Skip to main content

නඩු වාර්තාව තම අභිමතයට වෙනස් කර චූදිතට ජිවිතාන්ත සිරදඬුවම් නියම කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වුවහොත්, පහළ අධිකරණ විනිසුරුවරුන් නඩු විභාගවලදී කරන වැරදි අභියාචනයේදී නිවැරදි කිරීමට ඉහළ අධිකරණ විනිසුරුවරුන් පසුබට කරවයිද?

නඩු වාර්තාව තම අභිමතයට වෙනස් කර චූදිතට ජිවිතාන්ත සිරදඬුවම් නියම කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වුවහොත්, පහළ අධිකරණ විනිසුරුවරුන් නඩු විභාගවලදී කරන වැරදි අභියාචනයේදී නිවැරදි කිරීමට ඉහළ අධිකරණ විනිසුරුවරුන් පසුබට කරවයිද?
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට එම නඩුවට පෙනී සිටි නීතීඥවරයා විසින් 2025.10.25 දින ඉල්ලීමක් කර ඇත. එකී මහාධිකරණ නඩුව විභාග කළ විනිසුරුවරයා මුල් අවස්ථාවේ සිටම සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් චූදිතගේ ඉල්ලීම මත එම නඩුව වෙනත් විනිසුරුවරයෙකු වෙත මාරු කර ගැනීම සඳහා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 46 වගන්තිය යටතේ අභියාචනාධිකරණයට ඉල්ලීමක් කර තිබූ බවත්, එම ඉල්ලීම සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර තිබූ බවත්, එවකට අභියාචනාධිකරණ සභාපති විනිසුරුතුමා සහ තවත් විනිසුරුතුමෙකු විසින් සිංහල භෂාවෙන් පෙත්සම ඉදිරිපත් කළ හැකිද යන්න විමසීමට තීරණය කර ඇත. සිංහල භෂාවෙන් අභියාචනාධිකරණයට පෙත්සම ඉදිරිපත් කළ හැකිද යන්න විමසීමට අභියාචනාධිකරණය තීරණය කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනා අවසර ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් පසු මහාධිකරණ නඩු කටයුතු අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුල් දිනයේම නියෝග කළ බවත්, සිංහල භාෂාවෙන් ගොනු කළ පෙත්සම විභාග කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණයට පසුව නියෝග කර ඇති බවත් එම ඉල්ලීමෙන් ජනාධිපතිවරයාටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවටත් පෙන්වා දී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව අභියාචනාධිකරණය විසින් මහාධිකරණ විනිසුරුවරයා මාරුකර ගැනීමට සිංහල භාෂාවෙන් ගොනු කළ පෙත්සම විභාග කළ අතර, පෙත්සමේ ඉල්ලා තිබූ සහන වලින් කොටසක් ප්‍රදානය වීම මත මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේම නඩුව විභාග කිරීමට එකඟ වී එම අභියාචනාධිකරණ නඩු කටයුත්ත අවසන් වූ බවත්, අභියාචනාධිකරණ නඩුව අවසන් වීමෙන් පසු මහාධිකරණ විනිසුරුතුමා ඉදිරියේ නඩුවේ විභාගය නැවත ආරම්භ කළ පසු චූදිත විසින් තමා වෙනුවෙන් සාක්ෂි ලබා දීමද සිඳුකළ බවත්, චූදිත වරදකරු කිරීමට හැකි වන පරිදි නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කිරීමට එම විනිසුරුවරුතුමා සිය තනි අභිමතයට පමණක් ක්‍රියා කර 2019 අප්‍රේල් 24 දින චූදිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබූ බවත් නීතීඥවරයා විසින් ජනාධිපතිවරයාටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවටත් පෙන්වා දී ඇත. එම නඩු තීන්දුවට එරෙහිව අභියාචනා පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසු අභියාචනය විභාග කළ අභියාචනාධිකරණය විසින් මහාධිකරණ විනිසුරු විසින් සිය තනි අභිමතයට නඩු වාර්තාවේ ඇති සාක්ෂි සටහන් වෙනස් කර චූදිතව ජීවිතාන්තයට සිරදඬුවම් නියම කිරීම දෝෂ සහිත බව තීරණය කර 2021.03.08 දින චූදිත නිදොස් කර නිදහස් කිරීමට තීන්දු කර ඇති අතර එම නඩුවේ තීන්දුව Abdul Hameed Mohamed Lafeer v The Attorney General [CA HCC/133/2019] අමුණා ජනාධිපතිවරයාටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවටත් ඉදිරිපත් කර ඇත. කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් සිය අභිමතයට නඩු වාර්තාවේ ඇති සාක්ෂි සටහන් වෙනස් කර චූදිතව ජීවිතාන්තයට සිරදඬුවම් නියම කිරීම අභියාචනාධිකරණය විසින් ඉවත් කරන තෙක් චූදිත අභියාචක (නිර්දෝෂී තැනැත්තා) වසර 2කට ආසන්න කාලයක් (2019-2021) බන්ධනාගාරගත වී සිටි අතර රෝගී තත්ත්වයේ පීඩා විදිමින් සිට ඔහු එකී අභියාචනා තීන්දුවෙන් නිදහස ලබා කෙටි කාලයකින් මිය ගිය බවත් එම නීතීඥවරයා ජනාධිපතිවරයාටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවටත් පෙන්වා දී ඇත. තමන් ඉදිරියේ විභාග කළ නඩුවක චූදිතට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට හැකි වන පරිදි සිය තනි අභිමතයට නඩු වාර්තාවේ ඇති සාක්ෂි සටහන් වෙනස් කළ එම විනිසුරුගේ වැරදි ක්‍රියාව හේතුවෙන් ඇති වූ සංකූලතා, වෛද්‍ය ප්‍රතිකාර නිසි පරිදි නොලැබීම ආදී හේතු මත එම නිර්දෝෂී සේවාදායකයා අභියාචනාධිකරණ තීන්දුවෙන් නිදහස ලැබීමෙන් පසුව මිය යාමෙන් පසු මිය ගිය සේවාදායකයාට යුක්තිය ඉටු වීමට ඇති අවස්ථාව අඩු වුවද එම නීතීඥවරයාගේ හෘදය සාක්ෂියට අනුව එකී කරුණු දැක්වීම සිදුකරන බවත් පෙන්වා දී ඇති අතර, එකී වරද කළ විනිසුරුවරයා මේ වන විට අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස නිර්දේශ කරන්නේද හෝ අනුමත කරන්නේද, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සළකා බලන ලෙසත් ජනාධිපතිතුමාගෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා ඇත. මෙම ඉල්ලීමට හේතුවී ඇති එකී අභියාචනාධිකරණ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීමට මේ වනවිටත් ජනාධිපති වෙත නම් කර ඇති බවට විද්‍යුත් මාධ්‍යයේ පුවතද ජනාධිපතිතුමාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇත. මෙම ඉල්ලීමේ පිටපත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මහලේකම්, වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව,ජනාධිපති ලේකම් සහ නීතිපති වෙත යොමු කර ඇත. තමන් ඉදිරියේ විභාග කළ නඩුවක චූදිතට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට හැකි වන පරිදි සිය තනි අභිමතයට නඩු වාර්තාවේ ඇති සාක්ෂි සටහන් වෙනස් කළ එම විනිසුරුගේ වැරදි ක්‍රියාව නිවැරදි කිරීමට අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ක්‍රියා කළද එම විනිසුරුවරුන් සමඟ නඩු විභාග කිරීමට එකී වැරදි කළ විනිසුරුද සම්බන්ධ වන තත්ත්වයක් අනාගතයේ උද්ගත වීම සාධාරණ අපේක්ෂා ඇති පුරවැසියන්ගේ අපේක්ෂා කඩකරවන තත්ත්වයක් පැන නගී. නඩු වාර්තාවේ වෙනස්කම් කර දඬුවම් නියම කර ඇති බව අභියාචනාවේදී විනිශ්චය කරන විනිසුරුවරුන් සමඟ නඩු වාර්තාවේ වෙනස්කම් කර දඬුවම් නියම කළ විනිසුරු ද නඩු විභාග කිරීමට අසුන් ගැනීම බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්තාවටද, හෘදය සාක්ෂියේ නිදහසටද අහිතකරය. එසේම මේ නෛතික ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යයනයක යෙදීමට කටයුතු කරන ලෙස ඉල්ලා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති, කලා පීඨයේ පීඨාධිපති, ශ්‍රී ලංකා නීති කොමිසමේ සභාපති, අධිකරණ ඇමතිවරයාට සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙතද, නීතීඥ ප්‍රජාවගෙන්ද ඉල්ලීම් කර ඇත. වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0342256066 (2025.10.30) චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... https://www.lankaweb.com/news/items/2025/10/25/%e0%b6%a0%e0%b7%96%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%94%e0%b6%a7-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b7%83%e0%b7%92%e0%b6%bb/

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...