19-20 සංශෝධන, ඇමතිවරුන්ගේ පුද්ගලික විශ්වාස, සාමූහික වගකීම, සිංගර් සහ 09 වන ව්‍යවස්ථාව...!
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.11.15)
arunaunawatuna@gmail.com
අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීමෙ නව ප්‍රවණතාවය අධිකරණ ඇමති රටටම
උගන්වමින් සිටින අවස්ථාවක 19-20 සංශෝධන, අධිකරණ ඇමති, සිංගර් සහ 09 වන ව්‍යවස්ථාව පිළිබද මේ කෙටි සටහන තබමි.
ඇමතිවරු තමන්ගේ පුද්ගලික විශ්වාස ක්‍රියාත්මක කිරීමට ඇමති ධූර භාවිත කරමින් සිටින අතර වෙනත් දේ මෙන්ම ඇමතිවරුන්ගේ
සාමූහිකව වගකීමද නීතියට සීමා වී ඇත.
19 යේදී 2/3 න් කළ සංශෝධන නැවත ප්‍රතිසංශෝධනය කරන්න 20 න් බැරි වීම ගැන කිසිවෙකු කිසිවක් නොකියයි. 2015 දී 19 වන සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33,35,70 සහ 104 ව්‍යවස්ථා පාර්ලිමේන්තුවේ 2/3 න් සංශෝධනය කරගත් බවත් එකී සංශෝධන 2020 දී පාර්ලිමේන්තුවට ප්‍රතිසංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 න් නොහැකිවීම ගැන ප්‍රජාතන්ත්‍රවාදීයෝ නිහඩය.
ගෝඨාභය ජනාධිපති 2/3 න් කරගන්න
බලාපොරොත්තු වූ 20 ඒ අකාරයෙන් 2/3 න් කරගන්න බැරි වුණේ ඇයි කියා විමසන්න කෙනෙක් හොයා ගන්නනට නැත.
(76.1 ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට හිමිකර දි ඇති ව්‍යවස්ථාදායක බලය 2020 පාර්ලිමේන්තුවට අත්හරින්න සිද්ධ වුණා)
78.3 ව්‍යවස්ථාවට පටහැනිව ඇමති සංඛ්‍යාව වැඩි කරන ජාතික ආණ්ඩුව පිහිටුවන සංශෝධනය කාරක සභා අවස්ථාවේ දි 20ට ඉංග්‍රීසියෙන් සංශෝධන ගෙනවිත් ඇතුලත් කර ගත්ත. 19 යෙන් ගෙනා ඇමති සංඛ්‍යාව වැඩි කරන්නා ජාතික ආණ්ඩු ව්‍යවස්ථාව 20 දීත් කාරක සභා අවස්ථාවේ ගෙන ඒමට ප්‍රජාතන්ත්‍රවාදීයෝ සූක්ෂමව වූහ.
20 ට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් හැන්සාඩ් වාර්තාවට ඇතුල් කරගන්න සිංහලයන්ට ශක්තිය නැති බව ඔප්පු විය. සිංහල භාෂාවට ප්‍රජාතන්ත්‍රවාදීයෝ කුඩම්මාගේ සැලකිල්ල දැක්වූහ.
ආසාදිතව මිය ගිය අයෙකුගේ දේහයකින් කෝවිඩ් - 19 වෛරසය ඉවත්වෙන්න දින..සති..මාස..අවුරුදු කීයක් යනවද? කියල කියන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොහැකිව තිබියදී කොළඹ නියෝජිත හානා සිංගර් කෝවිඩ් සිරුරු භූමදානය සම්බන්ධයෙන් අගමැතිකරයාට, විදේශ ඇමතිවරයාට, සෞඛ්‍යය ඇමතිවරයාට සහ අධිකරණ ඇමතිවරයාට ලිපියක් එවා ඇත. ඒ ලිපිය 9 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට රජය සහ සෞඛ්‍යය අංශ පෙළඹවීමක් පමණක් නොව රටේ ස්වාධිපත්‍යයට අත පෙවීමක් ද වේ.
විශ්වාසය සහ අවිශ්වාසය අතර හෝ විශ්වසය සහ විශ්වාසය අතර හෝ අවිශ්වාසය සහ අවිශ්වාසය අතර වෙනස්කමකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්වාසය කවර පැත්තක් ගනීවිද යන්න විනිශ්චය කිරීමේදී 9 වැනි ව්‍යවස්ථාව තීරණාත්මක වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්වාසය නීතිමය විශ්වාසය ද? අධිකරණ ඇමතිවරයා මෙන් පුද්ගලික විශ්වාසය ද යන්න කීමට තවම කල් වැඩිය.
9 වැනි ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය සහ ඉංග්‍රීසි භාෂා පාඨය අතර ඇති වෙනස මෙහිදී සාකච්ඡාවට ලක කළ යුතු වේ.
පුද්ගලිකත්වය සහ බලය සහ අධිපතීත්වය ප්‍රමුඛස්ථානය ගන්නා රටක, 9 වන ව්‍යවස්ථාවේ දක්වා ඇති "ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය" යන්නට පිළිගැනීමක් ලැබේවිද? යන්න බුද්ධියෙන් විමසීම හිත සුව පිණිස වේ.
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

Comments
Post a Comment