2022 මැයි 09 කලු ප්‍රහාරයෙන් පසු
අවස්ථාව ලැබූ 09 දෙනා...!
1) ඡන්දයෙන් පැරදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය හිමිවීම.
2) කණ්ඩායම් කිහිපයක් සිටි
"ගෝඨාගෝගම" බලය එක් කණ්ඩායමකට හිමි වීම.
3) පොහොට්ටු සහ සජබ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ආකාරයට පාලනය කිරීමට අවස්ථාව ලැබීම.
4) වරාය නගර පනත ඇතුලු මහින්ද - ගෝඨාභය ආණ්ඩුව විවේචනය කළ විජේදාස රාජපක්ෂ ඇතුලු මන්ත්‍රීවරුන්ට ඇමතිධූරය හිමි වීම.
5) රජයේ ආයතන, ඉඩම්, වරාය විදේශීය සමාගම් වෙත බදු දෙන අයට ඒ සඳහා වැඩිවශයෙන් අවස්ථාව හිමි වීම.
6) ජනාධිපතිවරණ ඡන්ද බලය ජනතාවගෙන් අහිමි කිරීමට අන්තවාදීන්ට අවස්ථා ලැබීම.
7) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් දුර්වල කර ඇති පාර්ලිමේන්තුවට ( අර්ධ ව්‍යවස්ථාදායකයට)
විධායක බලය ලබා ගෙන රට අස්ථාවර කිරීමට සිටින බෙදුම්වාදීන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට ඉඩ ලැබීම.
8) පාර්ලිමේන්තුව 2023.02.20 දිනට වසර 2 1/2ක් සම්පූර්ණ වීමෙන් පසු විසුරුවාහැරීමේ බලපෑම වසර 4 1/2 ක් දක්වා කල් දමාගන්නා සංශෝධන (19 ය) ගෙන ඒමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඇතුලු වරප්‍රසාද ආරක්ෂා වීම.
9) ජී.එල්.පීරිස් වර්ෂ 2000 ගෙනා පැකේජ් ව්‍යවස්ථා කෙටුම්පතේ තිබූ ඉංග්‍රීසි භාෂාව අධිකරණ භාෂාවක් කිරීමේ ප්‍රතිපාදන නැවත ගෙන ඒමට අවස්ථාව ලැබීම.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
B Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394) (2022.05.22)
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය
අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි 21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

Comments
Post a Comment