නඩු වාර්තාව තම අභිමතයට වෙනස් කර චූදිතට ජිවිතාන්ත සිරදඬුවම් නියම කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වුවහොත් හෘදය සාක්ෂියේ නිදහසට වෙන බලපෑම....
නඩු වාර්තාව තම අභිමතයට වෙනස් කර චූදිතට ජිවිතාන්ත සිරදඬුවම් නියම කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වුවහොත් හෘදය සාක්ෂියේ නිදහසට වෙන බලපෑම....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට එම නඩුවට පෙනී සිටි නීතීඥවරයා විසින් 2025.10.25 දින ඉල්ලීමක් කර ඇත.
එකී මහාධිකරණ නඩුව විභාග කළ  විනිසුරුවරයා මුල් අවස්ථාවේ සිටම සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් චූදිතගේ ඉල්ලීම මත එම නඩුව වෙනත් විනිසුරුවරයෙකු වෙත මාරු කර ගැනීම සඳහා  1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 46 වගන්තිය යටතේ අභියාචනාධිකරණයට ඉල්ලීමක් කර තිබූ බවත්, එම ඉල්ලීම සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර තිබූ බවත්, එවකට අභියාචනාධිකරණ සභාපති විනිසුරුතුමා සහ තවත් විනිසුරුතුමෙකු විසින් සිංහල භෂාවෙන් පෙත්සම ඉදිරිපත් කළ හැකිද යන්න විමසීමට තීරණය කර ඇත. 
සිංහල භෂාවෙන් අභියාචනාධිකරණයට පෙත්සම ඉදිරිපත් කළ හැකිද යන්න විමසීමට අභියාචනාධිකරණය තීරණය කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනා අවසර ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් පසු මහාධිකරණ නඩු කටයුතු අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුල් දිනයේම නියෝග කළ බවත්, සිංහල භාෂාවෙන් ගොනු කළ පෙත්සම විභාග කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණයට පසුව නියෝග කර ඇති බවත් එම ඉල්ලීමෙන් ජනාධිපතිවරයාටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවටත් පෙන්වා දී ඇත. 
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව අභියාචනාධිකරණය විසින් මහාධිකරණ විනිසුරුවරයා මාරුකර ගැනීමට සිංහල භාෂාවෙන් ගොනු කළ පෙත්සම  විභාග කළ අතර, පෙත්සමේ ඉල්ලා තිබූ සහන වලින් කොටසක් ප්‍රදානය වීම මත මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේම නඩුව විභාග කිරීමට එකඟ වී එම අභියාචනාධිකරණ නඩු කටයුත්ත අවසන් වූ බවත්, අභියාචනාධිකරණ නඩුව අවසන් වීමෙන් පසු මහාධිකරණ විනිසුරුතුමා ඉදිරියේ නඩුවේ විභාගය නැවත ආරම්භ කළ පසු චූදිත විසින් තමා වෙනුවෙන් සාක්ෂි ලබා දීමද සිඳුකළ බවත්, චූදිත වරදකරු කිරීමට හැකි වන පරිදි නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කිරීමට එම විනිසුරුවරුතුමා සිය තනි අභිමතයට පමණක් ක්‍රියා කර 2019 අප්‍රේල් 24 දින චූදිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබූ බවත් නීතීඥවරයා විසින් ජනාධිපතිවරයාටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවටත් පෙන්වා දී ඇත.
එම නඩු තීන්දුවට එරෙහිව අභියාචනා පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසු අභියාචනය විභාග කළ අභියාචනාධිකරණය විසින් මහාධිකරණ විනිසුරු විසින් සිය තනි අභිමතයට නඩු වාර්තාවේ ඇති සාක්ෂි සටහන් වෙනස් කර චූදිතව ජීවිතාන්තයට සිරදඬුවම් නියම කිරීම දෝෂ සහිත බව තීරණය කර 2021.03.08 දින චූදිත නිදොස් කර නිදහස් කිරීමට තීන්දු කර ඇති අතර එම නඩුවේ තීන්දුව Abdul Hameed Mohamed Lafeer v The Attorney General [CA HCC/133/2019] අමුණා ජනාධිපතිවරයාටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවටත් ඉදිරිපත් කර ඇත. 
කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් සිය අභිමතයට නඩු වාර්තාවේ ඇති සාක්ෂි සටහන් වෙනස් කර චූදිතව ජීවිතාන්තයට සිරදඬුවම් නියම කිරීම අභියාචනාධිකරණය විසින් ඉවත් කරන තෙක් චූදිත අභියාචක (නිර්දෝෂී තැනැත්තා) වසර 2කට ආසන්න කාලයක් (2019-2021) බන්ධනාගාරගත වී සිටි අතර රෝගී තත්ත්වයේ පීඩා විදිමින් සිට ඔහු එකී අභියාචනා තීන්දුවෙන් නිදහස ලබා කෙටි කාලයකින් මිය ගිය බවත් එම නීතීඥවරයා ජනාධිපතිවරයාටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවටත් පෙන්වා දී ඇත. 
තමන් ඉදිරියේ විභාග කළ නඩුවක චූදිතට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට හැකි වන පරිදි සිය තනි අභිමතයට නඩු වාර්තාවේ ඇති සාක්ෂි සටහන් වෙනස් කළ එම විනිසුරුගේ වැරදි ක්‍රියාව හේතුවෙන් ඇති වූ සංකූලතා, වෛද්‍ය ප්‍රතිකාර නිසි පරිදි නොලැබීම ආදී හේතු මත එම නිර්දෝෂී සේවාදායකයා අභියාචනාධිකරණ තීන්දුවෙන් නිදහස ලැබීමෙන් පසුව මිය යාමෙන් පසු මිය ගිය සේවාදායකයාට යුක්තිය ඉටු වීමට ඇති අවස්ථාව අඩු වුවද එම නීතීඥවරයාගේ හෘදය සාක්ෂියට අනුව එකී කරුණු දැක්වීම සිදුකරන බවත් පෙන්වා දී ඇති අතර, එකී වරද කළ විනිසුරුවරයා මේ වන විට අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස නිර්දේශ කරන්නේද හෝ අනුමත කරන්නේද, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සළකා බලන ලෙසත් ගරු ජනාධිපතිතුමාගෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා ඇත. 
මෙම ඉල්ලීමට හේතුවී ඇති එකී අභියාචනාධිකරණ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීමට මේ වනවිටත් ජනාධිපති වෙත නම් කර ඇති බවට විද්‍යුත් මාධ්‍යයේ පුවතද ජනාධිපතිතුමාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇත.
මෙම ඉල්ලීමේ පිටපත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මහලේකම්, වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව,ජනාධිපති ලේකම් සහ නීතිපති වෙත යොමු කර ඇත. 
තමන් ඉදිරියේ විභාග කළ නඩුවක චූදිතට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට හැකි වන පරිදි සිය තනි අභිමතයට නඩු වාර්තාවේ ඇති සාක්ෂි සටහන් වෙනස් කළ එම විනිසුරුගේ වැරදි ක්‍රියාව නිවැරදි කිරීමට අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ක්‍රියා කළද එම විනිසුරුවරුන් සමඟ නඩු විභාග කිරීමට එකී වැරදි කළ විනිසුරුද සම්බන්ධ වන තත්ත්වයක් අනාගතයේ උද්ගත වීම සාධාරණ අපේක්ෂා ඇති පුරවැසියන්ගේ අපේක්ෂා කඩකරවන තත්ත්වයක් පැන නගී. 
නඩු වාර්තාවේ වෙනස්කම් කර දඬුවම් නියම කර ඇති බව අභියාචනාවේදී විනිශ්චය කරන විනිසුරුවරුන් සමඟ නඩු වාර්තාවේ වෙනස්කම් කර දඬුවම් නියම කළ විනිසුරු ද නඩු විභාග කිරීමට අසුන් ගැනීම බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්තාවටද, හෘදය සාක්ෂියේ නිදහසටද අහිතකරය.
එසේම මේ නෛතික ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යයනයක යෙදීමට කටයුතු කරන ලෙස ඉල්ලා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති, කලා පීඨයේ පීඨාධිපති, ශ්‍රී ලංකා නීති කොමිසමේ සභාපති, අධිකරණ ඇමතිවරයාට සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙතද, නීතීඥ  ප්‍රජාවගෙන්ද ඉල්ලීම් කර ඇත.
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0342256066 (2025.10.30)

Comments
Post a Comment