Skip to main content

ජයම්පති සහ සුමන්තිරන් යන අයගේ නීතිඥ වෘත්තීය විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධව අගවිනිසුරුවරයාට නීතිඥවරයෙක් පැමිණිලි කරයි.

ජයම්පති සහ සුමන්තිරන් යන අයගේ නීතිඥ වෘත්තීය විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධව අගවිනිසුරුවරයාට නීතිඥවරයෙක් පැමිණිලි කරයි.



පසුගියදා පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මාසික හමුවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශකර ඇති 19 ව්‍යවස්ථා සංශෝධනය සකස් කළේ නීති විශාරදයන්ද එහෙම නැත්නම් දේශපාලන මකබාස්ලද කියා තමන්ට ප්‍රශ්නයක් ඇති බවද? යන ප්‍රකාශයෙන් නීතීඥවරයන් කිහිප දෙනෙකු විසින් 1988 ශ්‍රේෂ්ඨාධිකරණ (නීතිඥවරයන් සදහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබද) රීති උල්ලංඝනය කිරීම් සිදුවී ඇති බවත් ජයම්පති වික්‍රමරත්න සහ එම් . ඒ. සුමන්තිරන්  යන නීතිඥවරයන් නීතිඥ වෘත්තිය පිළිබද ඇති සමාජයේ පිළිගැනීම, ගරුත්වය සහ වෘත්තීයභාවය අභිමානය බිද වැටිය හැකි ආකාරයට ක්‍රියාකර ඇති බව දක්වමින් නීතිඥ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරිම සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් අගවිනිසුරුවරයා වෙත පැමිණිල්ලක් කර ඇත.
ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ කර ඇති ප්‍රකාශ අනුව නීතිඥවරයන් සියලු කටයුතුවලදී සෘජු ලෙස සහ අවංකව කටයුතු කළ යුතු වීම, සේවාදායකයාට අවාසිදායක හානිකර වන අකාරයකින් ක්‍රියා නොකළ යුතු වා මෙන්ම නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයකින් කටයුතු නොකිරීමත්, වෘත්තීය කටයුත්තකදී පෞද්ගලික බැදීම් සහ පෞද්ගලික සම්බන්ධතාවලින් එයට බලපෑම් වීමට ඉඩ නොදිය යුතුය යන්නෙන් බැහැරව ජනාධිපතිවරයා සැළකුම් ලබා ඇති බව දක්වමින් ඒ සම්බන්ධව පරීක්ෂා කරන ලෙසද ඉල්ලා ඇත.
වර්ෂ 2015 අප්‍රේල් 27 වන දින පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් වාර්තාව අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා ඇති අතර නමුත් පසුගියදා පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මාසික හමුවේදී ඒ සම්බන්ධව ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශ මගින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී එනම් 2015 දී එතුමා බරපතල ලෙස නීතිමය නොමග යැවීමකට සහ රැවටීමකට ලක්ව සිට ඇති බව පැහැදිලි වන බවත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයකු සතුවිය යුතු රටේ ආරක්ෂාව සම්බන්ධ විධිවිධාන අහිමිකර ඇති අතර තවද ජනමතවිචාරණය සම්බන්ධව ජනතාව සතුව තිබූ ඡන්ද බලයේ එක් අවස්ථාවක් ජනතාවගේ කැමැත්තෙන් තොරව ඉවත්කර ජනතා පරමාධිපත්‍යය අභිබවා යමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ඇති බවත් අගවිනිසුරුවරයාගේ අවධානයට යොමු කර ඇත.
එකී පැමිණිල්ල පහත දැක්වේ...

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...