Skip to main content

ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමේ ස්වදේශීය චින්තනය තේරුම් නොගෙන එකසත් ජාතික පක්ෂය සරණ යාමට රාජපක්ෂ පුත්තුන්ට හැකිද?

ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමේ ස්වදේශීය චින්තනය තේරුම් නොගෙන එකසත් ජාතික පක්ෂය සරණ යාමට රාජපක්ෂ පුත්තුන්ට හැකිද?
ඩී.ඒ.රාජපක්ෂ මන්ත්‍රීවරයා බණ්ඩාරනායක සමග එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී විපක්ෂයට ගියේ එක්සත් ජාතික පක්ෂයේ වැරදි ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති හේතුවෙනි. ඩී.ඒ.රාජපක්ෂ පුතුන් දෙදෙනෙකු ජනාධිපති වුවත් සිය පියාගේ ස්වදේශී චින්තනය ක්‍රියාත්මක කරවීමට අපොහොසත් වූ අතර රාජපක්ෂ පුතුන්ගේ ප්‍රතිපත්ති වූයේද එක්සත් ජාතික පක්ෂයේ ම ආර්ථික සහ දේශපාලන ප්‍රතිපතිමය. මෙයට හොඳ නිදසුනක් නීති අධ්‍යාපනය අධිකරණ භාෂාවෙන් ලබා දීම වැළැක්වීමෙන් වටහා ගත හැකිය. 1815 උඩරට ගිවිසුමෙන් පසු රටේ නිතිය ක්‍රියාත්මක කරන ලද්දේ සහ නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ ජනතාවගේ භාෂාවෙන් නොවේ.ඒ වරද නිවැරදි කරන ලද්දේ 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසිනි. ඒ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලෙස සංස්ථාගත නීති අධ්‍යාපන සභාවට නියම කිරීමෙනි. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීමට එරෙහි වූ කිහිප දෙනෙක් එදා සිටම ක්‍රියාත්මක වූ අතර, රාජපක්ෂ ආණ්ඩු බලයේ සිටියදී සිය පටු අරමුණු ක්‍රියාත්මක කර ගැනීමට වර්ෂ 2010 සහ 2020 දී කටයුතු කළේය. ඒ අධිකරණ ඇමතිට සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවට අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම නතර කිරීමට නීති පැනවීමට අවස්ථාව ලබා දීමෙනි. (බලන්න -2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය) මෙය ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ ස්වදේශීය හිතැති ප්‍රතිපත්තිවලට පටහැනි තත්ත්වයකි. එවන් තත්ත්වයක ඩී.ඒ. රාජපක්ෂ නාමය හෑල්ලු වීම ගැන රාජපක්ෂ පුතුන්ම වගකිව යුතු වන තත්ත්වයක් වේ. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394) (2022.05.11)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...