පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්වූ පමණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන අගමැති සහ අමාත්‍ය ධූර දැරිය හැකිද? 1. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදී මන්ත්‍රීවරු ලෙස තෝර පත්කර ගත් අයට කළ හැක්කේ කථානායකවරයා තෝරා ගැනීම පමණක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63වන ව්‍යවස්ථාවේ දක්වා ඇත. 2. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් අගමැති සහ අමාත්‍යවරු පත් කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43.4 සහ 44.2 අනුව්‍යවස්ථා දක්වා ඇත. 3. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කථානායකවරයා ඉදිරියේ ප්‍රතිඥා/ දිව්රුම් නොදී සිටියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ධූර වන අගමැති සහ අමාත්‍ය ධූර ලබා ගැනීම නිවැරදි බව අනුර දිසානායක ජනාධිපතිවරයා තීරණය කර ඇති හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කථානායකවරයා ඉදිරියේ ප්‍රතිඥා/ දිව්රුම් නොදුන් තෝරාපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් අගමැති සහ අමාත්‍ය ධූර 2024.11.18 දින පත් කර ඇත. 4. පාර්ලිමේන්තු මන්තීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අසුන හිස් වීමට හේතුවක් ලෙස ආ.ක්‍ර.ව්‍ය 66 ව
83වන ව්‍යවස්ථාවේ දෝෂ / අතපසුවීම් නිවැරදි කිරීමට ගැසට් කළ 22, ජනාධිපතිවරයාගේ සමාව ගැනීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඇසුරෙන් 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුකර ඇති දෝෂ/ අතපසුවීම් නිවැරදි කිරීමට මාළිමා 159 ආණ්ඩුවට සහ අනුර දිසානායක ජනාධිපතිවරයාට හැකි වෙයිද?
83වන ව්‍යවස්ථාවේ දෝෂ / අතපසුවීම් නිවැරදි කිරීමට ගැසට් කළ 22, ජනාධිපතිවරයාගේ සමාව ගැනීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඇසුරෙන් 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුකර ඇති දෝෂ/ අතපසුවීම් නිවැරදි කිරීමට මාළිමා 159 ආණ්ඩුවට සහ අනුර දිසානායක ජනාධිපතිවරයාට හැකි වෙයිද? 1. 2002 දී සහ 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පත් 2ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. 2. 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපේක්ෂා කළ අතර එය නීතියක් කිරීමට ජනමතවිචාරණයකින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7ක් විසින් SC/SD11/2002 ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී තීරණය කර ඇත. 3.2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සහ තවත් ව්‍යවස්ථා කිහිපයක් සංශෝධනය කිරීමට අපේක්ෂා කළ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 3කගේ SC/SD/04/2015 ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී තීරණය අනුව ජනමතවිචාරණයක් නොමැතිව