Skip to main content

19න් පත් වී නීතිවිරෝධීව සිටි අධිකරණ ඇමති 20න් නීත්‍යානුකූල අධිකරණ ඇමති වීමේ "කැකිල්ලේ නාටකය" මෙන්න....

19න් පත් වූ ඇමතිලාට 20න්ද දිගටම ඇමතිලා වීමට අන්තර්කාලීන විධිවිධානයක් (Transitional Provision) 20 නොමැති බව පසුව දැනගත් "කැකිල්ලේ ඇමති" කවුද? 19න් පත් වී නීතිවිරෝධීව සිටි අධිකරණ ඇමති 20න් නීත්‍යානුකූල අධිකරණ ඇමති වීමේ "කැකිල්ලේ නාටකය" මෙන්න.... (අධිකරණ ඇමති ඉල්ලා අස්වී නැවත අධිකරණ ඇමති ලෙසම පත් වීමෙන් නීති විරෝධීව අධිකරණ ඇමති ලෙස ධූර දැරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැරැද්ද නිවැරදි කිරීමට හැකිද?) මෙම කැකිල්ලේ නාටකයෙන් නීතිමය අර්බුදයකට යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 ව්‍යවස්ථාවත් මිස අධිකරණ ඇමති නොවේ..
පසුගියදා ඉල්ලා අස්වුණේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 ව්‍යවස්ථාව යටතේ පත් නොවූ නීතිවිරෝධී ඇමති මණ්ඩලයකි. (2022.04.07) http://neethiyalk.blogspot.com/2022/04/20-53.html?m=1 "20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2020 ඔක්තෝබර් 29 දින කතානායක සහතිකය යොදා ක්‍රියාත්මක වීමෙන් පසු අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත් කර තිබුණේ නැත. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 2020 අගෝස්තු 12 දින පත් කර සිටි අගමැති සහ ඇමති මණ්ඩලය දිගටම නීතිවිරෝධීව ධූර දරම්න් සිටියේය. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පූර්වයෙන් ධූර දැරූ අගමැති සහ ඇමති මණ්ඩලයට අදාල අන්තර්කාලීන විධිවිධානයක් (Transitional Provision) නොමැති අතර ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට සහ ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන්ට අඛණ්ඩව ධූර දැරීමට අන්තර්කාලීන විධිවිධානයක් (Transitional Provision) ඇත. 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 53 ව්‍යවස්ථාව අනුව අගමැති සහ ඇමති මණ්ඩලයට අන්තර්කාලීන විධිවිධානයක් (Transitional Provision) නැති අතර 20 ක්‍රියාත්මක වීමත් සමගම අලුතින් අගමැති සහ ඇමති මණ්ඩලය පත් කිරීම කළ යුතු විය. මේ දක්වා 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 53 ව්‍යවස්ථාව අනුව අගමැති සහ ඇමති මණ්ඩලයක් පත් කර නැත. ඒ අනුව පසුගියදා ඉල්ලා අස්වුණේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 ව්‍යවස්ථාව යටතේ පත් නොවූ නීතිවිරෝධී ඇමති මණ්ඩලයක් බව නීතිමය කියවීමයි. මේ සම්බන්ධයෙන් 2021.07.06 දින මේ ලියුම්කරු විසින් ලියන ලද ලිපිය සඳහා පහත අන්තර්ජාල සබැඳිය වෙත පිවිසෙන්න. සම්පූර්ණ ඇමති සංශෝධනයක් කරන්නේ අගමැති සහ ඇමතිවරු 20 යටතේ දිව්රුම් දීමට සළස්වා 2020 ඔක් 29 සිට 20වන සංශෝධනයට පටහැනිව යන අගමැති, ඇමති මණ්ඩලය සහ රාජ්‍ය සේවය නීතියට ගැනීමටද?" සම්පූර්ණ ඇමති සංශෝධනයක් කරන්නේ අගමැති සහ ඇමතිවරු 20 යටතේ දිව්රුම් දීමට සළස්වා 2020 ඔක් 29 සිට 20වන සංශෝධනයට පටහැනිව යන අගමැති, ඇමති මණ්ඩලය සහ රාජ්‍ය සේවය නීතියට ගැනීමටද? (2021.07.06) http://neethiyalk.blogspot.com/2021/07/20-2020-29-20.html?m=1 "ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වූ සමයේ තේරීපත් වී ජනාධිපති ධූරයේ දිව්රුම් දෙන ලදී. එසේම 2020.08.05 දින පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලද්දේත් 19 ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන යටතේ වන අතර එමෙන්ම මහනුවරදී 2020 අගෝස්තු 12 දින දිවුරුම් දෙන ලදී. ඒ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේය. ඉන් පසු 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගනිමින් 2020 ඔක්තෝබර් මස 29 දින කථානායක සහතිකය යොදා ඇත. ඒ අනුව 2020 ඔක්තෝබර් 29 දින සිට 19 ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ කොටස්වල ක්‍රියාකාරීත්වය 20 වන සංශෝධනයෙන් වෙනස් විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VIII පරිච්චේදයත් එසේ සංශෝධනය වූ පරිච්චේදයකි. එනම් අමාත්‍ය මණ්ඩලයට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VIII වන පරිච්චේදය සම්පූර්ණයෙන්ම ඉවත් කර අලුත් පරිච්චේදයක් ඇතුලත් කිරීමට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 7 වන වගන්තිය මගින් සිදුකර ඇත. ඒ අනුව වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අලුත් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VIII වන පරිච්චේදයයි. දැන් පැන නගින ගැටලුව වන්නේ මහනුවරදී 2020 අගෝස්තු 12 දින දිවුරුම් දුන් ඇමතිවරුන් එනම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ දිව්රුම් දුන් ඇමතිවරුන් ස්ව්‍යංක්‍රීයවම 2020 ඔක්තෝබර් 29 දින සිට එනම් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇමතිවරුන් වන්නේද යන්නයි. එය එසේ නොවේ මන්ද යත් 20 වන සංශෝධනයෙන් ඇතුළත් වූ 53 වගන්තිය නිසා නැවත ඇමතිවරු දිව්රුම් දීම කළ යුතු වේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්කාලීන විධිවිධානවලින් විනිසුරුවරුන්ගේ සහ ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන්ගේ ධූර ආරක්ෂා කර තිබුණත් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පත්වූ ඇමතිවරුන්ගේ ධූර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සාංශෝධනයේ අන්තර්කාලීන විධිවිධානය මගින් ආරක්ෂාකර නැති බවත් 20 වන සංශෝධනයේ 58 වගන්තිය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 161 ව්‍යවස්ථාව අනුව ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරාපත් කරගත් ලෙස සැළකිය යුතු බව දක්වා තිබුණත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ “අමාත්‍ය මණ්ඩලය” පරිච්ඡේදයම සංශෝධනය කර අලුතින් ඇතුල්කර ඇති හෙයින්, ඊට පෙර සිටි 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පත් වූ සහ දිව්රුම් දුන් ඇමතිවරුන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුත් ඇමතිවරුන් ලෙසම සැළකීමට අන්තර්කාලීන වීධිවිධානයක් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 58 වන වගන්තියේ නොදැක්වෙයි. ඒ අනුව පැහැදිලි වන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ දිව්රුම් දුන් ඇමතිවරු හැර 19 ව්‍යවස්ථා සංශෝධනය මගින් පමණක් දිව්රුම් දුන් ඇමතිවරු සහ අගමැතිවරයා සම්බන්ධයෙන් බලවත් නීතිමය දෝෂයක් පවතින බවයි. වර්තමානයේ සම්පූර්ණ ඇමති සංශෝධනයක් ගැන පුවත් පළ වෙන්නේ 20වන සංශෝධනයෙන් පත් නොවූ, 19 යේ අගමැති සහ ඇමතිවරු තවමත් ඉන්නා නිසාද? යන්න ඉදිරියේදී සමාජයට නිරාවරණය වෙනු ඇත. " මෙහිදි විමසා බැලිය යුතු වැදගත් කරුණක් වන්නේ "GOTAGOGAMA" ලෙස නම් කර ගනිමින් මේ දින වල ගාලුමුවදොර පවතින අරගලය සහ නැවත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට ගන්නා උත්සාහයත්, එමගින් නැවත වසර 4 1/2ක් යන තෙක් පාර්ලිමේන්තුව විසිරුවීමට ජනාධිපතිවරයාට සීමා පැනවීමට යන්නේද යන්නයි. කැකිල්ලේ නාටකයත්, ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියත් අතර සමීප සම්බන්ධතාවයක් තිබේද යන්නත් ජනතාව බුද්ධියෙන් විමසීම වටී. මන්ද යත් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමෙන් පසු පසුගියදා අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වන තෙක්, නීතී විරෝධීව ආමාක්‍ය මණ්ඩලයක් පවක්වාගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂිභියෝගයක් ගෙන ඒමට අවස්ථාව සළසා ගන්නේද යන්නයි. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0342256066, 0342256067,0712063394 (2022.04.27)

Comments

  1. නීති විරෝධී ඇමති මණ්ඩලය මේ හදිසියේම නීත්‍යානුකූල කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කරන්න.

    ReplyDelete
  2. හොද ලිපියක්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය