Skip to main content

බණ්ඩාරණායක, රාජපක්ෂ දරුවන් එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික, දේශපාලන ප්‍රතිපත්ති තුළට ගැනීම එක්සත් ජාතික පක්ෂයේ දිනුමක්ද? රටේ දිනුමක්ද?

බණ්ඩාරණායක, රාජපක්ෂ දරුවන් එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික, දේශපාලන ප්‍රතිපත්ති තුළට ගැනීම එක්සත් ජාතික පක්ෂයේ දිනුමක්ද? රටේ දිනුමක්ද?
එදා බණ්ඩාරනායක සහ ඩී.ඒ. රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණේ ස්වදේශීය ආර්ථික, දේශපාලන ප්‍රතිපත්ති වෙනුවෙන් බව ප්‍රකාශ කිරීමෙනි. (1951 ජූලි 24 දා පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව) පසුව අනුර බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සමග එකතු විය. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය එක්සත් ජාතික පක්ෂය විසින් අහෝසි කළද ඇය සිය ස්වදේශීය හිතැති ප්‍රතිපති මිය යන තෙක්ම වෙනස් කළේ නැත. බෙලිඅත්ත මන්ත්‍රීවරයාව සිටි ඩී.ඒ. රාජපක්ෂ 1951 ජූලි 24 දා එකසත් ජාතික පක්ෂයෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගනිමින් පාර්ලිමේන්තුවේ කළ කතාව පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ ඇත. එම කතාවේ සෑම වචනයක්ම අද දවසේත් ඒ ආකරයෙන්ම වලංගු වේ. රාජපක්ෂ පුතුන් දෙදෙනෙකු ජනාධිපති වුවත් ඔවුන් කිසිවෙක් ඩී.ඒ. රාජපක්ෂ මන්ත්‍රීවරයා 1951 ජූලි 24 දා පාර්ලිමේන්තුවේ කළ කතාව කියවා තිබුණානම් අද රට මේ ආකාරයට සිඟමන් යදින තත්ත්වයට පත්වන්නේ නැත. ගෑස් පෝලින්, ඉනධන පෝලින් සහ විදුලි කප්පාදුව තුළණය කරන්නේ රටේ දේපළ සහ ආයතන විදෙස් සමාගම්වලට හිමිකර දීමෙන් වූවාට ජනතාවට ප්‍රශ්නයක් නැති තැනට අද රට පත් වී තිබේ. පළාත් සභා සහ සමානුපාතික ඡන්ද ක්‍රමය තිබියදී ජනාධිපති ධූරය ඉවත් කර ජනාධිපතිවරණ ඡන්ද බලය ජනතාවගෙන් ඉවත් කළද ජනතාවට ගැටළුවක් නොවන තැනට ජීවන ප්‍රශ්න වලින් ජනතාව ආවරණය වී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83, 3, 9 ව්‍යවස්ථා ආරක්ෂා කිරීමක් ගැන ජනතාවට සිතීමට වේලාවක් නැත්තේ ඒ සිතන ජනතාව ඩීසල්, පෙට්‍රල් සහ ගෑස් ලබා ගන්නේ කෙසේද යන්න කල්පනා කරන හෙයිනි. මේ වන විට රාජපක්ෂ පුතුන් සහ මුණුඹුරන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා තමන්ගේ නායකයා ලෙස පත් කරගෙන ඇත. එක්සත් ජාතික පක්ෂය විසින් නුදුරේදී ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3 බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වෙනවා බලාගත හැකිය. ඒ ශ්‍රී ලංකාවේ දේශපාලන චින්තනයේ හැටිය. මෙවැනිම තත්ත්වයක් 2015 දී මෛතීපාල සිරිසේන මහතා ජනාධිපති වූ අවස්ථාවේදීත් දක්නට ලැබුණි. අඩු මන්ත්‍රී පිරිසක් සිටි විපක්ෂ නායකයාව අගමැති කරමින් බහුතරය ග්‍රහණයට ගෙන 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේත් ඉදිරියේ 21 ගේන්න යන ආකාරයටමය. බණ්ඩාරනායක, ඩී.ඒ.රාජපක්ෂ ස්වදේශීය චින්තනයෙන් රට දියුණු කිරීමට තිබූ දැක්ම ඔවුන්ගේ දරුවන්ගෙන් ඈත් වී ඇත. දිනකට එන්ජින් දහස් ගණනක් දුවන අධිවේග මාර්ග තැනීමත්, දිනකට එන්ජින් දහයක් විස්සක් දුවන අධිවේග දුම්රිය මාර්ග නොතැනුවේත් මේ වෙනස් විදේශීය සමාගම් හිතැති ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙනි. අහස උසට නගින ගොඩනැගිලි තනමින් විදෙස් සමාගම් වාර්ෂිකව නඩත්තු කිරීමට රාජපක්ෂ, බණ්ඩාරනායක දරුවන් උපායශීලීව මෙහෙවනු ලැබූවත්, ගොවිතැන දියුණු කරමින් ඉන් ඩොලර් ඉපැයීමට ඔවුන්ව මෙහෙයවනු නොලැබූයේ මේ වෙනස් ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙනි. රාජපක්ෂ දරුවෝද බණ්ඩාරනායක දරුවන් මෙන් එක්සත් ජාතික පක්ෂය තමන්ගේ අනාගත දේශපාලන ක්‍රීඩා බිම කර ගැනීමට සිදුවීම දෛවයේ කියවීමකි. ඒ අනුව පැහැදිලි වන්නේ එදා එදා බණ්ඩාරනායක සහ ඩී.ඒ. රාජපක්ෂ මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණ ප්‍රතිපත්ති වෙනස මේ වන විට සමනය වී ඇති බවයි. එනම් එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති බණ්ඩාරනායක සහ රාජපක්ෂ දරුවන් නිවැරදි බව තේරුම් ගෙන ඇති බවයි. බණ්ඩාරණායක, රාජපක්ෂ දරුවන් එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති තුළට ගැනීම එක්සත් ජාතික පක්ෂයේ දිනුමක්ද? රටේ දිනුමක්ද? යන්න විසඳීමේදී බණ්ඩාරනායක සහ රාජපක්ෂ පියවරුන්ට 1951 වැරදුනා යන්න පිළිගෙන පිළිතුරු සෙවීමට වර්තමාන අසාර්ථක ආර්ථික පරිසරය දිශානති වෙමින් ඇත. ස්වදේශීය ආර්‍ර්ථිකය වෙනුවට ව්දේශීය සමාගම් මගින් මෙහෙයවන ආර්ථිකයක් ශ්‍රී ලාංකිය දූපතට හො‍ඳද? නරකද? යන්න කීමට තවම කාලය ඉක්මන් වැඩිය. (බෙලිඅත්ත මන්ත්‍රීවරයාව සිටි ඩී.ඒ. රාජපක්ෂ 1951 ජූලි 24 දා එකසත් ජාතික පක්ෂයෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගනිමින් පාර්ලිමේන්තුවේ කළ කතාවේ පිටපතක් ලියුම්කරු විමසීමෙන් ලබා ගත හැකිය) නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394) (2022.05.14)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...