Skip to main content

52.25% ඡන්ද ගෙන මාස 60 කට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට වූයේ ඇයි? ඔහු රැක ගැනීමට ජනතාව පෙරට නොආවේ ඇයි?

52.25% ඡන්ද ගෙන මාස 60 කට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට වූයේ ඇයි? ඔහු රැක ගැනීමට ජනතාව පෙරට නොආවේ ඇයි?
2019 නොවැම්බර් 16 දින පැවති ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය 17 දින සවස කොළඹ මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරීම සිදුවිය. ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වලංගු සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 52.25%ක් ලබාගෙන එනම් ඡන්ද 6,924,255 ක් ලබාජනාධිපතිවරණය ජයග්‍රහණය කරද්දී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාවූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස වලංගු ඡන්ද ප්‍රමාණයෙන් ලබාගත්තේ 41.99%ක් එනම් ඡන්ද 5,564,239 කි. 2019 නොවැම්බර් මස 16 පැවති ජනාධිපතිවරණයෙන් ලක්ෂ 69කට අධික ඡන්ද ප්‍රමාණයක් ලබා ජනාධිපතිවරයා ලෙස ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාව තෝරා ගත්තද 2022 මැයි මාසයේදී ඔහුට ජනාධිපති ධූරය අත්හැරීමට සිඳුවිය. මාස 60ක් ජනාධිපති ධූරද දැරීමට හැකියාව තිබුණද මාස 30කින් ජනාධිපති ධූරය  අත්හැරීමට ඔහුට සිඳුවිය. 2019 නොවැම්බර් පවති ජනාධිපතිවරණයෙන් 52.25% ඡන්ද ගෙන මාස 60 කට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට වූයේ ඇයි? ඔහු රැක ගැනීමට ජනතාව පෙරට නොආවේ ඇයි? යන්න පිළිබඳ සාකච්ඡාවකට මෙම කෙටි ලිපිය අදහස් කරයි. සිංහල ජනතාවගේ බහුතරයක් 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස තෝරා ගත්තද ඔහු ඒ තමන්ට ඡන්දය දුන් සිංහල ජනතාවට සිංහලෙන් නීතිය ඉගෙනීමට සහ සිංහලෙන් නීති විභාගවලට පෙනී සිටීමේ අයිතිය අහිමි කරන 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය පළ කිරීමට අධිකරණ ඇමති අලි සබ්‍රිට සහ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවට ඉඩ දුන්නේය. සිංහල ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණ සිංහල ජනතාවගේ නෛතික ආරක්ෂාව අහිමි කිරීම ගැන ඔහුට ඡන්දය දුන් ජනතාවගේ හිත බිඳී ගියේය. ( මෙම ගැසට් පත්‍රය ප්‍රතික්ෂේප කරමින්  2023.03.21 පාර්ලිමේන්තුව විසින් එකී වරද නිවැරදි කළේය) ෆාස්කු ප්‍රහාරය, මහ බැංකු බැදුම්කර ගණුදෙනු ගැන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විධිමත් ක්‍රියා මාර්ග නොගැනීම ගැන ඔහුට ඡන්දය දුන් ජනතාවගේ හිත බිඳී ගියේය. රටේ දේශීය නිෂ්පාදන ආර්ථිකය සහ දේශීය ගොවියා ආරක්ෂා කිරීමට සඵල ක්‍රියා මාර්ග නොගැනීම ගැන ඔහුට ඡන්දය දුන් ජනතාවගේ හිත බිඳී ගියේය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නේය කියා බලය ගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එය ඉටු නොකර ජාතික ආණ්ඩු වැනි විධිවිධාන රඳවා ගැනීමත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සීමා පෙර තත්ත්වයට නොගෙනීම ගැනත් 2002 දි ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් විනිසුරුවරු හත් දෙනාගේ තීරණය නොතකා 2015 දී නැවත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ වැරැද්ද නිවැරදි නොකිරීම ගැන ඔහුට ඡන්දය දුන් ජනතාවගේ හිත බිඳී ගියේය. ඉහත කාරණා අධ්‍යයනය කිරීමේදී 52.25% ඡන්ද ගෙන මාස 60 කට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට වූයේ ඇයි? ඔහු රැක ගැනීමට ජනතාව පෙරට නොආවේ ඇයි? යන ප්‍රශ්න වලට විසඳුම් ලබා ගැත හැකිය. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2023.05.10)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය