Skip to main content

ශ්‍රී ලංකාවේ නාසි - ඉංග්‍රීසින්ට තවදුරටත් ඉඩදෙමුද? ආසියාවේ නේටෝවද? රුසියාවේ - ප්‍රංශයේ න්‍යෂ්ටික තාක්ෂණයද?

ශ්‍රී ලංකාවේ නාසි - ඉංග්‍රීසින්ට තවදුරටත් ඉඩදෙමුද? ආසියාවේ නේටෝවද? රුසියාවේ - ප්‍රංශයේ න්‍යෂ්ටික තාක්ෂණයද?
ජාත්‍යන්තර භාෂා 6ක් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන ඇත. එකී භාෂා 6 වන්නේ ප්‍රංශ, ස්පාඤ්ඤ, රුසියන්, චීන, අරාබි සහ ඉංග්‍රීසි භාෂාවන් ය. එකී ජාත්‍යන්තර භාෂා 6 අතරෙන් ශ්‍රී ලංකාවේදී ඉංග්‍රීසියට පමණක් ප්‍රමුඛස්ථානය දෙන්නේ ශ්‍රී ලංකාවේ නාසි - ඉංග්‍රීසින්ගේ බලපෑමත්, ශ්‍රී ලංකාවේ නාසි - ඉංග්‍රීසීන්  අනෙක් ජාත්‍යන්තර භාෂා 5 නොදන්නාකමත්, 1815 සිට එංගලන්තය විසින් ශ්‍රී ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පාලනය කිරීමත්ය. වර්ෂ 1948 සිට වසර 74කට වැඩි කාලයක් ඉංග්‍රීසියට පමණක් ප්‍රමුඛස්ථානය ලබාදී ශ්‍රී ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පාලනය ගෙන යාමට දේශපාලන පක්ෂවලට බෙදී සිටින නාසි - ඉංග්‍රීසි කණ්ඩායම්වලට හැකි විය. එසේ වුවත් රට දියුණු වුණාද? බෙදුම්වාදය නතර වුණාද? යන්න විද්වතුන් ගැඹුරින් සාකච්ඡාවට ලක් කළ යුතුය. ii වන ලෝක යුද්ධයේදී ජරමනියේ ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රමුඛ නාසීන් ජනසංහාරක් කළේය. නාසින්ගේ පාලනය යුරෝපයේ සාමය බිඳී ගියේය. වර්තමානයේ නේටෝවේ සහාය ලැබෙන යුක්‍රේනය සහ රුසියාව අතර යුද්ධයකි. ඒ අතර ආසියාවේ නේටෝවක් ගැනද සාකච්ඡා ඇත. මේ දිනවල ඉංග්‍රීසි ජාතික භාෂාවක් කිරීමේ උත්සාහයද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සමාජය හමුවට ගෙනවිත් ඇත. ඉංග්‍රීසි ජාතික භාෂාව කිරීමට යාම ශ්‍රී ලංකාවේ දියුණුවටද, ඉන් බෙදුම්වාදය අවසන් වෙයිද, ආසියාවේ නේටෝවට ලංකාවේ අනාගත බැඳීම වෙනුවෙන්ද යන්න තීරණාත්මක ප්‍රශ්නය. රුසියාවට සහ චීනයට එරෙහිව ගොඩනගන ආරක්ෂක වළල්ලක් ලෙස ආසියාවේ නේටෝවට ශ්‍රී ලංකාවද එහි සාමාජිකත්වය ගැනීම ගැනද සාකච්ඡාවක් ඇත. ඒ සඳහා පෙර සූදානම් කිරීමක් ඉංග්‍රීසි ජාතික භාෂාව කිරීමෙන් බලාපොරොත්තු වන්නේද යන්නද විවාදිත කරුණුය. ශ්‍රී ලංකාවේ නාසි - ඉංග්‍රීසි බලහත්කාරය රටේ තිරසර සංවර්ධනයට, නීතියේ පාලනය පිහිටුවීමට, සාධාරණ සමාජයකට, අධිකරණයේ ස්වාධීනත්වයට, යහපාලනයට, වගවීමට, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර ලෙස බලපා ඇති බවද ඒ සමගම ජනතාව අතර සාකච්ඡාවක් ඇත. ජාතික විදුලි අවශ්‍යතාවය වෙනුවෙන් රුසියාවෙන් සහ ප්‍රංශයෙන් න්‍යෂ්ටික බලාගාර තාක්ෂණය ලබා ගැනීම ගැනද පරමාණුක බලශක්ති අධිකාරිය සාකච්චා පවත්වන බවද මාධ්‍යයේ පළවෙයි. ශ්‍රී ලංකාවේ නාසි - ඉංග්‍රීසි බලහත්කාරය  දෙමළ ජනතාව මාර්ගයෙන් යොදවා ගැනීම කාලයක සිටම සිදුවිය. ඒ සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ. 1. වාහන වලින් ශ්‍රී අකුර ඉවත් කිරීම. 2. බලය බෙදන්න 13වන සංශෝධනය ගෙන ඒම. 3. දෙමළ රාජ්‍ය භාෂාව කිරීම. 4. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම. 5. 13 වන සංශෝධනයෙන් දකුණේ පළාත් 7ක පිහිටවූ අධිකරණ වලින් සිංහලෙන් නඩු විභාග කිරීම නීතියට පටහැනිව වැළැක්වීම. 6. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැරදි ලෙස නතර කිරීම. 7. රජයේ දේපල පුද්ගලීකරණය කිරීම. 8. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහලෙන් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලා සිටියද එය ලබා නොදී පාර්ලිමේන්තු වරප්‍රසාද නොතකා සිටීම. 9. සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ ඇති වෙනස යටපත් කරවීම. 10. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාවේ දක්වා ඇති බුද්ධ ශාසන අධිකරණ නොපිහිටුවීම. ශ්‍රී ලංකාවේ නාසි - ඉංග්‍රීසින්ට තවදුරටත් ඉඩදෙමුද? ආසියාවේ නේටෝවද? රුසියාවේ - ප්‍රංශයේ න්‍යෂ්ටික තාක්ෂණයද? යන්න ගැන ජනතාව අවධානයෙන් සිටිය යුතුය. ඒ අන්දෙයක් නිසා නොව ආසියාවේත්, ශ්‍රී ලංකාවේත් සාමය රඳා පවතින්නේත්, බුද්ධ ශාසනය සුරක්ෂිත වන්නේත් ශ්‍රී ලංකාවේ නාසි - ඉංග්‍රීසින් පාලනය කිරීමට ජනතාව දක්වන සමත්කම මතවන හෙයිනි. ජාත්‍යන්තර භාෂා 6ට සමතැන ලබා දෙමු...! ජාත්‍යන්තර භාෂා 6ම ජාතික භාෂා කරමු...! ආසියාවේ සාමය සුරකිමු...! අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතීඥ  නීති ග්‍රන්ථ කර්තෘ, මුද්‍රිත/විද්‍යුත් මාධ්‍ය ලේඛක සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0342256066, 0712063394

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...