Skip to main content

20 නීතිය ඉදිරියේ ශුන්‍ය සහ බල රහිත ලියවිල්ලකි... කථානායක, පාර්ලිමේන්තු මහ ලේකම් සහ නීතිපති 76, 80.3, 12.1,12.2 සහ 14.ඊ ව්‍යවස්ථා කඩකරලා..

20 නීතිය ඉදිරියේ ශුන්‍ය සහ බල රහිත ලියවිල්ලකි... කථානායක, පාර්ලිමේන්තු මහ ලේකම් සහ නීතිපති 76, 80.3, 12.1 ව්‍යවස්ථා කඩකරලා.. 20 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය රාජ්‍ය භාෂාවෙන් හැන්සාඩ් වාර්තාවට ඇතුලත් නොකිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.2 සහ 14.1 ඊ ව්‍යවස්ථා කඩ කරලා.. කථානායක මහින්ද යාපාට, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායකට සහ නීතිපතිට එරෙහිව නීතිඥ අරුණ ලක්සිරි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි...!
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඔක්තෝබර් 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි 3, 5, 14 සහ 22 වගන්ති නීතියක් බවට පත්වීමට ජනමතවිචාරණයක් මගින් අනුමැතිය ලබා ගත යුතුව ඇතිබව මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශකර ඇති බව එදින හැන්සාඩ් වාර්තාවේ දැක්වෙන බව නීතිඥවරයා සිය පෙත්සමේ දක්වා ඇත. එකී 3, 5, 14 සහ 22 වගන්ති යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 උ උ ව්‍යවස්ථා බවත් එකී ව්‍යවස්ථා 2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් එවකට කථානායකවරයා විසින් ජනමතවිචාරණයකට නොගොස් පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් සම්මත කරගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.1 ව්‍යවස්ථාව යටතේ සහතිකය යොදා නීතියක් කරගෙන තිබූ බවත් පෙත්සමේ දක්වා තිබෙනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව එකී ව්‍යවස්ථා 4 සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක අවශ්‍යතාවය ඇති බව, 2015.අප්‍රේල් 09 දින හැන්සාඩ් වාර්තාවේ කථානායකවරයාගේ ප්‍රකාශයේ නොදැක්වෙන බවත් නීතිඥවරයාගේ පෙත්සමේ සදහන් වෙන අතර එකී හැන්සාඩ් වාර්තා 2කම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. 2015 දී කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයෙන් පමණක් සිදුකරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 4ක් 2020 දී ප්‍රති සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් ද අවශ්‍ය බව කථානායකවරයා ප්‍රකාශ කිරීම සහ ඒ අනුව කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාවේ දැක්වෙන පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය අත්නොහැරිය යුතුය යන විධානය උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කාර නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කර තිබෙනවා. 2015 දී සිටි කථානායකවරයා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරමින් 80.1 ව්‍යවස්ථාව අනුව කරන ලද නීති පැනවීමක් නැවත යථාතත්ත්වයට පත් කිරීමට 2020 සිටින කථානායකවරයට අමතර බාධාවක් එනම් ජනමතවිචාරණයක් නියම වීමෙන් 76 ව්‍යවස්ථාව සහ 80.3 ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ක්‍රියා කර ඇති බවත්, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ඩබ්. බී. ඩී. දසනායක සහ නීතිපතිවරයා එය නිවැරදි කිරීමට පියවර ගෙන නැති බවත් පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා. එසේම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ඔක්තෝබර් 20 වන දින හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කිරීමෙන් සහ රාජ්‍ය භාෂාවෙන් ඇතුළත් නොකිරීමෙන් ජනතාවගේ භාෂා අයිතිය අහිමි කර ඇති බවත් ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරන අයට විශේෂ ආකාරයට සළකා ඇති බවත් එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.2 ව්‍යවස්ථාව සහ 14.1.ඊ ව්‍යවස්ථා වලින් ආරක්ෂා කර  අයිතිවාසිකම් අහිමි කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ඩබ්. බී. ඩී. දසනායක ක්‍රියා කර ඇති බවත් පෙත්සම්කාර නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කර තිබෙනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  80.1 ව්‍යවස්ථාව යටතේ සහතිකය යෙදුවහොත් එය 80.3 සහ 76 ව්‍යවස්ථා යටතේ වලංගු නීතියක් නොවන බවත්, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එවකට කථානායකවරයා 80.1 ව්‍යවස්ථාව යටතේ යොදා ඇති සහතිකය 80.3 ව්‍යවස්ථාව යටතේ අවස්ථාවෝචිතව යොදා ඇති සහතිකයක් නොවන වවත් ප්‍රකාශ කරන ලෙස නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ හැන්සාඩ් වාර්තාව ඇතුලත් කරන විට රාජ්‍ය භාෂාවෙන් ද එකී තීරණ ඇතුලත් කිරීමට කථානායකවරයාට සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට නියෝග කරන ලෙසත් පෙත්සමේ ඉල්ලා ඇති අතර, පාර්ලිමේන්තුවේ 2/3 ක මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක සම්මත වී ඇති 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව සටහන යොදා 80.2 ව්‍යවස්ථාව අනුව ඉදිරි පියවර ගැනීමට කථානායකවරයාට නියෝග කරන ලෙසත් නීතිඥ අරුණ ලක්සිරි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණ වෙතින් ඉල්ලා ඇති සහන පහත දැක්වේ...,

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...