Skip to main content

52.25% ඡන්ද ගෙන මාස 60 කට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට වූයේ ඇයි? ඔහු රැක ගැනීමට ජනතාව පෙරට නොආවේ ඇයි?

52.25% ඡන්ද ගෙන මාස 60 කට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට වූයේ ඇයි? ඔහු රැක ගැනීමට ජනතාව පෙරට නොආවේ ඇයි?
2019 නොවැම්බර් 16 දින පැවති ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය 17 දින සවස කොළඹ මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරීම සිදුවිය. ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වලංගු සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 52.25%ක් ලබාගෙන එනම් ඡන්ද 6,924,255 ක් ලබාජනාධිපතිවරණය ජයග්‍රහණය කරද්දී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාවූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස වලංගු ඡන්ද ප්‍රමාණයෙන් ලබාගත්තේ 41.99%ක් එනම් ඡන්ද 5,564,239 කි. 2019 නොවැම්බර් මස 16 පැවති ජනාධිපතිවරණයෙන් ලක්ෂ 69කට අධික ඡන්ද ප්‍රමාණයක් ලබා ජනාධිපතිවරයා ලෙස ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාව තෝරා ගත්තද 2022 මැයි මාසයේදී ඔහුට ජනාධිපති ධූරය අත්හැරීමට සිඳුවිය. මාස 60ක් ජනාධිපති ධූරද දැරීමට හැකියාව තිබුණද මාස 30කින් ජනාධිපති ධූරය  අත්හැරීමට ඔහුට සිඳුවිය. 2019 නොවැම්බර් පවති ජනාධිපතිවරණයෙන් 52.25% ඡන්ද ගෙන මාස 60 කට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට වූයේ ඇයි? ඔහු රැක ගැනීමට ජනතාව පෙරට නොආවේ ඇයි? යන්න පිළිබඳ සාකච්ඡාවකට මෙම කෙටි ලිපිය අදහස් කරයි. සිංහල ජනතාවගේ බහුතරයක් 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස තෝරා ගත්තද ඔහු ඒ තමන්ට ඡන්දය දුන් සිංහල ජනතාවට සිංහලෙන් නීතිය ඉගෙනීමට සහ සිංහලෙන් නීති විභාගවලට පෙනී සිටීමේ අයිතිය අහිමි කරන 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය පළ කිරීමට අධිකරණ ඇමති අලි සබ්‍රිට සහ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවට ඉඩ දුන්නේය. සිංහල ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණ සිංහල ජනතාවගේ නෛතික ආරක්ෂාව අහිමි කිරීම ගැන ඔහුට ඡන්දය දුන් ජනතාවගේ හිත බිඳී ගියේය. ( මෙම ගැසට් පත්‍රය ප්‍රතික්ෂේප කරමින්  2023.03.21 පාර්ලිමේන්තුව විසින් එකී වරද නිවැරදි කළේය) ෆාස්කු ප්‍රහාරය, මහ බැංකු බැදුම්කර ගණුදෙනු ගැන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විධිමත් ක්‍රියා මාර්ග නොගැනීම ගැන ඔහුට ඡන්දය දුන් ජනතාවගේ හිත බිඳී ගියේය. රටේ දේශීය නිෂ්පාදන ආර්ථිකය සහ දේශීය ගොවියා ආරක්ෂා කිරීමට සඵල ක්‍රියා මාර්ග නොගැනීම ගැන ඔහුට ඡන්දය දුන් ජනතාවගේ හිත බිඳී ගියේය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නේය කියා බලය ගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එය ඉටු නොකර ජාතික ආණ්ඩු වැනි විධිවිධාන රඳවා ගැනීමත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සීමා පෙර තත්ත්වයට නොගෙනීම ගැනත් 2002 දි ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් විනිසුරුවරු හත් දෙනාගේ තීරණය නොතකා 2015 දී නැවත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ වැරැද්ද නිවැරදි නොකිරීම ගැන ඔහුට ඡන්දය දුන් ජනතාවගේ හිත බිඳී ගියේය. ඉහත කාරණා අධ්‍යයනය කිරීමේදී 52.25% ඡන්ද ගෙන මාස 60 කට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට වූයේ ඇයි? ඔහු රැක ගැනීමට ජනතාව පෙරට නොආවේ ඇයි? යන ප්‍රශ්න වලට විසඳුම් ලබා ගැත හැකිය. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2023.05.10)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...