Skip to main content

Posts

Showing posts from September, 2026

22 ට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මැතිවරණ කොමිසමේ ලිපිය පිළිගතහොත් ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 6කි...! නැවත පළාත් සභා මැතිවරණත් නෑ...!

22 ට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මැතිවරණ කොමිසමේ ලිපිය පිළිගතහොත් ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 6කි...! නැවත පළාත් සභා මැතිවරණත් නෑ...! 22 ට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි මහතා ඉදිරිපත් කළ මැතිවරණ කොමිසමේ ලිපිය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගතහොත් ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 6කි...! නැවත පළාත් සභා මැතිවරණත් නෑ...! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදයට පරිවර්තනය කිරීමට ජනාධිපතිවරයා දැනුවත් කර පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා විසින් ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතා වෙත 2025.08.11 දින දැනුම් දී ඇත. මෙම ලිපිය නීතීඥ අරුණ ලක්සිරි මහතා විසින් 22වන සංශෝධනයට සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ සංශෝධනයට එරෙහිව පවරන ලද නඩු වලදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත. එම ලිපිය මගින් දක්වන කාරණව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදයත් අ...