20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී 76 වන ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට කථානායකවරයා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා කටයුතු කරයිද?
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී
76 වන ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට කථානායකවරයා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා කටයුතු කරයිද?
(නීතිඥ අරුණ ලක්සිරි උණවටුන - 2020.10.25)
2018 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබිණ. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබූයේ එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නොහැකි බවත්, පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා වසර 4 1/2 ක් ගතවන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නොහැකි බවයි.
2015 දී පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රී ඡන්දයෙන් සම්මත කරගත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවීමේ කාලය / සීමාව පාර්ලිමේන්තුව පත් වී වසර 1 සිට 4 1/2 ක් දක්වා වැඩි කර ගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීමෙනි.
2015 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කර ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවීමේ කාලය / සීමාව පාර්ලිමේන්තුව පත් වී වසර 1 සිට 4 1/2 ක් දක්වා
පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන් ගේ ඡන්දයෙන් පමණක වැඩි කර ගත්තද, 2002 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එකී 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ එම සංශෝධනය සිදු කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන් ගේ ඡන්දයත් ඊට අමතරව ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය හිමිවිය යුතු බවත් එවකට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණි.
2002 දී සහ 2015 දී ජනාධිපති නීති විශාරදයන් එකිනෙකට වෙනස් සහ පටහැනි ලෙස නීතිය අර්ථ දක්වා ගනිමින් ජනාධිපතිවරුන්ට සහ පාර්ලිමේන්තුවට කරුණු දක්වා තිබීම 2002 සහ 2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් 2ක් ඉදිරිපත් වීමත් 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට නොගැලපෙන ආකාරයට 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 2015 දී පාර්ලිමේන්තුව විසින් ක්‍රියා කිරීමත් පැහැදිලි කරයි.
දැන් නැවත ජනාධිපති නීති විශාරදයන්ගේ මගපෙන්වීම යටතේ 2020 දී ද 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඇතුලු තවත් ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ අදහසින්, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, එහි 14 වන වගන්තිය මගින් 2015 දී 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුකරගත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ සංශෝධනය නැවත පෙර තත්ත්වයට ගෙන යාමට උත්සාහ ගෙන තිබුණි. එනම් පාර්ලිමේන්තුව විසුරුවීමේ සීමාව වසර 4 1/2 සිට වසර 1 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබුණි.
ජනමතවිචාරණයක් නොපවත්වා 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 2015 දී පාර්ලිමේන්තුව කළ ක්‍රියාව ආපසු හැරවීමට 2020 දී 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 14 වගන්තිය මගින් උත්සාහ කර තිබුණද, එකී පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව එය සිදු කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රී ඡන්දය සහ ජනමතවිචාරණයකින් ජනතාවගේ අනුමැතිය ගැනීම අවශ්‍ය විය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යාමේදී 2002 දී සහ 2020 දී ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සමාන තත්ත්වයක් පෙන්නුවද, 2015 දී වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරන හෙයින් ඒ පිළිබද ජනාධිපති නීති විශාරදයන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව හෝ මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාව දැනුවත් නොකර කටයුතු කිරීම හේතුවෙන් වත්මන් පාර්ලිමේන්තුවට 76 ව්‍යවස්ථාව මගින් පවරා ඇති ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට සිදු වී ඇති තත්ත්වයක් උද්ගත වී ඇත.
එනම් 2015 දී සිටිකථානායකවරයා සිදු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ආපසු සිදු කිරීමට (Counter Amendment) වත්මන් කථානායකවරයා ව්‍යවස්ථාදායක බලය අත්හැර ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වේ.
මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව 76 ව්‍යවස්ථාවට පටහැනිව සංශෝධනය කිරීම සදහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 2/3 කගේ ඡන්දයෙන් සම්මත වී ඇති අතර 80.1 ව්‍යවස්ථාව යටතේ එයට කථානායකවරයාගේ සහතිකය ලබාගෙන නීතියක් කර ගැනීමට ජනාධිපති නීති විශාරදයන් බලාපොරොත්තු වෙයි.
මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි තත්ත්වයක් වන අතර, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.1 ව්‍යවස්ථව යටතේ සහතික කිරීමට මහින්ද යාපා අබෙවර්ධන කථානායකවරයා ක්‍රියා කළහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 80.3 ව්‍යවස්ථාව යටතේ නීතියක් ලෙස සැළකිය නොහැකි වේ.
කථානායකවරයා විසින් ජනාධිපති නීති විශාරදයන්ගේ උපදෙස් මත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට, සිදු කරන්නට යන 76 ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම 80.3 ව්‍යවස්ථාව යටතේ අවස්ථාවෝචිතව නීතියක් බවට පත් නොවීම වැළැක්වීමට ධම්මික දසනායක පාර්ලිමේන්තුවේ මහ ලේකම්ට සහ දප්පුල ද ලිවේරා නීතිපතිවරයාට ව්‍යවස්ථාපිත යුතුකමක් පැවරී ඇත.
arunaunawatuna@gmail.com
Comments
Post a Comment