ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධ ශාසනය ගැන දක්වා ඇති ස්ථාන 06.(ඉංග්‍රීසි ව්‍යවස්ථාවේ ඇත්තේ ස්ථාන 05කය)
1. පූර්විකාවේ 'සවස්ති'
2. පූර්විකාවේ 'ශ්‍රී බුද්ධ වර්ෂ'
3. 9වන ව්‍යවස්ථාවේ මුල් වාක්‍යයේ ''බුද්ධාගම'
4. 9වන ව්‍යවස්ථාවේ දෙවන වාක්‍යයේ ''බුද්ධ ශාසනය'
(ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වැනි ව්‍යවස්ථාවේ වාක්‍ය 2ක් නැත.)
5. 105.4 ව්‍යවස්ථාවේ දැක්වෙන බුද්ධ ශාසනයට අදාල අධිකරණය
6. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවසානයේ පාදස්ථානයේ ඇති රාජා භවතු ධම්මිකෝ - සිද්ධිරස්තු පාඨය.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
2023 මැයි 22 (ජනරජ දින) ප.ව. 2-5 දක්වා
කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාව
දුරකථන 0342256066, 0712063394
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

Comments
Post a Comment