ජනාධිපතිවරයාත් ජනතාවගේ ඡන්ද බලය අහිමි කරන යෝජිත 21-22 ව්‍යවස්ථා කුමන්ත්රණකරුවන්ගේ උගුලට හසු වෙලාද?
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් ගෙනා 19 සහ 20 ව්‍යවස්ථා කුමන්ත්රණකරුවන් ආරක්ෂා කිරීමට ගෙනෙන 21 සහ 22 ව්‍යවස්ථා සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කිරීම වැළැක්වීම රට ගිනි තැබීමේ බලාපොරොත්තුවද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණ කළ සහ කරන සියල්ලන් තරා තිරම නොබලා අත්අඩංගුවට ගත යුතුයි....
ජනතාවගේ ඡන්ද බලය පැහැර ගැනීමට ගෙනෙන 21 සහ 22 ව්‍යවස්ථා සංශෝධන පරාජය කළ යුතුයි...
ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද බලය ජනතාවගෙන් උදුරා ගන්නවාට ජනතාව කැමතිද?
21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 3.(ආ) වගන්තිය මගින් ජනතාවගේ ඡන්ද බලය පාර්ලිමේන්තුව පැහැර ගන්නවා.....
සමානුපාතික ඡන්ද ක්‍රමය තිබියදී ජනාධිපතිවරයා තෝරා ගැනීම ජනතාවගෙන් උදුරාගෙන පර්ලිමේන්තුව විසින් ජනාධිපති පත් කළොත් ජනාධිපති වන්නේ බෙදුම්වාදීන්ට, අන්තවාදීන්ට සහ කලු සුද්දන්ට පක්ෂ ජනාධිපතිවරයෙකි....!
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394
(2022.05.09)
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය
අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි 21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

Comments
Post a Comment