Skip to main content

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 83 වන ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨවල නොගැලපීමක් තිබේද යන්න සම්බන්ධයෙන් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණයේ තොරතුරු ලබා නොදීමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් වේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 83 වන ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨවල නොගැලපීමක් තිබේද යන්න සම්බන්ධයෙන් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණයේ තොරතුරු ලබා නොදීමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් වේ.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල 83 වන ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨවල වෙනස්කම් තිබේද සම්බන්ධයෙන් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ විසින් සිඳුකර ඇති පරීක්ෂණයේ පහත තොරතුරු 2025.10.16 දින ඉල්ලා ඇත. . 1.1) ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ සහ සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ වෙනස්කම් තිබේද හෝ නොතිබේද යන්න පිළිබඳව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් හෝ විමර්ශනයක් හෝ සළකා බැලීමක් කරන ලද්දේ කවදාද? 1.2.) ඉහත ප්‍රශ්නයට පිළිතුරු ලෙස ලැබෙන දිනය 2025.08.11 දිනයෙන් පසුව දිනයක් නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් 2025.08.11 දිනැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට ජනාධිපති ලේකම් වෙත දැනුම් දී ඇති බව එම පරීක්ෂණයේදී හෝ විමර්ශනයේදී හෝ සළකා බැලීමේදී නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් සළකා බලා තිබේද? 2) ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ සහ සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ වෙනස්කම් තිබේද හෝ නොතිබේද යන්න පිළිබඳව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණය හෝ විමර්ශනය හෝ සළකා බැලීම සිඳු කිරීමෙන් පසු සකස් කළ වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙසත්, 3) සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. (ආ) ඡේදය සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේද උපුටා දක්වමින් (අ.) ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදයේ 4 වන පේළියේ ඇති "which" පාඨ කොටස, සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ දැක්වෙන්නේ කුමන පාඨ කොටසෙන්ද? එකී තොරතුරු ඉල්ලීමට අදාලව 2025.10.21 දිනැතිව පිළිතුරු එවා ඇති නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී දැනුම් දී ඇත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තියේ භාෂා පාඨවල නොගැලපීම් තිබේද යන්න පරීක්ෂා කළ බවත් නොගැලපීම් නිරීක්ෂණය නොවන බවත් එම දෙපාර්තමේන්තුවට නිරීක්ෂණය වී ඇති බවයි. තමන් ඉල්ලා ඇති තොරතුරු ලබා දී නැති හෙයින් ඉල්ලුම්කාර නීතීඥවරයා අභියාචනයක්, දින නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නම් කළ නිලධාරී වෙත 2025.10.23 බාර දී ඇත. 2025.10.16 දිනැතිව නීතීඥවරයා විසින් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලීම මගින් විමසා ඇති 1.1, 1.2, 2 සහ 3 අංක යටතේ වන ඉල්ලීම් වලට අදාල තොරතුරු ලබා දෙන ලෙස එම අභියාචනය මගින් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නම් කළ නිලධාරී වෙතින් ඉල්ලා ඇත. වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2025.10.23)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...