ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදයේ 4 වන පේළියේ ඇති "which" පාඨ කොටස, සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ දැක්වෙන පාඨ කොටස කුමක්ද යන තොරතුරු ලබා නොදීමට එරෙහිව නම් කළ නිලධාරීට අභියාචනාවක් ඉදිරිපත් වේ.
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදයේ 4 වන පේළියේ ඇති "which" පාඨ කොටස, සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ දැක්වෙන පාඨ කොටස කුමක්ද යන තොරතුරු ලබා නොදීමට එරෙහිව නම් කළ නිලධාරීට අභියාචනාවක් ඉදිරිපත් වේ.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල 83 වන ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨවල වෙනස්කම් තිබේද සම්බන්ධයෙන් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ විසින් සිඳුකර ඇති පරීක්ෂණයේ පහත තොරතුරු 2025.10.16 දින ඉල්ලා ඇත.
. 1.1) ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ සහ සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ වෙනස්කම් තිබේද හෝ නොතිබේද යන්න පිළිබඳව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් හෝ විමර්ශනයක් හෝ සළකා බැලීමක් කරන ලද්දේ කවදාද?
1.2.) ඉහත ප්‍රශ්නයට පිළිතුරු ලෙස ලැබෙන දිනය 2025.08.11 දිනයෙන් පසුව දිනයක් නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් 2025.08.11 දිනැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට ජනාධිපති ලේකම් වෙත දැනුම් දී ඇති බව එම පරීක්ෂණයේදී හෝ විමර්ශනයේදී හෝ සළකා බැලීමේදී නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් සළකා බලා තිබේද?
2) ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ සහ සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ වෙනස්කම් තිබේද හෝ නොතිබේද යන්න පිළිබඳව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණය හෝ විමර්ශනය හෝ සළකා බැලීම සිඳු කිරීමෙන් පසු සකස් කළ වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙසත්,
3) සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. (ආ) ඡේදය සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේද උපුටා දක්වමින් (අ.) ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදයේ 4 වන පේළියේ ඇති "which" පාඨ කොටස, සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ දැක්වෙන්නේ කුමන පාඨ කොටසෙන්ද?
එකී තොරතුරු ඉල්ලීමට අදාලව 2025.10.21 දිනැතිව පිළිතුරු එවා ඇති නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී දැනුම් දී ඇත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තියේ භාෂා පාඨවල නොගැලපීම් තිබේද යන්න පරීක්ෂා කළ බවත් නොගැලපීම් නිරීක්ෂණය නොවන බවත් එම දෙපාර්තමේන්තුවට නිරීක්ෂණය වී ඇති බවයි.
තමන් ඉල්ලා ඇති තොරතුරු ලබා දී නැති හෙයින් ඉල්ලුම්කාර නීතීඥවරයා විසින් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නම් කළ නිලධාරී වෙත අභියාචනයක් 2025.10.23 දින බාර දී ඇත.
2025.10.16 දිනැතිව නීතීඥවරයා විසින් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලීම මගින් විමසා ඇති
1.1, 1.2, 2 සහ 3 අංක යටතේ වන තොරතුරු ලබා දෙන ලෙස එම අභියාචනය මගින් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නම් කළ නිලධාරී වෙතින් ඉල්ලා ඇත.
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2025.10.23)


Comments
Post a Comment