Skip to main content

Posts

Lawsuit Against the Secretary to the President for Breach of Statutory Duty by Failing to Act on the Election Commission's Letter

Lawsuit Against the Secretary to the President for Breach of Statutory Duty by Failing to Act on the Election Commission's Letter (This case is significant for lawyers, law students, and citizens regarding the filing of private criminal complaints/ plaint in the Magistrate’s Court under Section 136(1)(a) of the Code of Criminal Procedure Act, the interpretation of Sections 19, 162, and 289 of the Penal Code) Attorney-at-Law Aruna Laksiri Unawatuna has filed a written complaint under Section 136(1)(a) of the Code of Criminal Procedure Act No. 15 of 1979 in the Fort Magistrate's Court against the Secretary to the President, Dr. Nandika Sanath Kumanayake. The complaint alleges that the Secretary committed a punishable offense within the court's jurisdiction by willfully neglecting, failing to perform, and/or breaching his statutory duty under Article 9 of the Constitution and Section 289 of the Penal Code, by failing to take the necessary steps to accurately translate Artic...
Recent posts

මැකො ලිපියට අනුව ක්‍රියා නොකර ව්‍යවස්ථාපිත යුතුකම කඩකිරීම සම්බන්ධෙයන් ජනාධිපති ලේකම්ට නඩු...

මැකො ලිපියට අනුව ක්‍රියා නොකර ව්‍යවස්ථාපිත යුතුකම කඩකිරීම සම්බන්ධෙයන් ජනාධිපති ලේකම්ට නඩු... (මෙම නඩුව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136.1.අ. අනුවගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ පෞද්ගලික අපරාධ නඩු පැවරීම, දණ්ඩ නීති සංග්‍රහය 19, 162, 289 වගන්ති අර්ථනිරූපණය කිරීම සම්බන්ධයෙන් නීතීඥවරුන්ට, නීති ශීෂ්‍යයන්ට, පුරවැසියන්ට වැදගත් වෙයි.) මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ 2025.08.11 දිනැති ලිපියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදු නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වැනි ව්‍යවස්ථාව සහ දණ්ඩ නීති සංග්‍රහය 289 වගන්තිය යටතේ වන ව්‍යවස්ථාපිත යුතුකම නොසළකා හැරීම සහ/හෝ නොකර හැරීම සහ/හෝ නොපිළිපැදීම සහ/හෝ කඩකිරීම අදාලව නඩු විභාග කිරීමට අධිකරණ බලය ඇති වරදක් සිදුකර ඇති බවට 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136.1.අ. අනුවගන්තිය අනුව කරනු ලබන ලිඛිත පැමිණිල්ලක් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා...

* Did the 5 Supreme Court judges violate the Constitution by using the same English version of the Constitution, regarding which the Election Commission also states that the determination on the 22nd Amendment and the Judicature Act Amendment is wrong?

* Did the 5 Supreme Court judges violate the Constitution by using the same English version of the Constitution, regarding which the Election Commission also states that the determination on the 22nd Amendment and the Judicature Act Amendment is wrong? 1. Several differences exist between the 1978 Constitution and its English text version. 2. The 1978 Constitution was enacted by the National State Assembly in accordance with Articles 9, 49, and 51 of the 1972 Constitution. 3. Article 83 of the 1978 Constitution is the most powerful article representing the sovereignty of the people, specifying up to 12 articles that must be amended via a referendum. 4. Article 83 of the 1978 Constitution consists of two paragraphs, namely (අ) and (ආ). 5. Differences exist between paragraph (ආ) of the 1978 Constitution and the corresponding paragraph (b) of the English version of the 1978 Constitution. The Chairman of the Election Commission informed the Presidential Secretary on 11.08.2025 to accu...

22 සහ අධිකරණ සංවිධාන සංශෝධන තීරණයට මැතිවරණ කොමිසමත් වැරදියි කියන ඉංග්‍රීසි භාෂා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතම යොදා ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 5දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළේද?

22 සහ අධිකරණ සංවිධාන සංශෝධන තීරණයට මැතිවරණ කොමිසමත් වැරදියි කියන ඉංග්‍රීසි භාෂා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතම යොදා ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 5දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළේද? 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ වෙනස්කම් කිහිපයක්ම පවතී. 2. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 49 සහ 51 ව්‍යවස්ථා අනුව ජාතික රාජ්‍ය සභාව විසින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවනු ලැබ ඇත. 3. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව යනු ජනමතවිචාරණයක් මගින් සංශෝධනය කිරීම කළ යුතු ව්‍යවස්ථා 12 දක්වා ඇති ජනතාවගේ පරමාධිපත්‍යය නිරූපණය කරන බලවත්ම ව්‍යවස්ථාවයි. 4. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (අ) සහා (ආ) ලෙස ඡේද 2ක් වෙයි. 5. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සහ ඊට අනුරූප ඉංග්‍රීසි භාෂාවෙන් ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (b) ඡේදය වෙනස්කම් ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් ජනාධිපති ලේකම් වෙත 2025.08.11 දින දන්වා යවා ඇත. 6. ශ්‍රේෂ්ඨාධිකරණය...

22 තීරණයටත් මැතිවරණ කොමිසමත් වැරදියි කියන ඉංග්‍රීසි භාෂා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතම යොදා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කළේ ඇයි?

22 තීරණයටත් මැතිවරණ කොමිසමත් වැරදියි කියන ඉංග්‍රීසි භාෂා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතම යොදා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කළේ ඇයි? 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ වෙනස්කම් කිහිපයක්ම පවතී. 2. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 49 සහ 51 ව්‍යවස්ථා අනුව ජාතික රාජ්‍ය සභාව විසින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවනු ලැබ ඇත. 3. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව යනු ජනමතවිචාරණයක් මගින් සංශෝධනය කිරීම කළ යුතු ව්‍යවස්ථා 12 දක්වා ඇති ජනතාවගේ පරමාධිපත්‍යය නිරූපණය කරන බලවත්ම ව්‍යවස්ථාවයි. 4. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (අ) සහා (ආ) ලෙස ඡේද 2ක් වෙයි. 5. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සහ ඊට අනුරූප ඉංග්‍රීසි භාෂාවෙන් ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (b) ඡේදය වෙනස් අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් ජනාධිපති ලේකම් වෙත 2025.08.11දින දන්වා යවා ඇත. 6. ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද අවස්ථා ගණනාවකදී ඉංග්‍රීසි භාෂාවෙන් ඇති වැරදි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්‍...

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් අධ්‍යයනය කරන තෙක්  පාර්ලිමේන්තුව මගින් ඉදිරි පියවර ගැනීම එය ප්‍රකාශයට පත් කර දින 4ක් පමණ තෙක් කල් දමන ලෙස කතානායක වෙත ඉල්ලීමක්...

අරුණ ලක්සිරි උණවටුන අංක 02, බෞද්ධ මධ්‍යස්ථාන පාර, කොළඹ 10. දුරකථන 0712063394 2026.09.21 ගරු කතානායකතුමා, පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු කතානායකතුමනි, 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් අධ්‍යයනය කරන තෙක්  පාර්ලිමේන්තුව මගින් ඉදිරි පියවර ගැනීම එය ප්‍රකාශයට පත් කර දින 4ක් පමණ තෙක් කල් දමන ලෙස කරන ඉල්ලීමයි. 1. 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මා විසින් SC/SD/37/2026 අංක දරන පෙත්සම ඉදිරිපත් කර ඇත. 2. 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනතාවට ප්‍රසිද්ධ කර දින 4ක් පසුවන තෙක් එකී තීරණය සිංහල භාෂාවෙන් අධ්‍යයනය කිරිමට ජනතාවට අවස්ථාව ලබා දෙන ලෙසත් එතෙක් එකී පනත් කෙටුම්පත පිළිබඳ ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි. මෙයට, විශ්වාසී, අරුණ ලක්සිරි උණවටුන (SC/SD/37/2026 නඩුවේ පෙත්සම්කරු) පිටපත් ගරු ජනාධිපතිතුමා ගරු ජනාධිපති ලේකම්තුමා ගරු අග්‍රාමාත්‍යතුමිය ගරු පාර්ලිමේන්තු මහලේකම්තුමිය මෙම ඉල්ලීම විද්‍යුත් තැපෑලෙන් සි...

මැ.කො. ජනාධිපති ලේකම්ට යැවූ ලිපියෙන් පැහැදිලි වන්නේ ජනතාවට ඉංග්‍රීසි පුරුදු කිරීමට ජාතික රාජ්‍ය සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉංග්‍රීසි භාෂාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් ජනතාවට ඊට වෙනස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් පනවා ඇති බවද?

මැ.කො. ජනාධිපති ලේකම්ට යැවූ ලිපියෙන් පැහැදිලි වන්නේ ජනතාවට ඉංග්‍රීසි පුරුදු කිරීමට ජාතික රාජ්‍ය සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉංග්‍රීසි භාෂාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් ජනතාවට ඊට වෙනස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් පනවා ඇති බවද? 38වන නීති අධ්‍යාපන වැඩසටහන (විඩාපත් මනසට සහනය සළසන තාල භාණ්ඩ වාද්‍ය සංගීතයෙන්ද සමන්විතය) 2026 ඔක්තෝබර් 29 සවස 2ට කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී (සිංහල මාධ්‍ය - නීති සටහන් ලබා දේ) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394.