Skip to main content

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයාගේ ස්ථාවරයට පටහැනි නීතිපතිගේ කරුණු දක්වීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට අතිරේක පෙත්සමක්.......!

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයාගේ ස්ථාවරයට පටහැනි නීතිපතිගේ කරුණු දක්වීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට අතිරේක පෙත්සමක්.......!


ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලබා දීමට අදාල අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ  අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් නීති රෝෂනී හෙට්ටිගේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලිඛිතව දන්වා තිබියදී ජනාධිපතිවරයා වෙනුවෙන්  අධිකරණයේ පෙනී සිටින නීතිපතිවරයා එයට පටහැනි ස්ථාවරයක් ගනිමින් සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා නොදිය යුතු බවට ස්ථාවරයක් ගෙන ඇත. මෙය පැහැදිලිවම ජනාධිපතිවරයාගේ ස්ථාවරය සම්බන්ධව වැරදි අදහසක් දැක්වීමක් බව නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ප්‍රකාශ කළේ ය.

ඒ මහතා ඒ බව ප්‍රකාශ කරන ලද්දේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරවීමට එරෙහිව පවරන ලද SC/FR/357/18 නඩුවට අතිරේක පෙත්සමක් ගොනු කළ අවස්ථාවේ ය.
 
එම නීතිඥවරයා විසින් ජනාධිපතිවරයාට සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට එරෙහිව ජනාධිපතිවරයා  විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් 2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ SC/FR/357/18 නඩුව පවරා ඇති අතර ඒ නඩුව පවතිද්දී එම නඩුවට අයුතු බලපෑම්වන ආකාරයට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කිරීමට ඉඩ දීමෙන් කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කර ඇති බවට සහ අධිකරණයේ ස්වාධීනත්වයට අයුතු ලෙස මැදිහත්වී ඇති බවට  චෝදනා කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව 107 ව්‍යවස්ථාව, 111(ඇ) ව්‍යවස්ථාව අදාලව අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සම්බන්ධ කතානායකවරයාට එරෙහිවද අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාල පෙත්සමක් ගොනු කර ඇති බවත්  එම කාරණා සහ එම නඩුවේ කටයුතු අවසන් නොවී තිබියදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් 2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2018.12.13 දින තීන්දු ලබා දී තිබු බවත් නීතිඥවරයා ප්‍රකාශ කළේය.
 
තමගේ SC/FR/357/18  මූලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යාමට අදාල අවසරය ගැනීමට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහරින ලද අතිවිශේෂ ගැසට් පත්‍රය අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබා දුන් තීන්දුවල සිංහල භාෂාවෙන් පරිවර්තන ඉල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.4 ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ ඉල්ලීමක් එම නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කර ඇත. එකී ඉල්ලීමට අදාලව කරුණු දැක්වීම 2019 ජනවාරි 10 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රියන්ත ජයවර්ධනවිජිත් මලල්ගොඩ සහ මෘදු ප්‍රනාන්දු යන විනිසුරුවරු ඉදිරියේ සිදුකර ඇති අතර සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා දීමට එරෙහිව ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ස්ථාවරය ගත් බව නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ප්‍රකාශ කළේ ය.

සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා දීමට එරෙහිව ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ස්ථාවරය ගෙන තිබුණද ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලබා දීමට අදාල අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයාගේ ඉල්ලීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ  අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් නීති රෝෂනී හෙට්ටිගේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් වෙත 2019.03.15 දින අවශ්‍ය කටයුතු සදහා යොමු කර ඇත‍. ඒ සම්බන්ධව වූ ක්‍රියාවලියේ අවිධිමත් බව සම්බන්ධවද නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් SC/FR/180/18 මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තිබූ අතර එම නඩුවේ මතුකර ඇති කාරණාවලට අදාලව නඩුව පවත්වාගෙන යාමට අවසර ලබා ගැනීමට එම නඩුව 2019 ජුනි මස 10 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රසන්න ජයවර්ධනමෘදු ප්‍රනාන්දු සහ තුරෙයිරාජා යන විනිසුරුවරු ඉදිරියේ කැදවූ අවස්ථාවේ ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයාගේ ස්ථාවරය වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අවලංගු කරමින් ලබා දුන් තීන්දුවල සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා දීමට අදාලව SC/FR/357/18 නඩුවේ නියෝගයක් දීමට නියමිත හෙයින් මෙම නඩුව පවත්වාගෙන යාමට මූලික විරෝධය දක්වන බවයි. දෙපාර්ශවයේ කරුණුවලට සවන් දීමෙන් පසු නීතිපතිවරයාගේ ස්ථාවරය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් පවරා තිබූ SC/FR/180/19 මූලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යාමට අවසර ලබා නොදී නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කළ බවත් නීතිඥවරයා ප්‍රකාශ කළේ ය.
සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ලබා දීමට නියමිත SC/FR/357/18  නඩුවේ නියෝගය ලබා දීමට පෙර SC/FR/180/19 මූලික අයිතිවාසිකම් නඩුවේ නියෝගය සහ නීතිමය තත්ත්වය SC/FR/357/18  නඩුවේ විනිශ්චයකාරතුමන්ලාගේ අවධානයට යොමු කිරීම යුක්තිය ඉටුකිරීමේ දී අවශ්‍ය බව දක්වමින් සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලබා දීමට අවශ්‍ය අදාල අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉල්ලීමක් කර ඇති බවට අදාල ලේඛන ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධව කරුණු තහවුරු කිරීමට SC/FR/357/18  නඩුව 2019 ජුනි 25 හෝ 2019 ජුනි 27 හෝ 2019 ජුනි 28 දින වලින් එකකදී කැදවන ලෙස ඉල්ලා අතිරේක පෙත්සමක් 2019 ජුනි 10 දින ගොනුකර ඇති බවත් ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලබා දීම සම්බන්ධව  ජනාධිපතිවරයා ගේ ස්ථාවරය සහ එයට එරෙහි නීතිපතිවරයාගේ ස්ථාවරයේ ඇති වෙනස්කම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමු කරන බවත් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ප්‍රකාශ කළේ ය.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...