Skip to main content

කෝවිඩි වෛරස හේතුවෙන් ආසාදිතයන් මිය යාම දණ්ඩ නීති සංග්‍රහයේ 261, 289 සහ 298 වගන්ති යටතේ අපරාධමය වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් පවිත්‍රා වන්නිආරච්චි, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, චන්න ජයසුමන, සිසිර ජයකොඩි, සංජීව මුණසිංහ, අසේල ගුණවර්ධන සහ කුමාරි වීරසේකරට එරෙහිව වෛද්‍ය බී. ඒ. රත්තපාල මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට පැමිණිලි කරයි.

කෝවිඩි වෛරස හේතුවෙන් ආසාදිතයන් මිය යාම දණ්ඩ නීති සංග්‍රහයේ 261, 289 සහ 298 වගන්ති යටතේ අපරාධමය වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් පවිත්‍රා වන්නිආරච්චි, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, චන්න ජයසුමන, සිසිර ජයකොඩි, සංජීව මුණසිංහ, අසේල ගුණවර්ධන සහ කුමාරි වීරසේකරට එරෙහිව වෛද්‍ය බී. ඒ. රත්තපාල මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට පැමිණිලි කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෛද්‍ය වෘත්තීන්හි නියැලෙන කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ උපාධිධාරි, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංක 6942 සර්වාංග සහ 7319 විශේෂ යටතේ ලියාපදිංචි වී වෙද්‍ය වෘත්තියේ යෙදෙන නො. 66, සල්මල් පෙදෙස, මත්තෙගොඩ පදිංචි වෛද්‍ය බී.ඒ.රත්නපාල මහතා මෙම පැමිණිල්ල කර ඇත. එමෙන්ම ඔහු විසින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක කො/රෝහල්/06 යටතේ ලියාපදිංචි කර ඇති රෝපා ආයුර්වේද රෝහල පවත්වාගෙන යන බවත්, වර්ෂ 2019 අවසානයේ සිට ශ්‍රී ලංකාවේ ඌර්ධ ස්වසන ව්‍යුහාගත වෛරස් ආසාදනයක් (කෝවිඩි වෛරස් ආසාදනය හේතුවෙන්) ව්‍යාප්ත වෙමින් තිබූ අතර, මා එයට ප්‍රත්‍යක්ෂ ඖෂධ ලබා දී සුවකරන සහ නීතියට අනුව ප්‍රතිකාර කරමින් සිටින වෛද්‍යවරයෙක් බව පැමිණිල්ලේ දක්වා ඇත. එම කොවිඩ් (කොවිඩ් 19) වෛරස් රෝගයට මුහුණ දීමට අවශ්‍ය ප්‍රතිශක්තිය (Immunity) ශරීරයේ රුධිරය තුලින් වර්ධනය කරන ප්‍රතිකාර දේශීය වෛද්‍ය ක්‍රමයේ තිබියදී ඒවා ඔහු සහ තවත් ආයුර්වේද වෛද්‍යවරු ඉදිරිපත් කර ඇති අවස්ථාවක සහ ඒවායේ ප්‍රතිඵල සාර්ථක වී තිබියදී, රෝගීන් මිය යාම සිදු නොවිය යුතු දෙයක් වූවත්, දිනපතා අසාදිතයන් මිය යාම සිදු වන අතර, එසේ රෝගින් මිය යෑම සිදුවන්නේ නිරෝධායන ආඥාපනත යටතේ ප්‍රතිකාර කිරිමේ බලය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් යටතේ ඇති බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයට පමණක් හිමිකර ගෙන ඇති නිසා බවත් ඔහු සිය පැමිණිල්ලේ දක්වා ඇත. 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පත්වූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි යටතේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල ආයුර්වේද වෛද්‍ය සභාව යටතේ පාරම්පරික දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් 20000ක් පමණ සිටින අතර ඔවුන්ගේ දායකත්වය මෙහිදී ප්‍රමාණවත් පරිදි සළකා බලා නැති අතර එම වෛද්‍යවරුන් අතර ද්‍රවිඩ ජාතීන්ට උරුම වු සිද්ධ වෛද්‍ය ක්‍රමයේ නියැලෙන වෛද්‍යවරුන් ද, මුස්ලිම් ජාතියට උරුම වූ යුනානි වෛද්‍ය ක්‍රමයේ නියැලෙන වෛද්‍යවරුන්ද හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ නියැලෙන වෛද්‍යවරුන්සේද සිටින අතර, ඔවුන් අතරින් මෙම ආසාදනයට ප්‍රතිකාර කිරීමට හැකි වෛද්‍යවරු සිටිනවා මෙන්ම ඔහු සතු ප්‍රත්‍යක්ෂ ඖෂධ ක්‍රමවේදය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙතද ලබා දුන්නද ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීමෙන් ඇය බැහැර ගොස් සිටි අතර ඒ හේතුවෙන් මේ ආකාරයට අසාදිතයන් මිය යමින් සිටින බවත් පොලිස්පතිවරයා වෙත යොමු කළ පැමිණිල්ලේ දක්වා ඇත. 6000කටත් වඩා මරණ සංඛ්‍යාවක් මෙම රෝගයට අදාලව සිදුවී ඇති බවත් එම මරණ සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 261 වගන්තිය (මහජන කරදරය), 289 (ව්‍යවස්ථාපිත යුතුකම ඕනෑවට නොකර හැරීම) 298 වගන්තිය (නොසැලකිලිමත් ලෙස මරණය සිදුකිරීම) ඇතුළු වැරදි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි, දේශීය ‍වෙදකම් ප්‍රවර්ධන‍, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වන කුමාරි වීරසේකර විසින් සිදු කර ඇති බවත් එම වෛද්‍යවරයා පැමිණිල්ලේ දක්වා ඇත. ඖෂධ නිෂ්පාදනය සැපයිම හා නියාමක රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන, ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු පිළිබඳ අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ එම වැරදි සිදු කිරීමට ආධාර සහ අනුබල දීම සිදුකර ඇති බවත් පැමිණිල්ලේ දක්වා ඇත. ඉහත වගඋත්තරකරුවන්ගෙන් බොහෝ දෙනෙකු කොරෝනා වසංගතය සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයේ හදිසි අවස්ථා (Emergency Use) සදහා පමණක් අනුමත කර ඇති එන්නත් සාමන්‍ය තත්ත්වයේ අනුමත කර ඇති ලෙස ජනතාවට එන්නත් කරවීම සිදුකරන බවත්, එසේම එය බලහත්කාරයෙන් සිදුකරන බව දැනගන්නට ලැබී ඇති බවද සාර්ථක ලෙස ශරීරය මගින් ප්‍රතිශක්තිය (Immunity) වර්ධනය කරමින් ජීවිත බේරා ගැනීම, මරණය වැලැක්වීම සිදුකල හැකි දේශීය වෛද්‍ය ප්‍රතිකාර ඔහු සතුව තිබියදී සහ ඒවා ඉදිරිපත් කර ඇති අවස්ථාවක සහ ප්‍රතිකාර ඉදිරිපත් කර ඇති වෙනත් වෛද්‍යවරුන්ද සිටියදී ඒවාට අවස්ථාව නොදී මේ ආකාරයට ආසාදිතයන් මිය යාමට හැරීම අපරාධමය වැරදි බවද වෛද්‍යවරායා සිය පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා ඇත. සිය පැමිණිල්ල සනාථ කිරීම සදහා වාචික සාක්ෂිකරුවන් සහ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකි බවත්, ඌර්ධ ස්වසන ව්‍යුහාගත වෛරස් ආසාදනයට / කෝවිඩි වෛරස් ආසාදනයට / ප්‍රතිශක්තිය ආශ්‍රිත රෝග සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර හෝ වැලැක්වීමේ මාර්ග තිබියදී එකී ආසාදිතයන් මිය යාමට වගකිවයුතු අයට එරෙහිව අපරාධමය වැරදි සිදුකරීම සහ ආධාර සහ අනුබල දීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සාධාරණ විමර්ශනයක් සිදු කර නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් වෛද්‍ය බී. ඒ. රත්තපාල මහතා සිය පැමිණිල්ලෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති අතර නීතිපතිවරයාටද එකී පැමිණිල්ලේ පිටපත් යොමු කර ඇත. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන, දුරකථන 0712063394, 0786016161 (2021.08.21) පොලිස්පතිවරයා වෙත යොමු කළ එකී පැමිණිල්ල පහත දැක්වේ.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය