය වෘත්තීන්හි නියැලෙන කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ උපාධිධාරි, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංක 6942 සර්වාංග සහ 7319 විශේෂ යටතේ ලියාපදිංචි වී වෙද්‍ය වෘත්තියේ යෙදෙන නො. 66, සල්මල් පෙදෙස, මත්තෙගොඩ පදිංචි වෛද්‍ය බී.ඒ.රත්නපාල මහතා මෙම පැමිණිල්ල කර ඇත. එමෙන්ම ඔහු විසින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක කො/රෝහල්/06 යටතේ ලියාපදිංචි කර ඇති රෝපා ආයුර්වේද රෝහල පවත්වාගෙන යන බවත්, වර්ෂ 2019 අවසානයේ සිට ශ්‍රී ලංකාවේ ඌර්ධ ස්වසන ව්‍යුහාගත වෛරස් ආසාදනයක් (කෝවිඩි වෛරස් ආසාදනය හේතුවෙන්) ව්‍යාප්ත වෙමින් තිබූ අතර, මා එයට ප්‍රත්‍යක්ෂ ඖෂධ ලබා දී සුවකරන සහ නීතියට අනුව ප්‍රතිකාර කරමින් සිටින වෛද්‍යවරයෙක් බව පැමිණිල්ලේ...

අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ පාලනය, නීතීඥ සංගමයේ කණ්ඩායම් සහ 19යේ අධිකරණ ඇමතිවරයා.....!

අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ පාලනය, නීතීඥ සංගමයේ කණ්ඩායම් සහ 19යේ අධිකරණ ඇමතිවරයා.....! අධිකරණයේ ස්වාධීනත්වයත් නීතියේ පාලනයත් අහිමි කරන නීතීඥ කණ්ඩායම් ගැන කතා කරන්න, ඒවාට එරෙහි වෙන්න අකැමැති වුණාට..... ශක්තියක් නැති වුණාට..... හීනියට බයක් තිබුණට කමක් නෑ....! ඒත්, එහෙම කණ්ඩායම් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පාලනය කිරීමෙන් වළක්වා ගැනීම අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ පාලනය ආරක්ෂා කිරීමට අවශ්‍ය බවවත් හෘදය සාක්ෂිය කියන්නේද කියා මොහතකට පරීක්ෂාකර බලමු....! 2021 ජූනි 08 පාර්ලිමේන්තුවට ගෙනා කොරෝනා පනත් කෙටුම්පත වගන්ති 7ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තිබියදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය අනුමැතිය දුන් බවට 19යේ අධිකරණ ඇමතිවරයා ජනතාවට දැන්වීම යුක්තියද? සාධාරණයද? නීතියේ පාලනයද? යන්න නීසි බලධාරීන්වත් හෘදය සාක්ෂියෙන් ව්මසිය යුතුය....! මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකතන 0712063394, 0786016161 (2021.08.18)