Skip to main content

රජය සහ රජයේ නිලධාරීන් සිඳුකරන වැරදිවලට එරෙහිව නීතිඥවරුන් පුද්ගලිකව පවරන නඩු වලදී නීතීඥවරයෙකු ලෙසම නඩුවට පෙනී සිටීමට නීතීඥවරුන්ට නොහැකිද? (නීතිමය විමර්ශනයකි)

රජය සහ රජයේ නිලධාරීන් සිඳුකරන වැරදිවලට එරෙහිව නීතිඥවරුන් පුද්ගලිකව පවරන නඩු වලදී නීතීඥවරයෙකු ලෙසම නඩුවට පෙනී සිටීමට නීතීඥවරුන්ට නොහැකිද? (නීතිමය විමර්ශනයකි)
නීතීඥවරයෙකුට තමන් පවරන නඩුවක නීතිඥවරයා ලෙස පෙනී සිටිමින් තමන්ගේ නඩුව පවත්වාගෙන යාම වැළක්විය හැකිද? විදවතුන් නිතර විමසන  වැදගත් නීති ප්‍රශ්නයකි. නීතියේ පාලනය පිළිබඳ ප්‍රශ්නයකි. නීතියට ඇති සාධාරණ ප්‍රවේශය පිළිබඳ ප්‍රශ්නයකි. නීතියේ රැකවරණය පිළිබඳ ප්‍රශ්නයකි. සමාජ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයකි. නීතීඥවරයෙකු තමන් පවරන නඩුවක  නීතිඥවරයා ලෙස පෙනී සිටීමින් එම නඩුව පවත්වාගෙන යාම බොහෝවිට මෙරට අධිකරණවල දක්නට ලැබේ.  එය දීර්ඝ කාලයප් පැවති පිළිගත් සම්ප්‍රදායක්ද, නීතියට අනුකූල තත්ත්වයක්ද, බොහෝ නීතිඥවරුන් අනුගමනය කරන ක්‍රියාවක්ද වෙයි. මෙම ලිපිය ලියන නීතිඥවරයාද පුද්ගලිකව කරුණු ඉදිරිපත් කරමින්  ‍ පනත් කෙටුම්පත් අභියෝග කරමින් ජයගත් අයෙක්වන අතර (කියවන්න 2021 ජූලි 06 අඟහරුවාදා පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව 1387-1449 පිටු)  වෙනම රටක් වෙනුවෙන්  අරමුණු පරමාර්ථ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථාව, ජනාධිපතිවරයාට එරෙහි මූලික අයිතිවාසිකම් නඩු මෙන්ම, විවිධ පුද්ගලයන් විසින් ගෙන ආ නඩු නිමිතිවලට එරෙහිව සිවිල් අභියාචනා මහාධිකරණයේද පුද්ගලිකව නඩු පවරා නීතිඥවරයෙකු ලෙසම පෙනී සිට ඇත. නීතීඥවරයෙකුගේ වෘත්තීය කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136 ව්‍යවස්ථාව මගින් පාලනය කරන අතර ඒ අනුව 1988 ශ්‍රේෂ්ඨාධිකරණයේ (නීතීඥවරයන් සඳහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාරධර්ම පිළිබඳ) රීති, 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත මගින් එය විධිමත් කර පාලනය කර හැඩගස්සවා ඇත. නීතීඥවරයෙකු තමන් පවරන නඩුවක  නීතිඥවරයා ලෙස පෙනී සිටීමින් එම නඩුව පවත්වාගෙන යාම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නොවන වෙනත් ආකාරයකින් වැළැක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 9, 10, 11, 12, 14, 28, 121, 126, 134, 136 ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමකි. එමෙන්ම සිවිල් නඩු විධාන සංග්‍රහ පනතේ 834 වගන්තිය මගින්ද විනිසුරුවරු සහ නීතිඥවරුන්ගේ වරප්‍රසාද ගැන දක්වා ඇති අතර එයද උල්ලංඝනය කිරීමකි. එම නීති ප්‍රතිපාදන නොතකා නීතීඥවරයෙකු තමන් පවරන නඩුවක  නීතිඥවරයා ලෙස පෙනී සිටීම වළක්වන එනම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නොවන වෙනත් ආකාරයකින් වළක්වන තැනැත්තන්ට එරෙහිව 1969 අංක 22 දරන රාජ්‍ය (සිවිල් වරදෙහිලා වගකීම්) පනත (State (Liability in Delict) Act), දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තියේ වැරදි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතාන්විතව උල්ලංඝනය කිරීම, 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත යටතේ නඩු නිමිති හටගන්නා අතර, මහේස්ත්‍රාත් අධිකරණයේ, දිසා අධිකරණයේ, මහාධිකරණයේ, අභියාචනාධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා සහන, වන්දි ලබා ගත හැකිය. (නීතීඥවරයෙක් අධිකරණයේදී තමන්ගේ වෘත්තීය සැඟවීම, සැඟවෙන ආකාරයට ක්‍රියා කිරීම වරදක් වන බවද, නීතිඥවරයෙකු අපරාධ නඩුවක චූදිතයෙකු වන විට සහ තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩුවක් විභාග කරන විට මේ තත්ත්වය වෙනස්වන බවද එහිදී නීතීඥ වෘත්තීය තත්ත්වය අහිමි කරවන බවද ලේඛකයාගේ අදහසයි.) නීතිඥ අරුණ ලක්සිරි උණවටුන. B.Sc(Col, PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2022.10.10)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...